Episode 54

424 103 57
                                    


"ජන්කුකායි ජිමිනායි දෙන්නම නැති එකේ යුන්ගි හියුන්ට හිතෙන්නෙත් මට හිතෙන දේමද.... අපි මෙච්චර දවසක් බයෙන් හිටපු දේ ඇත්තටම සිද්ද වෙලාද හියුන්..."

තමන්ට එහාපැත්තෙ හිටිය යුන්ගිට ඇහෙන අයුරෙන් ටේහ්‍යුන් කොඳුරපු වචන ඇහුණම මේ අයියා මලෝ දෙන්නා ඉන්න පුලුවන් තැනකට යුන්ගිගෙ ඔලුවට ආවෙ එකම එක අදහසයි......

"අයිශ්..... ජීවෝන්....."

මිට මොළවලා මේසෙටත් පාරක් ගහලා යුන්ගි කියපු ඒ වචන දෙක තුන ඇහුණම හෝසොක් ඉඹේටම නැඟිට්ටේ ජිමින්ගෙ අතුරුදහන් වීම පිටිපස්සෙ හිතනවට වඩා භයානක තත්ත්වයක් තියෙන බව තේරිලයි.

"මන් දැන්ම කම්පැණි security එකට කෝල් කරලා ජිමින්ගෙ වාහනේ ට්‍රැක් කරන්න කියන්නම්."

කලබලයෙන් එහෙම කියාගෙන හෝසොක් ෆෝන් එකත් කනේ ගහගෙන පාර්ටි එක තිබ්බ හෝල් එකෙන් එළියට යද්දී යුන්ගි අත්දෙකෙන්ම ඔලුව අල්ලගෙන මේසෙට බර වුණා. මොකද ජිමින්වයි ජන්කුක්වයි බේරගන්න නම් කලබල වෙනවා වෙනුවට මේ වෙලාවෙ මොළේ කල්පනා කරලා හරිම දේ කරන්න ඕනි බව යුන්ගි දැනගෙනයි හිටියෙ.

"මේක කළේ ජීවෝන් නම් මට හිතෙන්නෙ අනිවාරෙන්ම ජන්කුක් ජිමින් දෙන්නම ඉන්නවා ඇත්තෙ එකම තැන. කොහොමත් අපිට ජන්කුක් ඉන්න තැනක් හොයාගන්න කිසිම විදිහක් නෑ. ඒ හින්දා අපි ට්‍රයි කරන්න ඕනි ජිමින්ව හොයාගන්න. ජිමින් ඉන්න තැනමයි ජන්කුකාත් ඇත්තෙ."

"ඒත් ඒක තමයි අමාරුම වැඩේ යුන්ගි හියුන්.... ජිමිනාගෙවත් ජන්කුකාගෙවත් ෆෝන්වත් ට්‍රැක් කරන්න බෑ. අයිශ්... ඒවත් වැඩ නෑ."

යුන්ගිගෙ කතාවටම එකතු වෙලා ටේහ්‍යුන් කේන්තියෙන් වගේ කියපු දෙයට අකමැත්තෙන් වුණත් හැමෝටම එකඟ වෙන්න සිද්ද වුණා. මොකද හිටිහැටියේම එයාර්පෝර්ට් එකෙන් අතුරුදහන් වුණ ජන්කුක්ව හොයාගන්න විදිහ තියා ජන්කුක් අතුරුදහන් වුණ විදිහවත් හිතාගන්න බැරි එකේ අඩුම තරමෙ මෙයාලා ජිමින් අතුරුදහන් වුණේ කොතනදිද කියලවත් දැනගෙන හිටියෙ නෑ. හැබැයි ගත වෙන තත්පරයක් ගානෙ කොල්ලා දෙන්නාගෙ ජීවිතය ගැන හැමෝගෙම හිත වල බය එන්න එන්නම වැඩි වුණත් ඒ බයෙන් ගැගෙන හැම හදවතකටම මොහොතකට පුංචි සැනසීමක් දෙන්න යුන්ගිට පුලුවන් වුණා.

I Need You ( JM sinhala Ff )Where stories live. Discover now