Episode 34

587 107 30
                                    


"මන් ආවෙ තමුසෙට පොඩි චැලේන්ජ් එකක් දෙන්න."

මින් වූ කියපු දේට සූජින් වගේම චෑනුත් නෝන්ඩියට වගේ හිනාවෙනවා ඇස් කොනෙන් ජන්කුක්ට පෙනුණත් මින් වූ කියන්න හදන දෙය ජන්කුක්ට තියා සූයාටවත් තේරුම් ගන්න පුලුවන් වුණේ නෑ.

"මොකද්ද මින් වූ දැන් තමුසෙ කියන්නෙ."

"තමුසෙ පුලුවන් නම් මාත් එක්ක සෝජු වලින් හැප්පිලා පෙන්නනවා ජන්කුක්... හරියටම කිව්වොත් තමුසෙ මට වඩා වැඩියෙන් එක සෝජු උගුරක් හරි බිව්වොත් තමුසෙට පුලුවන් දිනන්න. මොකද කියන්නෙ තමුසෙ මගෙ චැලේන්ජ් එක භාරගන්නවද."

සේරම විස්තරේ කියලා මින් වූ බලාපොරොත්තු වුණේ සතුටුදායක ප්‍රතිචාරයක් වුණත් ජන්කුක් කළේ උරහිස් වල තිබ්බ මින් වූගෙ අත් දෙකත් බලෙන්ම අයින් කරලා සමච්චල් සහගත හිනාවකුත් මූණෙ රඳවගෙනම කතා කරපු එක.

"මොන විකාර චැලේන්ජ් එකක්ද ඒ... තමුසෙට ඔය වගේ මෝඩ වැඩ වලට වෙලාව තිබ්බට මට නෑ."

පැත්තකට තල්ලුවෙන විදිහට මින් වූගෙ ඇඟෙත් හැප්පිලා සූයාගෙ අතෙනුත් අල්ලගෙන තවත් එක මොහොතක්වත් රැඳෙන්නෙ නැතුව ජන්කුක් එතනින් යන්න හදද්දී ආපහු ඇහුණු මින් වූගෙ කටහඬට ජන්කුක් නැවතුණා.

"හැබැයි ජන්කුක් තමුසෙ දිනුවොත් තමුසෙට චාන්ස් එකක් හම්බෙනවා මගෙන් ඕනි දෙයක් ඉල්ලන්න. ඉතින් තමුසෙ තාමත් මේක මෝඩ වැඩක් කියලද හිතන්නෙ."

දිනන කෙනාට ලැබෙන තෑග්ග ඇහුවම මෙච්චර වෙලා මෝඩ වැඩක් විදිහට දැකපු මින් වූගෙ චැලේන්ජ් එක ආයෙ කවදාවත් නොලැබෙන විදිහෙ අපූරු අවස්ථාවක් විදිහටයි ජන්කුක්ට පෙනුණෙ. ඒකට ලොකුම හේතුව වුණේ මින් වූගෙ හතුරෙක් වෙච්ච ජන්කුක්ට මින් වූගෙන් ඕනිම දෙයක් ඉල්ලන්න අහම්බෙන් හරි චාන්ස් එකක් ලැබෙනවා කියන්නේ මින් වූට සූයාගෙන් ඈත් වෙලා ඉන්න කියන්නත් ජන්කුක්ට චාන්ස් එකක් ලැබෙනවා කියන එක නේද.....ඉතිං සූයාව චෝයි මින් වූගෙන් ගලවගන්න ලැබුණු මෙච්චර වටින අවස්ථාවට පයින් ගහන්න ජන්කුක්ට හිතුණෙ නෑ.

"ම්....හොඳයි එහෙනම් මින් වූ.... ඔච්චරටම කියනව නම් මාත් කැමතියි තමුසෙගෙ මහ ලොකු චැලේන්ජ් එක භාර ගන්න."

I Need You ( JM sinhala Ff )Where stories live. Discover now