Episode 46

443 112 42
                                    


රටේ නම ගිය ව්‍යාපාර ජාලයක් වන පාර්ක් ගෲප්හි හිමිකරුගෙ මරණය කොරියාව පුරා ප්‍රචලිත වෙන්න ගත වුණේ හරිම පොඩි කාලයක්... හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් මිය පරලොව ගිය පාර්ක් දේජෝන් වෙනුවෙන් රටේ ප්‍රභලයන් පවා ශෝකය පළ කරද්දී පාර්ක් ගෲප්හි මීළඟ උරුමක්කාරයා පිළිබඳව සමාජයේ කා අතරත් විවිධ මතභේද පළවුණා. මොකද පවුලෙ වැඩිමලා වගේම දැනටමත් පාර්ක් ගෲප්හි deputy chairman වෙච්ච ජීවෝන් හිස් වුණ චෙයාර්මන් පුටුවට පත් වෙයි කියලා සමහරු කිව්වට තවත් සමහරු කිව්වෙ දේජෝන්ගෙ නීත්‍යානුකූල පළමු විවාහගේ දරුවා වුණ ජිමින්ට වැඩි අයිතියක් චෙයාර්මන් තනතුරට තියෙන බවයි. හැබැයි ඔය කොයි කවුරුත් දැනගෙන හිටියා මීළඟ උරුමක්කාරයව නම් කරන්න සම්පූර්ණ වගකීම තියෙන්නෙ මැරුණු පාර්ක් දේජෝන්ට විතරක්ම බව.

රටේ මිනිස්සු මියගිය පාර්ක් දේජෝන් නිසා හිස් වුණු පාර්ක් ගෲප්හි හිමිකාරිත්වය ගැන හිතද්දී ජිමින් හිතුවෙ සදහටම යන්න ගියපු එයාගෙ අප්පා නැති අඩුවයි. දේජෝන් කියන්නෙ තමන්ගෙ අප්පා වුණත් ජිමින්ට එයාගෙ අප්පා එක්ක ලොකු ලෙංගතුකමක් තියා සමීප සම්බන්ධතාවයක්වත් තිබුණෙ නෑ. හැබැයි පුංචි කාලෙ ඉදන්ම අප්පගෙ නරක පැත්තම දැක්ක ජිමින්ට අන්තිම මොහොතේ එකම එක වතාවක් ඒ සෙනෙහස විඳින්න ලැබුණ නිසාද කොහෙද අද ජිමින්ට දැනුණෙ දරාගන්න බැරි වේදනාවක්. සමහරවිට දැන් අම්මයි අප්පයි දෙන්නම මේ ලෝකෙ නෑ කියන හැඟීම ජිමින්ගෙ ඒ වේදනාවට තවත් හේතුවක් වෙන්න ඇති.

'අප්පා... ඔයත් එහෙනම් යන්නම ගියා.'

ශාලාව කෙළවරේ වටේට පිරුණු සුදු පාට මල් මැද හිනාවෙලා ඉන්න අප්පගෙ පින්තූරය දිහා බලාගෙන ජිමින් සුසුම් හෙළුවේ දැන් කීවෙනි වතාවටද කියලා එයාටවත් මතක තිබුණෙ නෑ. හැබැයි ඇත්තට හෝ බොරුවට තමන්ගෙ ඉස්සරහා ජීවෝන්ට වාරු වෙලා කඳුලු සළන Mrs.park වගේ ජිමින්ට ඕනි වුණේ නෑ එයාගෙ හිතේ තිබ්බ වේදනාව පිටට පෙන්නන්න. ඒත් ජිමින් හංඟපු හැඟීම් තේරුම් අරගත්තු යූන් ඇවිත් දේජෝන්ගෙ ෆොටෝ එක දිහා බලාගෙන ඉන්න ජිමින්ගෙ පිටට තට්ටුවක් දැම්මේ පුංචි හෝ සැනසීමක් ලබා දෙන්නයි.

I Need You ( JM sinhala Ff )Where stories live. Discover now