Episode 27

722 104 28
                                    


"එයා තමයි මගේ හස්බන්ඩ් පාර්ක් ජිමින්."

"මොකක්.... එයාද පාර්ක් ජිමින් කියන්නෙ."

යේජින්ගෙ හස්බන්ඩ් නමින් පාර්ක් ජිමින් වගේම පාර්ක් ගෲප් හිමිකරුගේ බාල පුතා කියලා දැනගෙන හිටියත් ජියා කවදාවත් ජිමින්ව දැකලා තිබුණෙ නෑ. අනික යේජින් කිසිම වෙලාවක එයාගෙ හස්බන්ඩ් මෙච්චර හැන්ඩ්සම් බවක් කියලා නොතිබුණ නිසා නොසිතපු මොහොතක ජිමින්ගෙ රුව දැක්කම ජියා මෙහෙම පුදුම වෙන එකත් සාධාරණයි.

"ඔව් ඔව් එයා තමයි. අද මන් එයත් එක්කනෙ ශොප් එකට ආවෙ. මාව එක්කන් යන්න එන්න ඇත්තෙ."

තාමත් ශොප් එකට ඇතුල් වෙන තැනම ෆෝන් එකත් කනේ ගහගෙන කෝල් එකක හිටිය ජිමින් දිහා බලාගෙනයි යේජින් කතා කළේ.

"මේහ්... යේජින්... බලන් ගියාම බලෙන් වුණත් අම්මයි තාත්තයි ඔයාට බන්දලා දීලා තියෙන්නෙ ෆුල් පැකේජ් එකක්නෙ."

"මොකද්ද ජියා ඒ කතාව තේරුම."

"නෑ ඉතිං බලන්නකො ජිමින් කියන්නෙ සල්ලිකාර තුන්වෙනි පරම්පරාවෙ උරුමක්කාරයෙක්. ඒ විතරක් නෙමෙයි කොල්ලා මාර හැන්ඩියානෙ. හරියටම කිව්වොත් ජිමින් කියන්නෙ සුරංගනා කතා වල ඉන්න කුමාරයෙක් වගේ ඩයල් එකක්. ඔයාට නම් පිස්සු යේජින් මෙච්චර හොඳ කොල්ලෙක් බැදගෙන බොරුවට දුක් වෙවී ඉන්නවා."

"ඒත් සල්ලියි ලස්සනයි විතරක් තිබ්බා කියලා සතුටෙන් ජීවත් වෙන්න බෑනෙ ජියා. ඔයා කියනවා වගේ ජිමින් හැන්ඩ්සම් නම් තමයි. හැබැයි මහා යක්ශ පැටියෙක්. මන්නෙ දන්නෙ එයාගෙ වැඩ."

යේජින් අන්තිම ටික කිව්වෙ ජිමින් දිහාත් එක පාරක් හැරිලා බලලා තනියම හිනා වෙවී.

"අපේ ගෙදර මිනිස්සුන්ටත් බැරිද දන්නෙ නෑ මටත් මේ වගේ ෆුල් පැකේජ් එකක් හොයලා දෙන්න."

"ෆුල් නෙමෙයි මොන පැකේජ් එකක් හම්බුණත් තමුසෙව ගන්න කොල්ලා පව්...."

ඒ කිව්ව කතාවට බොරුවට යේජින්ගෙ අතටත් පාරක් ගහලා ජියා හිනා වෙද්දී යේජින්නුත් මොහොතකට හිතේ තිබ්බ හැම ප්‍රශ්නයක්ම අමතක කරලා හිනා වුණා.

මෙහෙම කතා කර කර හිනා වෙවී ඉන්න යේජින්ව හා ජියාව දුර තියාම දැක්ක ජිමින් කෝල් එක ඉවර කරලා ෆෝන් එකත් සාක්කුවේ දාගෙන ඒ පැත්තට ඇවිදගෙන ආවේ ශොප් එක වහන වෙලාව දැනගන්න. මොකද කකුල උලුක් වෙලා හිටපු තමන්ගෙ වයිෆ්ව උදේ එක්කගෙන ආවා වගේම ආපහු ගෙදර එක්කන් යන්න වුණෙත් ජිමින්ටම තමා.

I Need You ( JM sinhala Ff )Where stories live. Discover now