Episode 16

485 92 10
                                    



ජනෙල් තිර රෙදි අතරෙන් වැටෙන හිරු එළියෙන් බේරේන්න කොට්ටෙකින් මූණ වහ ගත්තත් වැඩි වෙලා යන්න කලින් ජිමින්ට ඇහැරුණා. කාමරයේ තියෙන ආලෝකයට හුරු කරමින් අමාරුවෙන් ඇස් දෙක අරිනවත් එක්කම ජිමින්ගෙ අවධානය යොමු වුණේ නයිට්ස්ටෑන්ඩ් එක උඩ තිබ්බ ඩිජිටල් ඔර්ලෝසු තිරයේ දැක්වුණු වෙලාවට. දැක්ක වෙලාව විශ්වාස කරන්න බැරි නිසා ආපහු පාරක් අත් දෙකෙන්ම ඇස් දෙක පොඩි කරලා ඔර්ලෝසු තිරය දිහා බැලුවේ නිදිමරගාතෙ වැරදියට පෙනිලා කියලා ගිතාගෙන වුණත් අවාසනාවකට ජිමින්ට නිදිමරගාතේ හරි පෙනිලා තියෙන්නෙ හරිම වෙලාව.

"අයිශ්.....අට වෙනකන් මන් නිදා ගත්තද!!!!."

වෙනදට බැරි බැරි ගාතෙ බහින ඇඳ උඩින් අද ජිමින් බැස්සා නෙමෙයි කෙළින්ම පැන්නා. හැබැයි බිමට බැස්ස ගමන් ආපහු එතනම නැවතුණේ තාමත් ඊයෙ ඇඳුම් පිටින්ම ඉන්නෙ ඇයි කියලා මතක් කර ගන්න.

" ආහ්... මන් ඊයෙ ගොඩක් ඩ්‍රින්ක්ස් ගත්තනෙ... ටේ වෙන්න ඇති ගෙදර එක්කන් ආවෙ."

තමන්ටම මුමුණමින් ඉක්මනට බාත්රූම් එක ඇතුළට රිංග ගත්ත ජිමින් ටූත්පේස්ට් දාපු බ්‍රශ් එකත් කටේ ගහගෙන දත් මදින ගමන් පුරුද්දට වගේ ඉස්සරහා තිබ්බ කණ්ණාඩියෙන් එයාගෙ හැන්ඩ්සම් මූණ දිහා බැලුවත් අද පොඩි අවුලක් තිබුණා.

'මගේ ඇස් වලට මොකද වෙලා තියෙන්නෙ. ඒවා හොඳටම ඉදිමිලානෙ....සමහරවිට ඊයෙ වැඩිපුර බිව්ව නිසාද දන්නෑ....'

හැමදේකටම ඒ විදිහට තමන්ම උත්තර හිතාගෙන දඩි බිඩි ගාලා වොශ් එකකුත් දාගෙන වෙනදට පැයක් විතර ලෑස්ති වෙන ජිමින් අද පැය භාගෙන් ලෑස්ති වෙලා ටේබල් එක උඩ තිබුණු ෆයිල්ස් වගයකුත් අරගෙන ඉක්මනින් පඩිපෙළ බැහැලා පහළට ගියේ දැනටමත් හොඳටම පරක්කු වෙලා නිසයි. පහළට එනකොට යේජින් කිචන් එකේ ඉදන් බලන් ඉන්නවා දැක්කත් කතා කරන්න තරම් වෙලාවක් ඉතුරු වෙලා නැති හින්දා ජිමින් නවතින්නෙ නැතුව දිගටම යන්නයි හැදුවෙ. ඒත් දොර ළඟට යනවත් එක්කම ඇහුණ යේජින්ගෙ කටහඬට කොල්ලට නවතින්න සිද්ද වුණා.

"ජිමින් ඔයා ඔෆිස් යන්නද හදන්නෙ."

"නැතුව යේජින්. ඔයාට පේන්නෙ මන් වෙන කොහේහරි යනවා වගේද....මට හොඳටම පරක්කු වෙලා තියෙන්නෙ. මන් යනවා."

I Need You ( JM sinhala Ff )Where stories live. Discover now