Episode 13

492 98 2
                                    


පැය හතරක ලෙක්චර් එකේ අතරමැද ලැබුණු පුංචි බ්‍රේක් එකේදී එළියට ගියපු ජන්කුක් ආපහු ලෙක්චර් හෝල් එක ඇතුළට ආවම දැක්කෙ එයාගෙ මේසෙ උඩ තියලා තිබ්බ පොඩි චොකලට් මිල්ක්ශේක් බෝතලය. වටපිට බැලුවත් අයිතිකාරයෙක් තියා ඒක එතනින් තිබ්බ කෙනෙක්වත් පේන්න හිටියෙ නැති නිසා ජන්කුක් මිල්ක්ශේක් බෝතලය අතට අරන් බැලුවා. ඒත් එක්කම ජන්කුක්ගෙ ඇහැ ගියේ ඒකෙ අලවලා තිබුණ චිට් එකට.

' එදා මාව බේරගත්තට තැන්ක් යූ ජන්කුක්. කවදාවත් මට ඒ උදව්ව අමතක වෙන්නෙ නෑ. ඒත් ප්ලීස්.... මින් වූගෙන් පරිස්සම් වෙන්න.'

චිට් එක කියවපු ගමන් මිල්ක්ශේක් එක දීලා තියෙන්නෙ සූයා කියලා ජන්කුක් තේරුම් ගත්තා. ඒත් අන්තිම ටික කියවනවත් එක්කම ජන්කුක්ගෙ මූණේ එයාටත් නොදැනිම සරදමට වගේ පොඩි හිනාවක් ගියේ මින් වූගෙන් පරිස්සම් වෙන්න කියලා එයා යුනිවර්සිටි ආපු සතියකට වැඩි කාලය තුළ මේ අහපු කීවෙනි පාරද කියලා එයාටවත් මතක නැති නිසයි.

එදා සිදුවීමෙන් පස්සෙ ජන්කුක් ‍යුනිවර්සිටි එකේ ප්‍රසිද්ධ වුණා. හැබැයි ඒ හොඳ විදිහෙ ප්‍රසිද්ධියක් නම් නෙමෙයි. සමහරු කිව්වෙ මින් වූ එක්ක හැප්පිලා ජන්කුක් විහින් ප්‍රශ්නයක් දාගත්තා කියලයි. තවත් සමහරු ජන්කුක්ව දැක්කෙ මින් වූ කියන්නෙ මොන වගේ මිනිහෙක්ද කියලා හරියට නොදැන අහක යන කරදරයක පැටලුණ අසරණයෙක් විදිහට. ඉතිං මේ විදිහට මින් වූගෙ හතුරෙක් විදිහට ප්‍රසිද්ධියට පත් වුණ ජන්කුක් එක්ක යුනිවර්සිටි එකේ කිසිම කෙනෙක් යාලුකමක්වත් පවත්වන්න බය වුණා. හැමෝම හිතුවේ ඒකෙන් එයාලත් මින් වූගෙ හතුරො වෙයි කියලා. ගොඩක් ළමයි ජන්කුක්ට කිව්වෙ වෙච්ච දේට මින් වූගෙන් සමාව අරන් ප්‍රශ්නෙ ගොඩින් බේරගන්න කියලා හරි නැත්තම් පුලුවන් තරම් මින් වූගෙන් පරිස්සම් වෙන්න කියලා හරි විතරයි. මේ වෙනකොට මින් වූ කියන්නෙ කොහොම කෙනෙක්ද කාගෙ කවුද මේ හැමදෙයක්ම දැනගෙන හිටියත් ජන්කුක් කොයිම වෙලාවකවත් එයා කරපු දේ ගැන පසුතැවුණෙ නෑ. මොකද ජන්කුක් විශ්වාස කළා එදා මින් වූ කියන්නෙ කවුද කියලා දැනන් හිටියත් එයා මින් වූට විරුද්ධ වෙන බව.

I Need You ( JM sinhala Ff )Where stories live. Discover now