Author Note

417 94 69
                                    

මාස හයකට කිට්ටු වෙන්න කතාවත් එක්ක රැදිලා හිටපු ඔයාලා හැමෝටම ගොඩක් තැන්ක් යූ ❤️

I need you පටන් ගනිද්දි මේ කතාව මෙච්චර කල් ඇදෙයි කියලවත් මෙච්චර දික් වෙයි කියලවත් මන් හිතුවෙ නෑ. ඒත් කතාවෙ තියෙන කිසිම කොටසක් අඩු කරන්න හිත හදා ගන්න බැරි වුණ හින්දා අන්තිමට ඔයාලට දිගම දිග කතාවක් කියවන්න සිද්ද වුණා. 🥺

මේකෙ අප්ඩේට් පරක්කු වුණාට ඇත්තටම සොරි. උදේ අටේ ඉදන් හවස පහ වෙනකන් ලෙක්චර්ස් අස්සෙ කතාවක් ලියන්න වෙලාවක් හොයාගන්නවා කියන්නෙ ගොඩක් අමාරු වැඩක්. හැබැයි ඔයාලා කතාවෙ ඊළග කොටස ඉල්ලලා කරදර කරද්දි මටත් කොහොමහරි වෙලාවක් හොයන් කතාව ලියන්න ආස හිතෙනවා. 😍

I need you කියන්නෙ මගේ දෙවනි fanfiction එක. මේ කතාව පටන් ගනිද්දි මන් කීයටවත් හිතුවෙ නෑ මෙච්චර views ගානක්.... Ongoing කතාවත් එක්ක ලොකු පිරිසක් රැඳිලා හිටියා. හැම කොටසකටම මුළ ඉදන්ම comment කරපු කට්ටිය මට හොඳට මතකයි. එයාලා හැමෝට ගොඩක් තැන්ක් යූ 😘. ඔයාලාගෙ views, comment, vote මේ හැමදේම තමයි කොටස් 56ක් ලියන්න මට තිබුණු එකම චියර් එක. ❤️

මට කතාව ලියලා ඉවර වුණාට පස්සෙ දැනෙන්න නිකන් කොරියන් tv series එකක් බැලුවා වගේ හැඟීමක්. මන් මේ මගේ කතාව හොඳයි කියනවා නෙමෙයි.... ඔයාලටත් ඒ හැඟීම ඒ විදිහටම දැනෙන්න දෙන්න තමයි මන් ගොඩාක් උත්සාහ කළේ. 🥰

කතාව කියවන් යද්දි ඔයාලට හිතෙන්න ඇති ජිමින්ගෙයි යෙජින්ගෙයි ආදරේට වඩා ජිමින්ගෙයි ජන්කුක්ගෙයි ආදරේ මන් වැඩිපුර හයිලයිට් කළා කියලා. ඇත්තටම ඒක හිතලා කරපු දෙයක් නෙමෙයි.... අනික I need you කියන්නෙ ජිමින්ගෙ love story එක නෙමෙයි life story එක කිව්වොත් හරි. 😊

අලුත් කතාවකින් හම්බවෙන දවස නම් හරියටම කියන්න බෑ. හැබැයි දැනට hold කරලා තියෙන A beautiful love ඉක්මනටම අප්ඩේට් කරනවා. 🤭

ඉතින් කතාවෙ අඩුපාඩු චෝදනා හැමදෙයක්ම පුංචි කමෙන්ට් එහෙකින් කියාගෙන යන්න.❤️

Jkgirlrash

I Need You ( JM sinhala Ff )Where stories live. Discover now