Episode 8

497 98 7
                                    


පාර්ක් පවුලේ හා ශින් පවුලේ ලඟම හිතවතුන් ඇතුළුව පවුල් දෙකේම ව්‍යාපාරික හවුල්කරුවන් කිහිප දෙනෙකු වගේ සීමිත පිරිසකටයි වෙඩින් එකට ආරාධනා කරලා තිබුණෙ. ලොකු සෙනඟක් නැති වුණාට කෑම බීම හැමදෙයක්ම අඩුවක් නැතිව ඉහළින්ම ලෑස්ති කරලා තිබුණේ පාර්ක් පවුලේ ගරුත්වයට කිසිම හානියක් නොවෙන්නයි.

උදේ චාරිත්‍ර හැමදෙයක්ම ඉවර වුණාට පස්සෙ යේජින් කෙළින්ම ගිහින් කපල් එකට වෙන් කරලා තිබුණ තැනින් වාඩි වුණ පාර ආයෙ නැගිට්ටෙ නෑ. මොකද ලොකුම ලොකු ෆ්‍රොක් එකකුත් ඇදන් උස හීල්ස් දෙකත් දාගෙන ඇවිදින එක හිතුවට වඩා කෙල්ලට අමාරු වුණා. හැබැයි එහෙමයි කියලා යේජින් නිකන් ඔහේ බලන් හිටියෙත් නෑ. හිටපු වේටර්ස්ලට කරදර කරලා එයාට ඕනි කෑම බීම හැම දෙයක්ම ළඟටම ගෙන්නගෙන සැපට වාඩි වෙලා කකා බිබී හිටියෙ ජිමින් උන්නද මලාද කියලවත් බලන්නෙ නැතුව. අනික ජිමින් ළඟ නැති වුණාම යේජින්ටත් දැනුණෙ මාර නිදහසක්. කොහොමත් ජිමින් හිටියෙත් අද එයාගෙ වෙඩින් එක නෙමෙයි වගේ හියුන්ලයි ටේහ්‍යුන්නුයි එක්ක.

" ජිමිනා.... ඔයා අපිව නෙමෙයි මැරි කළේ අර කෙල්ලව. එතනට වෙලා ඉන්නවා."

" මොකද්ද යුන්ගි හියුන් තාම මැරි කරලා පැයක්වත් ගියේ නෑ ඔයාලා දැන්මම මට වෙනස්කම් කරනවා නේහ්.."

" විකාර කියවන්නෙ නැතුව ඉන්නවා. මැරි කළා කියලා අපේ සහෝදර කම් වෙනස් වෙන්නෙ නෑ."

යුන්ගි කොල්ලගෙ කර වටේ අතක් දාගෙන අනිත් අතේ තිබුණ වයින් ග්ලාස් එකෙන් උගුරක් බොන ගමනුයි කතා කළේ.

" යුන්ගි හියුන් කිව්වා හරි. ඔයා හැමදාම මගෙ කොට ජිමිනාම තමයි."

ටේහ්‍යුන් එහෙම කියලා බදා ගත්තම නම් ජිමින්ටත් හිනා ගියා. නොකිව්වට ඒ යාලුකම කවදාවත් වෙනස් වෙන්නෙ නැති බව ජිමිනුත් හොඳටම දැනගෙනයි හිටියෙ.

" ඒක නෙමෙයි ජිමිනා.... යේජින් නම් මරු කෙල්ල ඔයා කිස් එකක් දෙන්න ලැජ්ජාවෙ ඉද්දි ඒ කෙල්ල කෙළින්ම lip kiss එකක්ම දුන්නා. මාර forward කෙල්ලෙක්."

හෝසොක් ඒ විදිහට යේජින්ව වර්ණනා කරද්දී ජිමින් මුකුත් නොකියා හිටියෙ forward කම කෙසේවෙතත් කෙල්ල එහෙම කළේ එයාව නෝන්ඩි කරන්න කියලා හොඳටම දන්න නිසයි.

I Need You ( JM sinhala Ff )Where stories live. Discover now