Episode 7

487 102 17
                                    


මේ වෙලාවෙ ජන්කුක්ව නතර කරන්න පුලුවන් හොඳම තැන විදිහට ජිමින් දැක්කේ සොක්ජින්ගෙ එපාර්ට්මන්ට් එක.  ඒකට ලොකුම හේතුව වුණේ එක සැරයක් ජීවිතය නැති කරගන්න හදපු කොල්ලා ආපහු සැරයක් ඒ දේම කර ගනී කියලා ජිමින් ඇත්තටම බය වුණා. තාමත් මුරණ්ඩු ජිමින්ගෙ හිත ජන්කුක්ව සහෝදරයෙක් විදිහට පිළිගන්න ලෑස්ති නොවුණත් කාත් කවුරුවත් නැති අනාථයෙක් විදිහට ජන්කුක් ඔහේ මැරිලා යනවා දකින්න ජිමින් කැමති වුණේ නෑ.

සොක්ජින්ගෙ එපාර්ට්මන්ට් එක ළඟට එනකන්ම වාහනයෙ ඇතුළෙ කිසිම කතා බහක් සිද්ද වුණේ නෑ. කොහෙද යන්නෙ කියලවත් අහන්නෙ නැතුව ජන්කුකීත් ඔහේ ආවේ ජිමින් එක්කන් යන දිහාවක ඇරෙන්න වෙන යන්න දිහාවක් ඔහුටත් දැන් නැති නිසයි.

එපාර්ට්මන්ට් එකේ පාස්වර්ඩ් එක ගහලා ටේහ්‍යුන් දොර ඇරන් ඇතුළට එන සද්දෙට කිචන් එකේ හිටපු ජින්නුත් සාලෙට ආවා.

" මොකෝ මේ දෙන්නත් එක්ක රෑ වෙලා. යාහ්... ජිමිනා හෙට වෙඩින් එක නේද. අදවත් ගෙදරට වෙලා ඉන්න බැරිද. "

" වෙඩින් එක!!! "

පුදුමයෙන් වගේ එහෙම කිව්වෙ මෙච්චර වෙලා ටේහ්‍යුන්ගෙයි ජිමින්ගෙයි පිටිපස්සෙ හිටගෙන හිටපු ජන්කුක්. මොකද ඔය කියනකන් ජන්කුක් දැනන් හිටියෙ නෑනෙ මෙහෙම හිටියට හෙට ජිමින්ගෙ වෙඩින් එක කියලා. හැබැයි ඒ සද්දෙට තමයි සොක්ජින් බෑග් එකකුත් එල්ලගෙන තව සූට්කේස් එකකුත් එක අතකින් ඇදගෙන බය වෙලා වගේ බලන් ඉන්න හුරතල් පොඩි කොල්ලව දැක්කෙ.

" මේ කවුද? "

ටේහ්‍යුන්නුයි ජිමිනුයි දිහා මාරුවෙන් මාරුවට බලමින් සොක්ජින් කතා කළේ කාගෙන් හරි උත්තරයක් බලාපොරොත්තුවෙනුයි.

" ජින් හියුන්.... මෙයා තමයි ජන්කුක්. ඔයාට පුලුවන්ද ටික දවසක් මෙයාව මෙහෙ නවත්ත ගන්න. මට මේ වෙලාවෙ ජන්කුක්ව නතර කරන්න තියෙන්නෙ මෙහෙ විතරයි හියුන්... "

" අයියෝ ජිමිනා... ඕක මොකද්ද. ටික දවසක් නෙමෙයි හැමදාම වුණත් මට මෙයාව මෙහෙ තියාගන්න පුලුවන්."

ජිමින්ගෙ පිටට තට්ටුවක් දාන ගමන් සොක්ජින් හිනා වෙලා ජන්කුක් අල්ලගෙන හිටපු සූට්කේස් එකත් එයාගෙ අතට අර ගත්තා.

I Need You ( JM sinhala Ff )Where stories live. Discover now