දොළොස්වැනි පරිච්ඡේදය

1.4K 178 17
                                    

මං අමාරුවෙන් ඇස් ඇරියා. වෙලාව කීයට විතර ඇද්ද... සුදුපාට කටන්ස්වලින් එලිය වැටිලා කාමරේට නිකං ෆ්ලෑශ් ලයිට් එකක් ගහලා වගේ. ඇස් දෙක කණ වෙනව තව ඩිංගෙන්. දෙනූ නම් තාම හොඳටම නිදි මගෙ කොට්ටෙටත් ගුලිවෙලා. යකෝ මං තනිකරම ඉඳලා තියෙන්නෙ නිකන් මෙට්ටෙනෙ මේකා මගෙ කොට්ටෙ අයිතිකරන්. අර යස අගේට කොට්ටයක් තියනවා එහාපැත්තෙ.. ඇත්තටම දෙනූට මගෙ කොට්ටෙ ගැන මොකක්හරි fetish එකක් තියනව වෙන්න බෑද.. අනේ ලබ්බක් හිතන්නැතුව ඉඳහන් අජී..

මං අමාරුවෙන් ෆෝන් එක ගන්න ට්‍රයි කලා.. බෑනෙ දෙනූගෙ ඔලුව මගෙ අත උඩ. අත උඩ කිව්වට අර කපල් වගේ වෙලිලා ගැලිලා අපි බුදියෑවෙ නෑ මොන ලැජ්ජනැති කමක්ද.. ඒව පස්සෙ පුලුවන් 😉 දැන් එයාගෙ ඔලුව මගෙ අතේ මැද හරියෙ වගේ තියෙන්නෙ. මං මගෙ කොට්ටෙත් දීලා ඒ මදිවට අතත් දීලා මෙයාට නිදියන්න.. බලන්න ඉතිං කපල් ගෝල්ස්.
මං කොච්චර ඇඹරුනත් මෙයා යසට නිදි. ඊයෙ එලාම් තිබ්බෙත් නෑනෙ. දෙනූ හරිම බිසී. එයා වැඩකරන්නේ ප්‍රයිවට් කම්පනි එක්ක නිසා නෝ නිවාඩු. ඉරිද නිවාඩුවටත් මෙයා වැඩ දාගන්නව එසේ මෙසේ කැසිල්ලක් නෙවේ මෙයාට තියෙන්නෙ. පව් මෙහෙම නිදාගන්නව ඇත්තෙ හුඟ කාලෙකින්. සමහර මිනිස්සු ඉන්නවා එලාම් එක නැතත් නිවාඩු දවසට පවා ඔටෝ ඒ වෙලාවට ඇහැරෙන. උන් නම් කියයි අනේ හරි  ශෝක් කියල. මං නම් කියන්නෙ පව. ඇයි යකෝ නිවාඩු දවසටවත් නින්ද යන්නැත්තන් පවක් නෙවෙයිද. දෙනූට නම් එහෙම එකක් නෑ වගේ. හොඳට ගුලිවෙලා පූස් පැටියෙක් වගේ නිදි මගේ සුදුමහත්තය. එක්කො ඊයෙ රෑ අජීගෙ සිංදුව ලලබයි එකක්වත් උනාද.. සැක් මං මට සලකනවා මදි. එසේ මෙසේ දක්ෂතාද මට තියෙන්නෙ. ඩේ කෙයා එකක් දාගත්තා නම් හරි ලොකු උනාම. ඒත් තවත් මොනව ලොකු වෙන්නද.. එක්කො ඕනි නෑ. අපේ ළමයින්ව කවදහරි බලාගද්දි මේ හැකියාව ප්‍රයෝජනවත් වෙයි... දෙනූ වැඩකරලා එනකන් මං ගෙදර්ට වෙලා අපේ ළමයි බලාගන්නවා.. ලොකු පුතයි.. පොඩි පුතයි.. තව දෙනූ වගේ දුවෙකුයි... චූට්-

"පොඩී,"
"ආඅ.. ඔ..ඕ" මං නිකං ෆුල් අන්දොස් වෙලා උඩ බිම බලලා අමාරුවෙන් පියවි සිහියට ආව.
"මොකද කරන්නෙ?"
"ඈ? නෑ මේ මොකුත් නෑ. ඔයා ඇහැරුනාද.. හේහේ"
මං ගොන් හිනාවක් දැම්මා.
"වෙලාව කීයද?"
"මන්දා."
මං එහෙට මෙහෙට ඇඹරෙද්දි එයත් කෙලින් උනා.
"මැරුනා වගේ නින්ද ගියා කාලෙකට පස්සෙ."
"ඇයි නිවාඩු දවසට නිදාගන්නෙ නැහ්?"
"මට නින්ද යන්නෙ නෑ. මේ දවස් දෙක තුනේ හොඳට නින්ද ගියා. පොඩී ගියහම මට මේ ඇඳේම නිදියන්න වෙයිද දන්නෙත් නෑ.. මගේ ඇඳේ දෝසයක්ද කොහෙද..."
"ආ මේ ඒකතමයි හැමදාම මේ ඇඳට එන්නෙ නැතුව මට ආදරේකට නෙවෙයි.."

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now