Episode 23

597 93 23
                                    


කොෆි ශොප් එක ඇතුළෙ සෙනඟ වැඩි වෙලා කොච්චර කාර්යබහුල වාතාවරණයක් තිබුණත් යේජින්ගෙ ඇස් කොයිවෙලෙත් නැවතුණේ ෆෝන් ස්ක්‍රීන් එක මත.  ජිමින් කිව්ව විදිහටම ministry එකට ගිහින් ඇවිත් කෝල් කරයි කියන බලාපොරොත්තුවෙන් යේජින් ගොඩාක් නොයිවසිල්ලෙන් මඟ බලන් හිටියෙ එයාගෙ හස්බන්ඩ්ට අද දවසේ මුහුණ දෙන්න වුණ කිසිම අකරතැබ්බයක් ගැන නොදැනයි. දවල් වෙනකන් බලාගෙන හිටියත් එක සැරයක්වත් ජිමින්ගෙන් කෝල් එකක් තියා අඩුම තරමේ මැසේජ් එකක්වත් ලැබුණෙ නෑ. එතකොට ජිමින් උදේ කිව්ව වචන වල කිසිම තේරුමක් නැද්ද..... තප්පරයකට යේජින්ගෙ හිතට එහෙම සිතුවිල්ලක් ආවත් ඒක විශ්වාස කරන්න තරම් කෙල්ලගෙ මුරණ්ඩු හිත පොඩ්ඩක්වත් සූදානම් නෑ.

'සමහරවිට ජිමින් තාම බිසී ඇති. ඒත් එයා කිව්වනෙ මට දවල් වෙලා කෝල් කරන්නම් කියලා. එයාට අමතක වුණාවත්ද..... නෑ නෑ එහෙම වෙන්න විදිහක් නෑ. මන් උදෙ විශ් කරපුත් එකේ එයාට අමතක වෙන්න විදිහක් නෑ. බැරි වෙලාවත් ජිමින්ට ප්‍රොජෙක්ට් එක ගන්න බැරි වෙලා මට කියාගන්න බැරුවද දන්නෙ නෑ ඉන්නෙ....'

ජිමින්ගෙන් තාමත් කෝල් එකක් නැති වෙන්න හේතුව ඒ විදිහට හිතාගත්ත යේජින් තවත් නොයිවසිල්ලෙන් බලාගෙන ඉන්නවා වෙනුවට තමන්ගෙ ආඩම්බර කමත් පැත්තකට දාලා ජිමින්ට කෝල් එකක් ගන්න තීරණය කළා. එක පාරක් කෝල් කළා ඒත් ජිමින් ආන්සර් කළේ නෑ. තවත් එක පාරක් විතරක් කෝල් කරලා බලනවා කියලා හිතාගත්තට අන්තිමට ‍යේජින් සැරින් සැරේ පැය භාගයක් තිස්සෙ කෝල්ස් දහයකට කිට්ටු වෙන්න ගත්තත් ඔය එකක් වත් ජිමින් නම් ආන්සර් කළේ නෑ.

.....The mobile phone you are calling is not responding please call again shortly.....

එකම රෙකෝඩින් එක දැන් කිහිප සැරයක්ම අහලා යේජින් හිටියෙ නිකන් පිස්සු හැදිලා වගේ. කේන්තියටත් එක්කම ෆෝන් එක හයියෙන් මේසෙ උඩින් තියලා ජිමින්ට වුණේ මොකද්ද කියලා කල්පනා කළත් එක මොහොතකටවත් තමන්ගෙ කෝල්ස් හිතා මතාම ජිමින් මඟාරිනවා කියලා නම් යේජින් පිළිගත්තෙ නෑ. ඒ වෙනුවට යේජින්ගෙ හිතට එයාගෙ හස්බන්ඩ් ගැන කවදාවත් නැති විදිහේ අමුතු බයක් දැනෙන්න ගනිද්දී මෙච්චර වෙලා නොයිවසිල්ලෙන් හිටිය කෙල්ල හොඳටම කලබල වුණා.

I Need You ( JM sinhala Ff )Donde viven las historias. Descúbrelo ahora