Episode 44

493 99 50
                                    


ලෙක්චර්ස් පටන් ගන්න පැය භාගයකටත් වැඩි කාලයක් ඉතුරු වෙලා තියෙද්දි ජන්කුක් හෝල් එක ඇතුළට ආවත් බෑග් එක ඩෙස් එක උඩින් තියලා කැෆටේරියා එකට යන්න හිතන් ආපහු එළියට යන්නයි හැඳුවෙ. මොකද තාම සූයාවත් ඇවිල්ලා නැති එකේ ලෙක්චර් හෝල් එක ඇතුළෙ වාඩිවෙලා බලන් ඉන්න එක ජන්කුක් ආසම නැති වැඩක්.... ඉතින් ෆෝන් එකත් අතට අරන් SNS වල උඩ පල්ලෙහාට යන ගමන් හෝල් එක ඉස්සරහා දොර දිහාවට ඇවිදගෙන ගියත් ජන්කුක් එකපාරටම හෝල් එක මැද නැවතුණේ ළඟින්ම ඇහුණු නාඳුනන කටහඬටයි.

"ජන්කුක්...."

තමන්ට කතා කරන සද්දෙට ෆෝන් එකෙන් ඔලුව උස්සලා බැලුවම ජන්කුක් දැක්කේ තද නිල් පාට කොට ස්කර්ට් එහෙකට ලා රෝස පාට බ්ලව්ස් එකක් ඇඳලා උරහිස් වලින් පොඩ්ඩක් පහළට වෙන්න තිබ්බ කලුපාට කොණ්ඩෙත් කඩලා දාලා ලස්සනට හිනා වෙලා තමන් දිහා බලාගෙන ඉන්න කෙල්ලෙක්ව. ඇත්තටම ජන්කුක් යුනිවර්සිටි එක ඇතුළෙදි මීට කලින් කිහිප සැරයක්ම මේ ගර්ල්ව දැකලා තිබ්බත් කතා බහා කරන්න තියා අඩුම තරමෙ හිනා වෙලාවත් තිබුණෙ නෑ. ඒකයි අද මෙහෙම තමන්ට කතා කරපු කිසිම ඇඳුරුම් කමක් නැති කෙල්ලව දැකලා ජන්කුක් ටිකක් පුදුම වුණේ.

"ඔව්... කියන්න."

ලෙක්චර් හෝල් එක ඇතුළෙ හිටපු හැමෝගෙම වගේ අවධානය ජන්කුක් දිහාවට යොමු වෙලා තියෙන බව තේරුණාම ජන්කුක් කළේ හෙමින් සීරුවේ අතේ තිබ්බ ෆෝන් එක සාක්කුවට දා ගන්න ගමන් කතා කරපු එක.

"මන් ඔයාට කරදර කරනවා නම් සොරි ජන්කුක්... ඒත් මන් ඔයාට මේක ගොඩ කාලෙක ඉදන් කියන්න බලාගෙන ඉන්නෙ. ඇත්තටම..... ඇත්තටම මන් ඔයාට ගොඩක් කැමති.... මන් කියන්නේ.... මන් ඔයාට ආදරෙයි. I love you ජන්කුක්..."

ලැජ්ජාවෙන් ඇඹරෙන ගමන් අමාරුවෙන් වචන ගළපලා කතා කරපු කෙල්ල පිටිපස්සට කරලා හංඟගෙන හිටපු රතු රෝස මලක් ජන්කුක් දිහාවට දික් කරලා ආදරය ප්‍රකාශ කළේ වටේ පිටේ හැමෝගෙම අත්පොලසන් විසිල් හඬ මැදයි. හෝල් එකේ හිටපු සේරම ළමයි මේ cute drama එක වඩාත් හොඳට රසවිඳින්න හිතන් හෝල් එක මැද හිටගෙන හිටපු කපල් එක වටේට රැස් වෙලා නිකන් බලාගෙන හිටියෙ නම් නෑ..... ලැජ්ජාවෙන් බිම බලාගෙන කෙල්ල දික් කරගෙන හිටිය රතු රෝස මල අරගන්න ජන්කුක්ව ධෛර්යමත් කරන්න හිතන් හැමෝම චියර් කරන්න පටන් ගත්තේ හරියට ජන්කුක් ‍රට වෙනුවන් ඔලිම්පික් ගිය ක්‍රීඩකයෙක් ගාණට හිතාගෙනයි.

I Need You ( JM sinhala Ff )Where stories live. Discover now