Episode 20

551 96 10
                                    


"කිම් ටේහ්‍යුන් කියන්නෙ ඔයාගෙ බෝයිප්‍රෙන්ඩ්නෙ... මන් ඒක දන්නවා...."

ඇහුණු වචන ටික හරියට තේරුම් ගත්ත සැනිණ් ජන්කුක් මහ දවාලේ හොල්මනක් දැක්කා වගේ සූයා දිහා ගල්ගැහිලා බලාගෙන හිටියෙ මෙච්චර වෙලා හොඳට හිටපු කෙල්ල එකපාරටම මොනවද මේ කියවන්න ගත්තෙ කියලා තේරුම් ගන්න බැරුව. හැබැයි සූයා නම් අයිස්ක්‍රීම් එකත් කකා බලාගෙන හිටියෙ කිසිම අමුතු දෙයක් නොකියපු ගාණටයි.

"ඒක නම් මරු විහිලුව සූයා....මන් දැනන් හිටියෙ නෑනෙ ඔයාට ඔය වගේ විහිලුත් කරන්න පුලුවන් කියලා..."

අපහසුවෙන් මූණට හිනාවක් අරගෙන ජන්කුකී ඇහුණ දේවල් විහිලුවක් කියලා හිතන්න හැදුවත් සූයා නම් පොඩ්ඩක්වත් හිනා වුණේ නෑ.

"මන් කළේ විහිලුවක් නෙමෙයි ජන්කුක්.... මන් හැමදේම දන්නවා තවත් මට බොරු කරන්න එපා. කියන්න මන් ඔයාගෙ යාලුවා නේද... ඉතිං මොකද්ද අනේ මටවත් කියන්න බැරිද ඒ ගැන."

අන්න එතකොට තමයි ජන්කුක් අකමැත්තෙන් වුණත් පිළිගත්තෙ සූයා මේ කරන්නෙ විහිලුවක් නෙමෙයි බව.

"මොනවද සූයා ඔයා කියවන්නෙ. කවුරු මගේ බෝයිප්‍රෙන්ඩ් කිව්වා...කිම් ටේහ්‍යුන්.... මොන විකාර කතාවක්ද ඒ. ඔයා ඔහොම කියන්නෙ අද වෙච්ච දේවල් නිසා නම් මන් ජිමින්ශිවයි ටේහ්‍යුන්ශිවයි ටිකක් අඳුරනවා... ඒකයි ඒ දෙන්නා මට උදව් කළේ...ඒ ඇරෙන්න වෙන මුකුත් නෑ... ඇත්තමයි."

"ජන්කුක් ඔයා තාමත් මට බොරු කියන්නෙ....ඔයා හිතන්නෙ අද දැක්ක දේවල් නිසා මන් එහෙම කිව්වා කියලද.....නෑ මට මෙච්චර දවසක් ඔයයි ටේහ්‍යුන්ශි ගැනයි සැකයක් විතරයි තිබුණෙ. හැබැයි අද ඒ සැකේ තහවුරු වුණා."

" මොන සැකයක් ගැනද කියන්නෙ....සූයා ප්ලීස්...මට තේරෙන විදිහට කියන්න..."

"හරි මුළින් මන් කියන එක අහලා ඉන්නකො..... එදා ඔයා ලෙක්චර් හෝල් එකේදි මින් වූ එක්ක ගහගෙන ප්‍රොෆෙසර්ට අහුවුණ දවසෙ මින් වූ ඇවිත් හැමෝටම කිව්වනෙ ඔයාව සති තුනකට suspend කළා කියලා. ඒක ඇහුවම මට හිතුණා ඔයාට සොරි කියන්න ඕනි කියලා. මොකද මන් නිසානෙ ඔයා මින් වූ එක්ක පැටළුනේ. ඔයත් එක්ක කතා කරන්න හිතාගෙන එදා මම ප්‍රොෆෙසර්ගෙ ඔෆිස් එක ළඟට වෙලා බලන් හිටියා. එතකොට මන් දැක්කා ඔයා ටේහ්‍යුන්ශි එක්ක එළියට එනවා. හැබැයි එළියට ආපු ගමන් ඔයා එයාව බදා ගත්තා..... එයත් ඔයාව බදාගෙන ඔලුවත් අතගෑවා. මන් ටිකක් එහාට වෙලා හිටිය නිසා ඔයාලා මාව දැක්කෙ නෑ....දැන් ඔයාම කියන්නකො පොඩි ඇඳුරුම් කමක් නිසාද ඔයා එහෙම කළේ ජන්කුක්...."

I Need You ( JM sinhala Ff )Where stories live. Discover now