Episode 4

486 99 9
                                    

ලියුම කියවලා ඉවර වෙනවත් එක්කම ජිමින්ගේ ඇස් වලින් ඔහේ කදුලු ගලන් යන හැටි ටේහ්‍යුන් බලන් හිටියේ කර කියා ගන්න දෙයක් නැතුව. ජන්කුක් දීලා ගියපු ලියුම ටේහ්‍යුන්නුත් කියෙව්වට පස්සෙ කොල්ලට තේරුණා දැන් ජිමින්ගෙ හිත හදන එක එයාට තනියම කරන්න බැරි වැඩක් කියලා. ඒකයි ටේහ්‍යුන් බලෙන්ම වගේ ජිමින්වත් අරගෙන ජින්ගෙ එපාර්ට්මන්ට් එකට ඇවිත් හෝසොක්, යුන්ගි, නම්ජූන් කට්ටියටත් එහෙට එන්න කිව්වෙ. අනික ජිමින්ගෙ ජීවිතය ගැන අකුරක් නෑර දැනන් හිටපු මෙයාලගෙන් තවත් කිසිම දෙයක් හංගන්න ජිමින්ටත් ඕනි වුණේ නෑ.

හියුන්ලා හතර දෙනා අම්මගෙ ලියුම කියවනකම් ජිමින් නම් කළේ අත් දෙකෙන්ම ඔලුවත් අල්ලගෙන එයාගෙ හිත සන්සුන් කර ගන්න උත්සාහ කරපු එක. හැම දෙයක්ම දැන ගත්තට පස්සෙත් ජිමින්ට තේරුණේ නෑ දැන් එයා අම්මට වෛර කරන්නද ඕනි නැත්තම් සමාව දෙන්නද එහෙමත් නැත්තම් ඉස්සර වගේ ආදරේ කරන්නද ඕනි කියලා. මෙච්චර දවසක් අප්පා බනිද්දි කුඩම්මා එක එක කතා කියද්දි ජීවොන් රණ්ඩු කරද්දි ජිමින් හැම වෙලේම හිත හදා ගත්තෙ එයාගෙ අම්මට වැරැද්ද පටවලා. මොකද ජිමින් හිතුවෙ අප්පා එයාට ආදරේ නැත්තෙ අම්මා වෙන මිනිහෙක් එක්ක ගියපු තරහට කියලා විතරක් නෙමෙයි කුඩම්මයි ජීවොනුයි එයාගෙ ජීවිතේට ආවෙත් අම්මා එයාව දාලා ගියපු නිසා කියලයි. ඒත් එකපාරටම ඒ හැම දේම බොරු වෙලා අම්මත් මේ ලොකෙන් යන්නම ගිහින් කියලා දැන ගත්තම ජිමින් හිතින් ගොඩක් කඩා වැටුණා.

" එහෙනම් ඒකයි මිස්ටර් දේජොන් ඔච්චරටම ජීවොන් ගැන හිතන්නෙ. "

අතේ තිබුණ ලියුම කියවලා ඉවර වෙනවත් එක්කම යුන්ගි එහෙම කිව්වෙ තාමත් ඔලුවත් අල්ලගෙන කල්පනා කරමින් ඉන්න ජිමින් දිහා බලාගෙනමයි.

" ඒත් යුන්ගි හියුන් මට මෙතන තේරෙන්නෙ නැති එක දෙයක් තියෙනවා. ජීවොන් කියන්නෙත් අප්පගෙම ළමයෙක් නම් ඇයි අම්මා කියන්නෙ පාර්ක් ගෲප් එක අයිති මට විතරයි කියලා. "

" අනේ මන්දා ජිමිනා.... මට නම් හිතෙන්නෙ අපි දන්නෙ නැති මොනවමහරි දෙයක් මෙතන තියෙනවා. "

" යුන්ගි කියන එක හරි. අනික ජිමිනා.... ඔයාගෙ අම්මා ම කියලා තියෙනවනෙ ඔයා නොදන්න තව දේවල් තියෙනවා කියලා. "

I Need You ( JM sinhala Ff )Where stories live. Discover now