හැත්තෑ පස්වෙනි පරිච්ඡේදය

841 92 83
                                    

සනී ඔහේ ඈත බලන් ඉන්නවා. මාත් පිස්සු පකෙක් වගේ ඔහේ ඈත බලන් ඉන්නවා. දැන් නම් රෑ වෙන්නත් ළඟයි. ගේ වටේම ලයිට් දාලා පොඩි ලස්සනකුත් තියෙනවා. මට දෙනූව මතක් උනා. එයා මොනව කරනවා ඇතිද.. තනීයෙන් ඔහේ පොතක්වත් කියවකියව ඇති. එයා අර චූටි ගෙදර තනීයෙන් ඉන්න හැටි මතක් වෙලා මගෙ හිත හීනියට රිදුනා. එයාට හිටපු එකම යාලුවත් නැති උනානෙ. දැන් එයාට කවුරුවත් ම නෑ. මට ඒ ගැන හිතෙද්දි ඇත්තටම දුකයි. අපේ අයියට උනත් දෙනුත් එක්ක වැඩියෙ කතාකරන්න වෙලාවක් නෑ. දෙනූ මේ ලෝකෙන්ම තනිවෙලා වගේ මට දැනෙනවා.

"කවුද ඔයාගෙ ලවර්?"

"ම්ම්ම්..?" මං පියවි ලෝකෙට ආවෙ සනීගෙ කටහඬින්.

"ඔයාගෙ ලවර් කවුද?"

මං දන්නෙ නෑ මොන විදිහෙ උත්තරයක් දෙන්නද කියලා. මට ලෝකෙටම උනත් එයා ගැන කියන්න බැරිකමක් නෑ. ඒත් මේ වෙලාවෙ ඒක කරන්න බෑ.

"ඔයා එයාව දන්නෙ නෑ."

"මං දන්නෙ නෑ තමයි. එයා කොහොම කෙනෙක්ද?"

"ම්ම්ම්.. ලස්සනයි.. කෙට්ටුයි.. අහිංසකයි.. කරුණාවන්තයි..ම්ම්ම්.."

සනී හිනාවීගෙන අහන් හිටියා. නිකන් මං මාර interesting දෙයක් කියනව වගේ. හරි අමුතුයි.

"ඇයි?" මං ඇහුවා.

"නෑ තවුසෙගෙන් මනමාලකම බේරෙනවා."

"අනේ මේ විකාර කියන්නැතුව ඉන්න අක්කෙ."
සනී ආයෙත් හිනාවුනා.

"ඔයා ඇත්තටම ඒ කෙල්ලට හුඟක් ආදරේ ඇති. බලන් යද්දි අජීගෙ ideal type එක මගෙ ළඟින්වත් යන්නෙ නෑනෙ."

"එයා මගෙ ideal type ම කියන්න බෑ.. ඒත් එයා තමයි love of my life. ඒක මං දන්නව."

"ම්ම්ම්.. I have no chance.. i see."

මේ ගෑනි විඩෙන් විඩේ එක එක රෙද්දවල් කියලා මාව බයකරනවා. මට තේරුම් ගන්න බෑ සනී ඇත්තටම මාත් එක්ක ෆ්‍රෙන්ඩ්ලිද නැත්තන් රඟපානවද කියලා.

"මං කිව්වනෙ අක්කෙ, මං එයාට ආදරෙයි.. මං ඔයාට කැමති නෑ.. ඒනිසා ඔය අදහස හිතින් අතෑර ගන්න. අනික මං ඔයාට වඩා බාලයිත් එක්ක. ඇයි මටම මෙහෙම ප්‍රපෝසල් එකක් ආවෙ?"

"මොකද ඔයාගෙ අයියා කලින්ම මට කැමති නෑ කියලා කියලා තිබ්බ නිසා." සනී ඒකත් කිව්වෙ හිනාවෙවී. ආතල් එකේ වගේ.

හඹායමි ඔබව (BxB /Sinhala bl)Where stories live. Discover now