Episode 9

606 103 4
                                    


ජිමින් හෝසොක් දෙන්නා මීටින් රූම් එකට ගිහින් වැඩි වෙලා යන්න කලින් පාර්ක් ගෲප් එකේ චෙයාර්මන් මිස්ටර් දේජොන් ඇවිත් මීටින් එක පටන් ගත්තා. හෝසොක් කිව්වා වගේම හදිස්සියේ මීටින් එකක් අරන් තිබුණේ Cultural ministry එකෙන් හදන Art gallery එකේ ප්‍රොජෙක්ට් එක ගැන කතා කරන්න තමයි. හැම දෙයක් ගැනම කතා බහ කරලා ඉවර වෙලා සුපුරුදු පරිදි මේ සැරෙත් ජීවොන්ට ප්‍රොජෙක්ට් එක භාරදීලා මීටින් එක ඉවර කරන්නයි දේජොන්ට ඕනි වුණේ.

" ඔයාලට දැන් තේරෙනවා ඇතිනෙ මේක අපි හිතනවට වඩා ගොඩක් ලොකු වැඩක්. එහෙනම් ජීවොන් ප්‍රොජෙක්ට් එකේ හැම වැඩක්ම හරියට බලලා කරන්න.."

ආඩම්බරයෙන් ජීවොන් වැඩේ බාර ගන්න හැදුවත් කවදාවත් නොවුණු විදිහට අද ඩිරෙක්ටර් බොර්ඩ් එකේ හිටිය එක් අයෙක් ජීවොන්ට විරුද්ධ වුණා.

" මිස්ටර් දේජොන් මන් නම් හිතන්නෙ ඔය වැඩේ ජීවොන්ට නොදී වෙන කෙනෙක්ට දෙන එක හොඳයි. ගිය පාර ජේජු හොටෙල් ප්‍රොජෙක්ට් එකත් ජීවොන්ට කර ගන්න බැරි වුණා. මේකටත් ඒකම වුණොත් අපරාදෙ."

හඬ ආපු දිහාවට හැමෝගෙම ඇස් යොමු වෙද්දී ජීවොන් නම් හිටියෙ කතා කරපු කෙනාට දවා අලු කරන විද්දිහෙ බැල්මක් දාගෙන. හැබැයි මීටින් රූම් එකේ හිටපු අනිත් අය නම් පුදුම වුණේ වෙනදට මීටින් වලට එන්නෙ නැති බැරි වෙලා හරි ආවත් කිසිම දෙයක් නොකියා කට පියාගෙන හිටපු පාර්ක් ජිමින් අද කතා කරපු නිසයි. ඒත් ජිමින් කිව්ව දේත් එක්ක ඩිරෙක්ටර් බෝර්ඩ් එකේ හැමෝම අතර කසු කුසු හඬින් කතා බහක් ඇති වුණේ ජිමින් කිව්ව දේ එයාලත් අනුමත කරනවා වගෙයි.

" මන් හිතන්නෙ සර්....මිස්ටර් ජිමින් කිව්ව දේත් ඇත්තක් තියෙනවා. මේ පාර අපි වෙන කෙනෙක්ට චාන්ස් එකක් දීලා බැලුවොත් නරකද."

ජිමින්ට එහාපැත්තෙ හිටිය හෝසොක් එහෙම කිව්වම අනිත් අයත් එය අනුමත කළේ පළවෙනි වතාවට ජීවොන්ට ඩිරෙක්ටර් බෝර්ඩ් එකේ හැමෝගෙන්ම ප්‍රතික්ෂේප වෙන්න සලස්වලා. ඇත්තම කිව්වොත් අනිත් අයත් ප්‍රොජෙක්ට් එක ජීවොන්ට බාරදෙනවට අකමැති වුණත් විරුද්ධ නොවුණෙ ජීවොන් කියන්නෙ චෙයාර්මන්ගෙ පුතෙක් හින්දයි. ඒ වුණත් දැන් මෙහෙම දේජොන්ගෙ තීරණය ප්‍රශ්නයට නඟන්නෙත් එයාගෙම පුතෙක් නිසා කට්ටියම බය නැතුව ජිමින්ට සහාය දැක්කුවා.

I Need You ( JM sinhala Ff )Where stories live. Discover now