සයවන පරිච්ඡේදය

1.5K 173 11
                                    

ඊලග සතිය ඇතුලත ඔක්කෝම වැඩ කටයුතු ඉවරවෙලා අපේ ගෙදර කට්ටිය බිස්නස් ටුවර් එක ගියා. මං මගෙ බඩුත් කද බැදගෙන දෙනූගෙ ඇනෙක්ස් එකට ආවා. ආහ්, ඒක්නෙවෙයි මං කිව්වා නේද ඒකෙ තියෙන්නෙ එක කාමරයයි කියලා? සොරි ෆෝ රෝන්ග් ඉන්ෆොමේෂන්. මොකද රූම් දෙකක් තියනව. ඒක හරිම චූටියි. එයාගෙ කාමරේට පොඩ්ඩක් එහායින්, කුස්සිය ළගින් අස්සට වෙන්න ඒක තියෙන්නෙ. හරිම කියුට් ටයිනි. මං ඉතිං හැමදාටම ඉන්නෙ නෑනෙ. ඒක ඕකේ.

අපේ ගෙදර කට්ටිය 1000 වෙනි වතාවටත් දෙනූට කරදර කරන්න එපා කියල තමා මට ගියේ. ඇත්තටම එයාලා මට සලකන්නෙ නිකං දෙක වසරෙ ළමේකුට වගේ.
සමහරවිට ඔයාල හිතනවා මට ඉන්න වෙන නෑයෙක්ගෙ ගෙයක්වත් මොකක්වත් නැද්ද කියලා. නෑයෝ ගොඩක් ඉන්නෙ ඇබෝර්ඩ්. ලංකාවෙ ඉන්න ගොඩක් අය එක්ක අපේ එච්චර ගනුදෙනුවක් නෑ. නෑයො ඉතින් වේයො වගෙ කියනවනෙහ්. 😂 අපේ ග්‍රැනී ඉන්නෙත් නැන්දා එක්ක යූකේ වල.

දෙනූගෙ ඇනෙක්ස් ආවම දැනුනෙ හරිම සැහැල්ලු හැගීමක්. ළා පාට බිත්ති.. හැමදෙයක්ම හරිම සෞම්‍යයි වගේ. ඒක කියන්න තේරෙන්නෙ නෑ. පරිසරය උනත් එච්චර කලබල නෑ. එයා එයාට ම හරියන තැනක් හොයාගෙන තියෙන්නෙ. ජනෙල් රෙදි පවා සුදු. ජනෙල් හොදට ඇරලා. මං ඒක විස්තර කරන්නෙ කොහොමද.. නිකං බීච් හොටෙල් එකක් වගේ. ඒක තනිකරම මාව නිව්වා.

"පොඩී ඇදුම් මාරුකරගන්න. දැං දවල්ට කන්නත් වෙලාව හරි." දෙනූ ඇවිත් කටත් ඇරන් ගේ දිහා බලන් හිටිය මට කිව්වා.
"හ්ම්."
මං මගේ පුංචි කාමරේට ගියා. පුංචි ඇද, පුංචි මේසෙයි පුටුවයි.. එච්චරයි. මං කිව්වනෙ මේක හරිම ටයිනි කියලා. මං බෑග් අරව මේවා මේසෙන් තියලා, එළිය ට ආවා.

දෙනූ බරට ම වැඩ. සාලෙ කෙළවරට වෙන්න තිබ්බ පුංචි රවුම් මේසෙ කෑම භාජන ගෙනත් තියනවා. එයා බොරූවට මං නිසා කරදර වෙනවා නේද කියල දැනෙද්දි හිතටත් හරිනෑ. මං ඉතිං හෝටලේකට ආවයැ ඔච්චර සලකන්න. බත් බෙදාගෙන කන්න කිව්වා නම් මං කනවනෙ. ගෙදරදි එහෙම නොකරන එක වෙනම කතාවක්. ඒත් මෙහෙදි එහෙම නෑ. මං මගෙ දෙනූ කියන දේ අහනවනෙ. 😌

"අනේ අයියෙ, මේ මොකද. මං පිට මනුස්සයෙක් නෙවේ කියලා ඔයාම නේද කියන්නෙ?" මං ඇහුවෙ දෙනූ අයියා කෑම මේසෙ දිහා අරහෙට හැරිහැරි මෙහෙට හැරිහැරි කල්පනා කරද්දි.

හඹායමි ඔබව (SINHALA BL)जहाँ कहानियाँ रहती हैं। अभी खोजें