හතළිස් වෙනි පරිච්ඡේදය

1.1K 137 51
                                    

ඉතිං ඔය විදිහට සති දෙකක් ඇතුලත මගෙ මේන් සබ්ජෙක්ට්ස් ටික ඉවරවුනා. සති දෙකක්? යෝහ් ඒක තමයි මං කිව්වෙ මේක ටහිකෙන කාලසටහනක් කියලා. ඒ ටික ඉවරවුනා කියන්නෙ විභාගෙ ඉවරවුනා වගේ තමයි. කවුද අනිත් දෙක ගණන් ගන්නෙ. හැබැයි මට සාධාරණ බයක් තියෙනවා common general test එකට 30ක් නැතිවෙයි කියලා. සාමාන්‍ය දැනීම නෑනෙ. ඒකනෙ..

ඉවරවුනු සබ්ජෙක්ට්ස් ටික ගැන කතාකළොත්, ලොජික් නම් ඕකේ. මෙහෙමයි ඉතින් මට මාව overestimate කරන්න ඕනි නෑ.. අනික මට trust issues තියනව. ඒ නිසා දැන්ම අනාවැකි කියලා පස්ස බිම ඇනගන්න ඕනි නෑ. සිංහල ගත්තොත් ඒකත් ෂේප්. හිතුව තරම් අවුලක් උන්නෑ.. ඒකෙ ලද පස් මල් අහල තිබ්බ කියහංකෝ.. මට මතක තිබ්බෙ එකයි.. ඉතිං හතරක් නොදැන එක ලියල වැඩක් ඇතැයි. ඒකත් ලියන්නැතුව හිටිය ඉතිම්.

පොලිටිකල් තමා ඉතින් මට කෙලියෙ. කොහොමහරි ලිව්වා. ඒත් අමාරුයි. මං ඒක ගැන ආයෙ හිතන්නෙ නෑ. හිතලා වැඩකුත් නෑනෙ කොහොමත්. ගොඩක් ළමයි කරන දෙයක් තමයි එක්සෑම් ලියල ඇවිත් ඒ ගැන වදවෙන එක. ආයෙ සැරයක් සූදානම් වෙන එක වෙනම කතාවක්. ඒත් ලියල ඇවිත් හෝන්දු මාන්දුවෙන් ඉන්න එක පිස්සුවක්. දැන් ඒක ඉවරයිනෙ. Let the bygones be bygones.

මං හිටියෙ රෑ, general english එකට ලෑස්ති වෙවී. ඒක නම් එච්චර අවුලක් නෑ. අනික මගෙ හිතත් සැහැල්ලු නිසා පහසුවෙන්ම නෝට්ස් ටිකත් බැලුවා. මට උපදෙස් දෙන්න උන් නම් පුරාම ඉන්නවා.. තියන මොලෙත් බැහැල තියෙන්නෙ උන් හින්දා. සමීරය තමා ඒකෙ උඩින්ම ඉන්න එකා. දැන් තියාම මස්සිනා බලතල පාවිච්චි කරන්න අරන් තියෙන්නෙ. අපේ එකාට ඌ අණකරල තියෙන්නෙ අජී මෙහෙම කරනවද බලන්න, අරෙහෙම කරනවද බලන්න යැයි යැයි ගාල. හරි ෂැපයි.

මං ඉංග්‍රීසි නෝට් වගයක් බලබලා ඉද්දි දොරට තට්ටු කරනව ඇහුනා.

"එන්න." මං දන්නව එන්නෙ කවුද කියලා. ඒ නිසාම මං හිනාවීගෙන දොර දිහා බලන් හිටියා.

දොර ඇරුනහම ඉස්සරහ හිටන් හිටියෙ දෙනූ. එයාගෙ අතේ දුම් දාන මග් එකක්. කෝපි වෙන්නැති. එයා හිතන් ඉන්නෙ එයාට වගේ අනිත් මිනිස්සුන්ටත් කෝපි පිස්සුවක් තියේ කියලා. ඒත් ඉතිං එයා ගේනව නම් මං පුන්නක්කු හරි බොනවා. ඕ යෙස්..

හඹායමි ඔබව (SINHALA BL)Wo Geschichten leben. Entdecke jetzt