Episode 10

608 103 4
                                    


ජිමින් හවස ඇවිත් නටපු නාඩගම නිසා යේජින් ආපහු එයාගෙ ඔෆිස් රූම් එකෙන් එළියට ආවෙ ගොඩක් රෑ වෙලා ශොප් එක වහන ඔන්න මෙන්න තියෙද්දි. වැඩිය කාටවත් මූණ දෙන්නෙ නැතුව ශේප් එකේ වැඩ ටික ඉවර කරලා ශොප් එකත් වහලා ගෙදර ආවෙ අද නම් ජිමින් එක්ක දෙකෙන් එකක් බේර ගන්නවා කියලා හිතාගෙන වුණත් යේජින් එනකොටත් ජිමින් ගෙදර ඇවිත් තිබුණෙ නෑ. කොච්චර වෙලා බලන් හිටියත් නැති පාර කෙල්ල නිදා ගන්න ගියේ හෙට හරි ජිමින් ගෙදර එයි කියලා හිත හදාගෙන.

ප්‍රොජෙක්ට් එක ගැන ගොඩක් දේවල් කතා කර ගන්න තිබුණ නිසා ජිමින් ගෙදර ආවෙ ගොඩක් රෑ වෙලා. ඒ වෙලාවට හරි ආවෙ යේජින් ගෙදර තනියම කියලා සොක්ජින් බැනලා පන්නපු හින්දයි. ටිකක් පරක්කු වෙලා නිදා ගත්ත නිසා ජිමින් පහුවදා ඇහැරුණෙත් වෙනදට වඩා දවල් වෙලා.

සාමාන්‍යයෙන් යේජින් ශොප් එකට යන්න ලෑස්ති වෙලා රූම් එකෙන් එළියට එනකොටත් ජිමින් ඔෆිස් ගිහින් ඉවරයි. ඒත් අද ගෙදරින් එළියට බහිනකොටම දැක්ක මිදුලෙ නවත්තලා තිබුණ ජිමින්ගෙ කාර් එකෙන් කොල්ලා තාම ඔෆිස් ගිහින් නෑ කියලා යේජින්ට තේරුණා. එහෙම්ම ආපහු ගේ ඇතුළට ගිහිල්ලා සාලේ තිබුණ සෝෆා එකෙන් වාඩි වුණ යේජින් පඩිපෙළ දිහා බලන් හිටියේ කීයට හරි ජිමින් පහළට එයි කියලා බලාපොරොත්තුවෙන්.

ජිමින් ඔෆිස් යන්න ලෑස්ති වෙලා පඩිපෙළ බැහැගෙන එනවත් එක්කම දැක්කේ සෝෆා එකේ ඉදන් තමන් දිහා බලන් ඉන්න යේජින්ව. ඒත් සුපුරුදු පරිදි ගනන් නොගෙන දැක්කෙ නෑ වගේ යන්න හැදුවත් කෙල්ල නැගිටලා ඇවිත් එයා ඉස්සරහ හිට ගත්ත නිසා අකමැත්තෙන් වුණත් ජිමින්ට නවතින්න සිද්ද වුණා.

" මොකද යේජින් වෙලා තියෙන්නෙ."

මුකුත් නොදන්න බබා වගේ ජිමින් කතා කරාට කොල්ලා දැනන් හිටියා යේජින් මෙහෙම එයා එනකන් මඟ රැකන් ඉන්නෙ කොෆි ශොප් එකේ සීන් එකට කියලා.

" මට නෙමෙයි ඔයාට මොකද්ද වෙලා තියෙන්නෙ ජිමින්. මොන විකාරයක්ද ඊයෙ අර ශොප් එකට ඇවිත් කරේ"

" මන් කළේ මට ඕනි දේ... "

ජිමින් එහෙම කියාගෙන යන්න හැදුවත් යේජින් ආපහු කොල්ලගෙ පාර හරස් කරලා කතා කරන්න පටන් ගත්තා.

I Need You ( JM sinhala Ff )Where stories live. Discover now