හැට හයවෙනි පරිච්ඡේදය

1.1K 137 112
                                    

"කලබල වෙන්න එපා. වෝඩ් එකට දැම්මා කිව්වනෙ."

"හ්ම්ම්.."

මං හිටියෙ වෝඩ් එක ඉස්සරහ තිබ්බ යකඩ පුටුවක ඉඳගෙන. අයියයි අම්මයි ඩොක්ට හම්බෙන්න ගිහින්. දෙනූ මං ගාවින් ඉඳගෙන මාව සන්සුන් කරන්න උත්සාහ කරනවා. පැයක කිහිපෙකට විතර කලින් අයියා ඇවිල්ල තාත්තා හොස්පිට්ල් ඇඩ්මිට් කරලා කිව්ව වෙලාවෙ මායි දෙනුයි අයියයි අපි ඔක්කොම එහෙම්ම හොස්පිට්ල් දුවන් ආවා. සමීරව ගේ ගාවින් දාගෙන ආවා. හොස්පිට්ල් ආවට පස්සත් අම්මටවත් අයියටවත් මාත් එක්ක විස්තර කියන්න උනේ නෑ. තාත්තා ICU එකෙන් නෝමල් වෝඩ් එකට දාලා. ඒත් අම්මා තාමත් ඉන්නෙ බයවෙලා. අම්මා විතරක් නෙවේ අපි ඔක්කොම.

අම්මයි අයියයි දුවලා පැනලා හැමදේම කරද්දි මට උනේ පුටුවක ඉඳගෙන බලන් ඉන්න. තාත්තා ICU දාලා හිටියෙ. දැන් තමයි වෝඩ් එකට දැම්මෙ. අම්මයි අයියා ඒ ගැන අහන්න ඩොක්ට හම්බෙන්න ගිහිං. මං ගාව දෙනූ ඉන්නවා.

ඒත් මට කවදාවත් නැතුව මහ අමුතු හැඟීමක් දැනෙනවා. නිකං මට මගේ පවුල වෙනුවෙන් මොකුත් කරන්න බෑ වගේ useless ගතියක්. ඇත්තටම මං මෙතන ඉඳන් ඉන්නවා ඇරෙන්න වෙන කිසිම ප්‍රයෝජනයක් නෑනෙ. අම්මලත් මට එච්චර අවධානයක් දුන්නෙ නෑ.. මට තේරෙනව මේ වැඩ අස්සෙ එයාලට මාව හුරතල් කරන්න බෑ කියලා. ඒත් පවුලෙන් මාව අයින්කරලා වගේ හැඟීමක් දැනෙද්දි ඒක දරාගන්න මාර අමාරුයි. මටත් එයාලා වෙනුවෙන් යමක් කරන්න ඕනි..

අයියයි අම්මයි ඈතින් මතුවෙද්දි මං නැගිටලා ඉස්සරහට ගියා.

"ඩොක්ට මොකද කිව්වෙ අම්මෙ,?"

ඒත් අම්මා මොකුත් නොකියම ඉස්සරහට යද්දි මට හිතාගන්න බැරිවුනා ඒ ඇයි කියලා.

"ලොකු අවුලක් නෑ. තාත්තා කොහොමත් හාට් පේෂන්නෙහ්. ඕවර්වකින්ග් නිසා තමයි."

උත්තර දුන්නෙ අයියා.

"අයියෙ, අම්මා..?"

"අම්මා තාම ෂොක් වෙලා ඉන්නෙ. ඒකයි ඔය."

"ම්ම්.."

ඒත් මට හොඳක් දැනුනෙ නෑ. අයියයි දෙනුයි දෙන්නම හිතුවෙ මං අවුලෙන් ඉන්නෙ තාත්තා නිසා කියලා. ඔව් ඒකටත් මං අවුලෙන් තමා ඉන්නෙ. ඒත් මෙතන situation එකේ මොකක්හරි වෙනසක් තියනවා. මට ඒක වචනෙන් කියන්න අමාරුයි. නිකන් the air feels heavy වගේ. ඒක මගෙ hallucination එකක්ද කියන්න තේරෙන්නෙ නෑ.

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now