Episode 28

652 115 32
                                    


"මොකද්ද යේජින් ඔයාට කියන්න තියෙන්නෙ."

ඔෆිස් රූම් එක ඇතුළෙ යේජින්ගෙ ඉස්සරහින් සෝෆා එකේ වාඩිවෙන ගමන් ජිමින් කතා කළාට යේජින්ට කෙළින්ම ආපු කාරණාව කියාගන්න පුලුවන් වුණේ නෑ.

"නෑ... ජිමින් මේ... මේකයි...."

ටිකකට කලින් සේවකයො ඉස්සරහා කේන්තියෙන් කෑ ගහපු ජිමින් දැන් මෙහෙම නිවිලා හිටියට අද රෑ ඩිනර් ඉන්වයිට් එක කියපු ගමන් ආපහු වෙස්පෙරළෙයි කියලා යේජින් බය වුණා. ඔඩොක්කුවේ තිබ්බ අත් දෙක දිහා බලාගෙන යේජින් මෙහෙම කියන්න අදිමදි කරද්දී ජිමින්ගෙ හිතේ තිබ්බ කුතුහලය තවත් වැඩි වෙච්ච එක විතරයි වුණේ.

"ඒයි මොකෝ මේ.... ඕක ඔය තරම් කියන්න අමාරු දෙයක්ද."

"එහෙම.... නෑ...ජිමින්. මේකයි අපේ අම්මා කෝල් කළා. එයා අද ඩිනර් එකට එහෙ එන්න කියනවා."

"හරි ඉතිං දැන් මොකද්ද ප්‍රශ්නෙ."

"එයා මට විතරක් නෙමෙයි අපි දෙන්නටම එන්න කියන්නෙ. ඔයත් අද මාත් එක්ක අපේ ගෙදර යමුද. ප්ලීස්...."

බලාපොරොත්තු පිරිලා තියෙන යේජින්ගෙ ඇස් දිහා බලාගෙන ජිමින් කොහොමද ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කරලා කෙල්ලගෙ හිත රිද්දන්නෙ. ඔෆිස් එකේ කොච්චර වැඩ ගොඩගැහිලා බිසී වෙලා හිටියත් තමන්ගෙ වයිෆ් වෙනුවෙන් පුංචි වෙලාවක් හරි හොයාගන්න ජිමින් තීරණය කළේ ඒකයි.

"ම්.... හරි එහෙනම් අපි යමු."

"ඔය ඇත්තමද ජිමින්...."

හිතුවෙවත් නැති විදිහට එකපාරින්ම ලැබුණ ජිමින්ගෙ කැමැත්ත විශ්වාස කර ගන්න බැරුව ඇස් දෙකත් ලොකු කරන් තමන් දිහා බලාගෙන ඉන්න කෙල්ලව දැකලා ජිමින්ට හිනා ගියා. හැබැයි ජිමින් එහෙම හිනා වුණාට මෙච්චර කාලයක් තමන්ගෙ වයිෆ්ට අම්මෙක් අප්පෙක් ඉන්නවද කියලවත් හෙව්වෙ නැති ජිමින් අද මෙහෙම එක පයින්ම යේජින්ගෙ ගෙදර යන්න කැමති වුණාම කෙල්ල පුදුම වෙන එක අහන්නත් දෙයක්ද....

"යාහ්... යේජින් දැන් නිකන් අදම මාව දැක්කා වගේ බලාගෙන ඉන්න එපා.... මන් කිව්වෙ ඇත්ත තමයි. ඒක නෙමෙයි අම්මා මොකෝ අදම එන්න කිව්වෙ. මොකක් හරි විශේශ දෙයක්ද."

I Need You ( JM sinhala Ff )Where stories live. Discover now