හැට අටවෙනි පරිච්ඡේදය

984 131 94
                                    

මං හිටියෙ නිකන් ගල්වෙලා වගේ. මං හිතන්නෙ මගේ ජීවිතේ මං වැඩියෙන්ම serious උන දවස අද. මං ඇත්තටම ෆුල් ආතල් එකේ හිටපු කොල්ලෙනෙ. ඔයාලා උනත් දනවනෙ ඒක. මං එක්සෑම් ෆේල් කියලා දැනගත්ත මොහොතෙවත් මං මෙච්චර serious උනේ නෑ. ඒත් දැන්, මේ වෙලාවෙ මට දැනුනු හැඟීම වචනෙන් විස්තර කරන්න බෑ.

"What's going on between you and Denuwan?"

ඒ වචන ටික මෙච්චර ඉක්මනට අහන්න උනු එකයි මට තිබ්බ පුදුමෙ. අඩුම තරමෙ result ඒන්නවත් කලින් මේ දේවල් මෙහෙම එළියට එයි කියලා මං හිතුවෙ නෑ. අවුරුද්දකට වඩා හංගන් හිටිය දේවල්.. මාව මරණ දඬුවම ට නියම උනා වගේ.. මගෙ අල්ලට දාඩිය දාලා ඇලෙනවා වගේ.

"පොඩී,"

මං පියවි සිහියට ආවෙ අම්මගෙ කටහඬින්.

"අම්මෙ,"

"ඔයා අවංක වෙයි කියලා මං හිතනවා පුතා."

මගෙ පපුව වේගෙන් ගැහෙනවා. ඒ අස්සෙ ෆෝන් එකට මැසේජස් එනවා මොකද මං ගෙදර ආවා කියලා දෙනූට කිව්වෙ නෑනෙ. එයා බයවෙලාද දන්නෙත් නෑ. ඒත් මට මේ වෙලාවෙ කරගන්න දෙයක් නෑ. Msg එකක් දාගන්නවත් බෑ.. එයාගෙන් කෝල් එකක් එද්දිම මං ෆෝන් එක silent දැම්මා. මං ලොකු හුස්මක් ගත්තා.

"We are dating."
.
.
.
.
.
.

මං බලාපොරොත්තු උනේ කම්මුල් පාරක්ද, බැනුමක්ද.. මොකද්ද කියන්න මං දන්නෙ නෑ. ඒත් මං දරුණු reaction එකක් බලාපොරොත්තු උනා. මං කලබල උනේ එහෙම reaction එකක් නොලැබුනු හින්දා. මං ඒකයි ඇස් උස්සලා අම්මා දිහා බැලුවෙ. එයා හිටියෙ නිකන් ඒක දැනන් හිටියා වගේ බැල්මකින්. එයා ඇහිබැමි පූට්ටු කරන් කොහේදෝ ඈතක් බලන් හිටියා.

"අම්-"

"Break up with him."

"අම්මෙ!!"

නිසල මුහුද ගැඹුරුයි වගේම නිශ්ශබ්ද මිනිස්සු භයානකයි. ඒ නිසයි නිශ්චලව හිටිය අම්මා එකපාරටම පපුවට පිහියෙන් ඇන්නා වගේ කතාවක් කිව්වෙ. මං පුටුවෙන් නැගිට්ටවුනා. ඒක හිතලා කරපු දෙයක් නෙවේ. මං මං.. කොහොමද එහෙම දෙයක් ගැන හිතන්නෙවත්. දෙනූ එක්ක break up වෙන්න.. අම්මා නිකන් කන්න, බොන්න, ඉඳගන්න වගේ බොහොම සරල විදිහට ඒක කිව්වෙවත් කොහොමද..

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now