Episode 39

623 119 78
                                    


ඊයෙ රෑ රණ්ඩුව නිසා තාමත් රිඳුම් දෙන අත පයත් එක්ක යුනිවර්සිටි යන්න පරක්කු වෙනවා කියලා දැන දැනත් ජන්කුක් කළේ ඇඳේ ඒ කොනටයි මේ කොනටයි පෙරළි පෙරළි නැගිටින්න කම්මැලි කමේ හිටපු එක. ඔය අස්සෙ ආපහු සැරයක් වැදුණු ෆෝන් එකේ එලාර්ම් එකත් ඕෆ් කරලා නිදිමත යන්නත් එක්ක SNS පැත්තෙ යද්දි හිටිහැටියෙම දැකපු නිව්ස් ආර්ටිකල් එහෙක හෙඩ්ලයින් එකක් මෙච්චර වෙලා තිබ්බ ජන්කුකීගෙ නිදිමතත් නැත්තටම නැති කරලා දැම්මා කිව්වොත් හරියටම හරි.

'මෙම වසරේ හොඳම වෛද්‍යවරයා ලෙස සම්මාන ලැබූ ඩොක්ටර් කිම් සොක්ජින්ට චෝයි ඇමතිගේ පුත් මින් වූගෙන් මර්ණ තර්ජන.'

දැනටමත් හැමතැනම ශෙයා වෙවී වයිරල් වෙලා තිබ්බ නිව්ස් එක දැක්ක ගමන් කෙළින්ම ඇඳෙන් බිමට පැන්න ජන්කුක් සිද්ද වෙන දේ දැනගන්න හිතන් රූම් එකෙන් එළියට දිව්වෙ ජිමින්ව හොයාගෙන.

.........................................................................

ජිමින් උදේම නැඟිටලා වෙනදා වගේ ඔෆිස් යන්න ලෑස්ති වුණාට ටයි එක දාගන්න වැඩේ වෙනදට වඩා අද ටිකක් අමාරු වුණා. තාමත් වේදනා දෙන අතේ තියෙන තුවාලෙත් එක්ක අත් දෙකෙන්ම හරියට ටයි පටිය අල්ලගන්නවත් අසරණ ජිමින්ට පුලුවන් වුණේ නෑ. ඔය අතරෙ බාත්රූම් එකේ ඉදන් එළියට ආපු යේජින්ගෙ ඇසුත් ටයි පටියත් අල්ලගෙන ඩ්‍රෙසින් ටේබල් එක ඉස්සරහා දඟලන ජිමින් ළඟ නැවතෙද්දී පුංචි හිනාවක් මූණට ආවෙ ඉඹේටමයි.

හිනාවෙලා විතරක් නැවතුණේ නැති යේජින් එයාගෙ හස්බන්ඩ් ළඟට ගිහින් කිසිම අවසරයකින් තොරව ජිමින්ගෙ අතේ තිබ්බ ටයි පටිය අරන් දාන්න පටන් ගන්න අතරේ තමන්ගෙ බෙල්ල වටේ එතුණු අත් දෙකට ජිමින්ගෙ හිතට පුදුමයක් වෙනුවට දැනුණෙ ආදරයක්. යේජින්ගෙ එහෙ මෙහෙ යන දිගැටි ඇස් දිහා වශී වෙලා වගේ බලන් හිටිය ජිමින්ට කෙල්ලගෙ  මූණට වැටුණු කොණ්ඩ කැරලි හරිම කරදරයක් විදිහටයි දැනුණෙ. එහෙම මූණට වැටුණු කොණ්ඩ කැරැල්ලක් කන පිටිපස්සෙ රඳවන ගමන් ජිමින් එයාගෙ අත එහෙම්ම යේජින්ගෙ කම්මුලක් මත තියාගෙන ආදරයෙන් ඒ කම්මුල ඇඟිලිතුඩු වලින් පිරිමැද්දේ ලස්සන හිනාවකුත් මූණෙ රඳවගෙනයි.

I Need You ( JM sinhala Ff )Where stories live. Discover now