Episode 19

494 96 19
                                    



"ඕක නවත්තනවා....."

ඇහුණු සද්දෙට මුලු කැෆටේරියා එකේම හිටිය ළමයිගෙ අවධානය දොර ළඟ හිටපු ජිමින්ට හා ටේහ්‍යුන්ට යොමු වෙද්දී මින් වූත් ගහන එක නතර කරලා එක අතකින් ජන්කුක්වත් අල්ලගෙනම අනිත් පැත්ත හැරුණා.

"සූජින්....ඒ ඉන්නෙ පාර්ක් ගෲප් එකේ ඕනර්ගෙ පුතා ජිමින් නේද..."

"හ්ම්.... මන් හිතන්නෙ අර ඉන්නෙ කිම් ටේහ්‍යුන්. එයාව මන් එකපාරක් බිස්නස් පාර්ටි එක්කදි දැකලා තියෙයි"

තමන්ගෙ පිටිපස්සෙන් ඇහුණ සූජින්ගෙ හා චෑන්ගෙ කතා බහෙන්ම ආපු දෙන්නව අඳුර ගන්න මින් වූට ලේසි වුණා. ජන්කුක් හැදෑරුවේ business management degree එකක් නිසා මෙතන හිටපු බහුතරයක් බිස්නස් ෆැමිලි වල ළමයින්ට අමුතුවෙන් ජිමින් හා ටේහ්‍යුන්ව අඳුරගන්න දෙයක් තිබුණෙ නෑ.

ව්‍යාපාර ලෝකයේ ප්‍රභලයන් ලෙස නොමැකෙන නමක් සටහන් කරපු පාර්ක් ගෲප් එක හා කිම් කෝපරේෂන් එක ගැන කවුද නොදන්නෙ. ඉතිං ඒ දෙක ගැන දන්න කෙනෙක් කීයටවත් පාර්ක් ජිමින් ගැනයි කිම් ටේහ්‍යුන් ගැනයි නොදැන ඉන්න විදිහකුත් නෑ. ඒත් මෙතන කාටවත් නොතේරුණේ ඇයි ජිමින් හා ටේහ්‍යුන් දෙන්නා ජන්කුක්ට ගහන්න යන මින් වූව නැවැත්තුවේ. ඔය සංකීර්ණ ප්‍රශ්නයට පිළිතුරක් හොයමින් කැෆටේරියා එකේ හිටපු හැමෝම ළමයි ජිමින් ටේහ්‍යුන් දෙන්නා දිහා බල බලා කසු කුසු හඬින් ළඟ ඉන්න අයත් එක්ක කතා කරත් ජිමින්ගෙ අවධානය නම් ගත්තෙ ඔය එකක්වත් නෙමෙයි. මින් වූගෙ අත් වල දැඩි ග්‍රහණයට හසු වෙලා ඇස් දෙකත් ලොකු කරගෙන තමන් දිහා පුදුමයෙන් බලන් ඉන්න ජන්කුකීට.

"තමුසෙ දැන්ම ඔය කොල්ලව අත අරිනවා...."

ජිමින් කෑ ගහගෙනම මින් වූ ළඟට ආවත් මින් වූ නම් පොඩ්ඩක්වත් ජන්කුක්ව අතාරින්න ලෑස්ති වුණේ නෑ.

"මේහ්.... මිස්ටර් ජිමින් ඔයා මෙතනට මොකට ආවද කියන්න මන් දන්නෑ. හැබැයි ආපු වැඩේ කරගෙන පාඩුවේ යන්න.....මේ චෝයි මින් වූගෙ වැඩ වලට ඇඟිලි ගහන්න එන්නැතුව..."

"‍මහ ලොකු චෝයි මින් වූ....ඒයි පොඩි එකෝ තමුසෙගෙ තාත්තා ඇමති කෙනෙක් වුණා කියලා අපි දැන් බය වෙන්න ඕනාද....හොඳින් හෝ නරකින් ජන්කුක්ව මෙතනින් අරගෙන මිසක් අපි යන්නෙ නෑ..."

I Need You ( JM sinhala Ff )Where stories live. Discover now