Episode 6

466 97 2
                                    


නොදැනුවත් කමින් හෝ ජන්කුක්ට ජොබ් එක ලැබුණේ ජිමින් හා ටේහ්‍යුන් නිතරම ආපු එයාලගෙ සුපුරුදු ක්ලබ් එකෙයි. හැබැයි ඉස්සර වගේ දැන් හැමදාම ක්ලබ් එකට එන්න තරම් වෙලාවක් ජිමින්ට නොතිබුණ නිසා අඩුම තරමෙ ටේහ්‍යුන්වත් තනියම ක්ලබ් එකට ආවෙ නෑ. ආවත් VIP ඒරියා එකේ හිටපු එයාලා පහළ ෆ්ලෝ එකෙ වැඩ කරපු ජන්කුක්ව දකින්නෙ නැති එක සාධාරණයි.

" මේහ් ජිමිනා... අර ඉන්නෙ ජන්කුක් නේද!!!!! "

ටේහ්‍යුන් පෙන්නපු දිහා බැලුව ජිමින් දැක්කේ පොඩි කොල්ලෙක්ගෙ අතක් හයියෙන් අල්ලගෙන බෙරිහන් දෙන උස මහත මනුස්සයෙකුයි. හැබැයි ඒ අසරණ වෙලා ඉන්න පොඩි කොල්ලා මීට සති දෙක තුනකට කලින් තමන්ට හම්බවුණු ජන්කුක් කියලා අඳුරගන්න ජිමින්ට අමාරු වුණේ නෑ.

" අරූ මොකද්ද අර කරන්න හදන්නෙ."

ජන්කුක්ව මේසයක් උඩට තල්ලු කරලා ශර්ට් කොලර් එකෙන් අල්ලගන්න දිහා බලාගෙන ටේහ්‍යුන් තරහෙන් වගේ එහෙම කිව්වත් ජිමින් කිසිම දෙයක් නොකියා බලන් හිටපු එකයි කළේ. ඒ වුණාට අර මිනිහා ජන්කුක්ව මේසෙට තියලා තද කරගෙන හයියෙන් පාරක් ගහනවත් එක්කම ජිමින්ටත් නොදැනිම එයාගෙ අතක් මිට මෙල්වුණේ ඇයි කියලා කොල්ලටවත් තේරුණේ නෑ. කොච්චර වෛර කළත් තමන් නැතුව වෙන කෙනෙක් ජන්කුක්ට අත උස්සනවා දැක්කම හිතුවෙවත් නැති විදිහට ජිමින්ගෙ හිතේ දුකක් වගේම කේන්තියක් ඇති වුණා. සමහරවිට එකම තාත්තගෙ නොවුණත් එක කුස උපන් සහෝදරයො නිසා වෙන්න ඇති.

" අයිශ්... අරූ බීලා පිස්සු කෙළිනවා. "

" ඒහ් ජිමිනා අර ක්ලබ් එකේ මැනේජර් නේද."

මොහොතකට පහළ ෆ්ලෝ එකට ගිහින් ජන්කුක්ව බේරගන්න ජිමින්ට හිතුනත් එතනට මැනේජර් එනවා දැක්කම කොල්ලා ඒ අදහස අත් හැර ගත්තා. මොකද මැනේජර් කීයටවත් ක්ලබ් එක ඇතුළෙ රණ්ඩුවක් වෙන්න ඉඩ දෙන්නෙ නෑ කියලා දන්න හින්දයි. ඒත් බලාපොරොත්තු නොවුණු විදිහට මැනේජරුත් ඇවිත් ජන්කුක්ට ගැහුවම නම් ජිමින්ටත් මල පැන්නා.

" මොන රෙද්දකටද මැනේජර් කාරයා අර පොඩි එකාට ගහන්නෙ "

" ඌ ගන්නෙ ඌට වාසි පැත්ත ජිමිනා.. "

I Need You ( JM sinhala Ff )Where stories live. Discover now