විසිපස්වෙනි පරිච්ඡේදය (Bonus)

1.3K 181 91
                                    

මං එදා කීයට ඇහැරුනාද්, කොහොම ඇහැරුනාද, කෑවද බිව්වද මට මොකුත් මතක නෑ. මට මතක කඳුලු පිරිච්ච ඇස්වලින් ආයෙ ආයෙ දුලීගෙ ෆොටෝස් බැලුවා විතරයි, ආයෙ ආයෙ මගෙ හිත රිද්දගත්තා විතරයි, ආයෙ ආයෙ කඳුලු වාන් දැම්මා විතරයි.. වාසනාවටද අවාසනාවකට මන්ද ඒ දවස් ටිකේම ගෙදර කවුරුත් හිටියෙ නෑ. මේරියි මායි විතරයි.. සමීරට කතාකරත් ඒ සිද්දිය මුල ඉඳන් ආයෙ කියන්න ශක්තියක් මට තිබ්බෙ නෑ. ඌටත් එක්සෑම් වැටිලා නිසා මට තනියෙන් නිදහසේ අඬන්න ඕනි තරම් කාලෙ තිබ්බා..

අඬද්දි වාරුවෙන්න උරහිසක් ඕනි කිව්වට සමහර වෙලාවට තනියෙන් නිදහසේ අඬන එක තරම් සැහැල්ලුවක් වෙන නැති වෙන්න පුලුවන්.. හරියට දැන් මට වගේ.. මං මේ විසාල ගේ අස්සෙ තනිවෙද්දි අඬද්දි ඇයි කියලවත් අහන්න කෙනෙක් නෑ. උදේ වෙනව දවල් වෙනව රෑ වෙනවා.. මං බැල්කනියෙන් එලිය බලන් ඉන්නවා.. අයියාගෙ කාමරේට ගිහින් තුරුල් වෙලා අඬන්න තිබ්බා ඒත් අඬන්න හේතුවවත් කටක් ඇරලා කියන්න පුලුවන් එකක් උනා නම්..

මට දැනෙන්නෙ මාව ආයෙ මාස ගානක් ආපස්සට විසිවුනා වගේ.. අර අම්මයි තාත්තයි මාසෙකට සැරයක්වත් නොදැක්ක මේ බිත්ති හතර අස්සෙ මං තනිවෙලා කියලා තදින්ම දැනිච්ච කාලෙ..

දෙනූගෙ කලු සුදු ලෝකෙ පාට වැටෙද්දි මගේ පාට පාට ලෝකෙ කලු සුදු විතරක්ම වෙලා ගියා..

මං දන්නෙ නෑ මං හිතනවා වැඩීද කියලා. අඬලා දොඩලා හැපෙන්න තරම් දෙයක් අපි අතරෙ තිබ්බෙත් නෑනෙ. අනික මං කොල්ලෙක් වෙලා මෙහෙම හුස්ම ගන්නැතුව අඬද්දි මටම මං ගැන අනුකම්පාවක් දැනෙනවා. ලෝකෙටම පේන්න හිනාවෙලා ඉන්න අජීනු කාමරේ අස්සෙ අඬනව කියන්න කවුරුත් නොදන්න හැටි..

මිනිස්සුන්ව ගෝල්ස් කරගන්න හොඳ නෑ.. මොකද එයාලා නැතිවෙන දවසට අපිට අපිවත් නැතිවෙනවා.. ඒ අස්සෙ මට කොහෙන්දෝ දැක්ක  post එක්කුත් මතක් උනා..

ඇබ්බැහි වෙන්න හොඳ නැත්තෙම මිනිස්සුන්ට...

ඒත් අපි ඇබ්බැහි වෙන්නෙමත් මිනිස්සුන්‍ට. හරියට මං වගේ. මං දැක්කා පොතක "මිනිස්සුන්ට බෑ වේදනාවල් අමතක කරන්න, කාලයත් එක්ක වේදනාවට හුරු වෙනවා විතරයි" කියලා. ඒත් මට කාලෙකුත් නෑ.. ඒකයි ප්‍රශ්නෙ.. ආයෙ පුරුදු ජීවිතේට ම යන්න වෙනවා හරියට මොකුත්ම නොවුන ගානට.. මේකට වෙන්නැති මිනිස්සු නොමැරි මැරෙනව කියන්නෙ.
_________________________________________

හඹායමි ඔබව (SINHALA BL)Onde histórias criam vida. Descubra agora