Episode 31

565 115 30
                                    


"යාහ්... ජිමිනා... තමුසෙ තනියම බොනවා නම් මට මොකටද කතා කළේ."

කිසිම කතා බහක් නැතුව සැරින් සැරේ පුරවපු වයින් වීදුරුවෙන් උගුරක් බොන ගමන් කල්පනා ලෝකෙක තනි වෙලා ඉන්න ජිමින් දිහා බලාගෙන ටේහ්‍යුන් කතා කළාට ජිමින්ගෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබුණෙ නෑ.

"කියනවා.... මොකද මේ මූඩ් අවුල් වෙලා. ආපහු අර ජීවෝන් කාරයා මොකක් හරි කළාද. නැත්තම් ‍රණ්ඩු වුණාද. ඔහොම ඉන්නෙ නැතුව කියනවකො ජිමිනො.... මට තමුසෙගෙ හිත කියවන්න බෑනෙ."

ජිමින්ගෙ අතේ තිබ්බ වයින් වීදුරුවත් උදුරලා අරන් ටේහ්‍යුන් කෑ ගහද්දී තවදුරටත් නිහඬව ඉන්න බැරි බව තේරුණත් ජිමින් මුළින්ම කළේ කතා කරනවා වෙනුවට සාක්කුවෙ තිබ්බ ෆෝන් එක අරන් ජිමින්ගෙ හිතේ වේදනාවට හේතු වුණු ඒ අමිහිරි ෆොටෝ ටික ටේහ්‍යුන්ට පෙන්නපු එක.

"මේ... මේ.... ඉන්නෙ යේජින් නේද.... ඒත් කවුද මේ කොල්ලා. අනික මේ ක්ලබ් එකක් ඇතුළෙනෙ.... ඒයි ජිමිනා කොහෙන්ද ඔයාට මේ ෆොටෝස්."

"එව්වෙ කවුද කියන්න මාත් දන්නෙ නෑ ටේ. ඒත්..... එව්ව කෙනා කවුරු වුණත් ඔය ඉන්නෙ මගේ වයිෆ්. මට මේ කිසිම දෙයක් තේරෙන්නෙ නෑ ටේ... මගෙ ඔලුවත් එක්ක අවුල් වෙලා තියෙන්නෙ."

කෙඳිරිලි හඬින් කතා කරන ගමන් අත්දෙකෙන්ම ඔලුවත් අල්ලගෙන ජිමින් මේසෙට බර වෙන අතරේ අතේ තිබ්බ ෆෝන් එකෙන් පෙනෙන යේජින්ගෙ රුව දිහා බලාගෙන ටේහ්‍යුන් කල්පනා කළේ කවුරු එව්වද කියලවත් දන්නෙ නැති ෆොටෝ එකක් ජිමින්ව මෙච්චර අවුල් කරන්න හේතුව. මොකද තමන්ගෙ මැරේජ් එක යේජින්ගෙන් පළිගන්න ලැබුණු චාන්ස් එකක් විදිහට දැක්ක පාර්ක් ජිමින් කියන්නෙ කවදාවක් කෙල්ලෙක්ට ලේසියෙන් අවුල් කරන්න බැරි කොල්ලෙක් බව කාටත් වඩා හොඳට ටේහ්‍යුන් දැනගෙනයි හිටියෙ.

"ජිමිනා ඔක්කොටම කලින් මට ඇත්තම කියනවා... තමුසෙ යේජින්ට ආදරෙයිද...."

නොසිතපු විදිහට ටේහ්‍යුන්ගෙන් ලැබුණ ප්‍රශ්නෙට ජිමින් පොඩ්ඩක් ගැස්සුණත් තවත් තමන්ගෙ හිතේ තියෙන හැඟීම් හංඟගෙන තනියම විදවන්න ජිමින්ට ඕනි වුණේ නෑ. අන්න ඒ නිසා ජිමින් තීරණය කළා පළවෙනි වතාවට එයාගෙ හිතේ යේජින් ගැන තියෙන ආදරණීය හැඟීම තව කෙනෙක්ට හෙළි කරන්න.

I Need You ( JM sinhala Ff )Dove le storie prendono vita. Scoprilo ora