දාහතරවැනි පරිච්ඡේදය

1.3K 185 20
                                    

"උබේ හිතේ දෙනුවන් අයියා ගැන මොකක්හරි අදහසක් තියනවද?"
.
.
.
එක මොහොතකට මගෙ ඇඟත් එක්ක හිරිවැටිලා ගියා. බයකට නෙවේ. තිගැස්මකට. මං මගේ Sexuality එක ගැනවත් සමීරයට කියලා තිබ්බෙ නැති කොට.. මේකා මෙහෙම දෙයක් අහයි කියලා මං හීනෙකින්වත් හිතුවෙ නෑ. මට හීන් දාඩිය දැම්ම.. මූ කොහොමද දෙයියනේ දැනගත්තෙ..

"ස සමීර.. උබ ඇයි එ එහෙම අහන්නෙ?"
සමීර තාමත් කන්න වගේ මගෙ මූන දිහා බලන් ඉන්නව.
"මං අහපු එකට උත්තර දීපංකො."
"මෙහෙමයි.. අනේ මන්ද බං.. එහෙම එකක් තියනව. ඒත් උබ කොහොමද-"
"දැනගත්තෙ කියලද අහන්නෙ? මේ වෙනකන් තිබ්බෙ සැකයක් විතරයි. දැන් තමා දැනගත්තෙ."
මේක යකෝ.. බේසිකය. මං දඩස් ගලා කොන්දට එකක් ගැහුවා.
"ආව් හුඃ"
"උබ ඇයි සැක කලේ?"
"එදා ඩිනර් එක දවසෙ දෙනුවන් අයියා ආවම උබ බලන් හිටපු විදිහෙන්."
දෙය්යනේ මං ඒ තරම් obvious ද..
"උබට අවුලක් නැද්ද?" මං එහෙම ඇහුවෙ ඉතිං මේක ලංකාවනෙ.. කොච්චර ඉගෙනගත්තත් මිනිස්සුන්ට තියෙන්නෙ අර දූපත් මානසිකත්වයක්.
"මේ විසිඑක්වන ශතවර්ෂෙනෙ බං. ඕව මොනවද"
"ඇත්තටම? යකෝ උබ මාරයිනෙ. මමත් මට මේක වෙනකන්ම lgbtq ගැන දැනන් හිටියෙ නෑ. "
"මටත් උබට කියන්න දෙයක් තියනව. ඒකයි මං උබ කියනකන්ම නොඉඳ උබෙන් කලින්ම මේක ඇහුවෙ."
"ඒ මොකද්ද?"
සමීර දිග හුස්මක් අරන් පාත දැම්මා.
"මාත් ගේ"
.
.
.
.
.
.
.
මට මොකද්ද කියන්නෙ කියලා හිතාගන්න බැරිවුනා.
"මං දැනගත්තෙ ඒලෙවල් කාලෙ. උබට මතකද දනිත්ව? කොමස් කලේ.. ඌට මට ක්‍රෂ් එකක් තිබ්බ. පස්සෙ තමා මට තේරුනේ මං ගේ කියලා. මං ගොඩාක් කම්ෆියුස් උනා බන්. කියන්න කෙනෙක් වත් හිටියෙ නෑ. උබත් මැත්ස්නෙ කලේ. ඇරත් උබටත් ඒ ගැන අදහසක් තිබ්බෙ නෑනෙ.. මං මානසික ව වැටුනා. එක්සෑම් රිසල්ට් එන්න කලින් මං දැනගත්ත මං අනාගත්තා කියලා. ඒකයි කලින්ම ප්‍රයිවට් එක්කට ඇප්ලයි කලේ.. එදා උබේ ඇස් දැක්ක ම මට හිතුනු දෙත් එක්ක මට බය හිතුනා උබත් ඒ කාලෙ මං වගේ හිතින් දුක් විඳිනවද දන්නෙ නෑ කියලා. ඒකයි උබෙන් ඇහුවෙ.."
මං සමීරගෙ කතාව කටත් ඇරගෙන අහන් හිටිය. මං මහ ජරා යාලුවෙක්. ඌට ඕනම වෙලාවෙවත් ළඟ ඉඳලා නෑ. ඒත් ඌ මට ඕනි වෙලාවෙ බලෙන්ම ආව... මං පැනපු ගමන් සමීරයව බදාගත්ත.

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now