Episode 43

545 106 33
                                    


ඊයෙ දවසෙ සූයාත් එක්ක සිද්ද වුණු කතාබහට සතුටුදායක අවසානයක් නොතිබ්බ හින්දා වෙනදා වගේ සූයාගෙ මූණ බලන්න තරම් හයියක්වත් ආශාවක්වත් නැති ජන්කුක්ට අද උදේම යුනිවර්සිටි මේන් ගේට් එකෙන් ඇතුල් වෙද්දිම හිතට දැනුණේ හරිම මූසල හැඟීමක්. ඒත් ජන්කුකී ගෙදරින් ආවේ ආපහු සූයා එක්ක කතා කරලා ඊයෙ නොදැක්ක සතුටුදායක අවසානයට අදවත් පොඩ්ඩක් හරි ළං වෙන්න අදිටන් කරගෙන. හැබැයි ජන්කුක්ගෙ ඒ අහිංසක බලාපොරොත්තු බිඳිලා යන්න වැඩි වෙලාවක් ගත වුණෙ නෑ.

ලෙක්චර් හෝල් එකට ඇතුල් වෙද්දිම හිටපු ළමයි හැමෝම අතරින් සුපුරුදු පරිදි ජන්කුක්ගෙ ඇස් නතර වුණේ සූයා ළඟ. ඒත් ජන්කුක්ව දැක්ක හිටියෙම සූයා නොදැක්ක ගානට අනිත්පැත්ත බලා ගනිද්දී ජන්කුක් හිතට ධෛර්ය අරන් කිසි වෙනසක් නැතුව වෙනදා වගේම අදත් ගිහින් සූයා ළඟින්ම වාඩි වුණා. හැබැයි ජන්කුක් එක්ක එක ඩෙස් එකේ වාඩි වෙලා ඉන්න අකමැති වුණ සූයා කළේ එයාගෙ බෑග් එකත් එල්ලන් ඩෙස් එක උඩ තිබ්බ පොත් ටිකත් අරන් එතනින් යන්න හදපු එක.

"ඔහොම ඉන්න සූයා. ඔයා යන්න එපා. මන් යන්නම්."

වාඩිවෙලා හිටිය තැනින් නැඟිටලා යන්න තරම් සූයාට තිබ්බ හේතුව තමන් බද හොඳින්ම දැනන් හිටපු ජන්කුක් යන්න නොදී සූයාගෙ අතින් අල්ලලා නතර කළේ සූයා වෙනුවට එයා වෙන තැනකට යන්න හිතාගෙනයි. මොකද ජන්කුක් කැමති වුණේ නෑ කවදාවත් සූයා එයාව කරදරයක් විදිහට දකිනවට. ලෙක්චර් හෝල් එකේ තවත් පේළි කිහිපයක් පිටිපස්සට ගිහින් වාඩි වෙලා ජන්කුක් බෑග් එකෙන් එයාගෙ පොත් ටික එළියට ගන්න අතරේ වටේ පිටේ ළමයි හැමෝගෙම අවධානය තමන් දිහාවට යොමු වෙලා තියෙන බව තේරුණත් ඒ දහසකුත් ඇස් මඟ හැරලා ජන්කුක් කළේ පොත් ටික ඩෙස් එක උඩින් තියලා ෆෝන් එකට ඔලුව ඔබාගත්තු එක.

මෙච්චර දවසක් කැම්පස් එක ඇතුළෙ කොයි වෙලෙත් එකට හිටපු ජන්කුක් සූයා දෙන්නා කා අතරත් ආදරණීය කපල් එකක් විදිහට ප්‍රසිද්ධියට පත් වෙලා තියෙද්දි මින් වූ කොරියාව අතහැරලා යනවත් එක්කම මේ දෙන්නා එයාලගෙ රඟපෑම අවසන් කළත් කාටවත් ඒක ගානක් වුණේ නෑ. මොකද කපල් එකක් විදිහට හැසිරෙන එක නතර කළාට ජන්කුකීත් සූයාත් යුනිවර්සිටි එක ඇතුළෙ හැමවෙලේම හිටියෙ එකටමයි. ඉතින් ඊයෙ වෙන තුරුත් මේ දෙන්නා ආදරය කරන බව හිතාගෙන හිටිය හැමෝම අද ලෙක්චර් හෝල් එක ඇතුළෙ වෙන වෙනම වාඩි වෙලා ඉන්න සූයා දිහා වගේම ජන්කුක් දිහාත් බැලුවෙ පුදුමයෙන්. හැබැයි ඔය කවුරු තමන් දිහා බලාගෙන හිටියත් ලෙක්චර් එක අතරතුරෙදි පවා ජන්කුක්ගෙ ඇස් සැරින් සැරේ පේළි කිහිපයක් ඉස්සරහින් ඉන්න සූයා ළඟ නැවතුණේ එකම එක පාරක් හරි ඒ ඇස් තමන් දිහා හැරිලා බලයි කියන අපේක්ෂාවෙන්. ඒත් ප්‍රොෆෙසර් ලෙක්චර් එක ඉවර කරලා හෝල් එකෙන් එළියට ගියත් ජන්කුකීගෙ අහිංසක ආසාව නම් ඉටු වුණේ නෑ.

I Need You ( JM sinhala Ff )Where stories live. Discover now