හැට නවවෙනි පරිච්ඡේදය

1K 132 81
                                    

මං දන්නෙ නෑ මං කොච්චර වේගෙන් ආවද කියලා. සාමාන්‍යයෙන් විනාඩි පහළවකින් විතර යන්න තියන දුර මං විනාඩි පහකින් වගේ ආවා. එනකනුත් steering wheel එක උඩ තිබ්බ මගේ අත් කොච්චර වෙව්ලුවද කියලා මමයි දන්නෙ. මට දැනුනෙ කියාගන්න බැරි විදිහෙ බයක්. මං එයාට කෝල් කලේ පැය දෙක තුනකට වගේ කලින්. හිතාගන්න බෑ ඒ පොඩි වෙලාවට අම්මා එයාගෙ ඔලුව කාලා කියලා. ඇත්තටම මං මේ දුවන්නෙ වෙච්ච කිසිම දෙයක් හරියට දැනගෙන නෙවේ. ඒත් ඒක මට දැනෙනවා මහ මූසල හැඟීමක්.

මං ලේන් එකේ කොණට වෙන්න වගේ වාහනේ නවත්තලා පුලුවන් තරම් ඉක්මනට ඇනෙක්ස් එක පැත්තට දිව්වා..

යද්දි මං දැක්කෙ මුළු ගේම වහගත්ත අඳුරක් විතරයි. එයා සාමාන්‍යයෙන් ඉස්තෝප්පුවෙ ලයිට් එක දාලයි නිදාගන්නෙ. ඒත් අද ඒකවත් නෑ. සුදු පාට බිත්ති කැපිලා නොපෙනෙන්න එතන ගෙයක් තියනව කියලාවත් හොයන්න බෑ..

මං ඉස්තෝප්පුවෙන් ඇතුළට ගිහින් දොර ඉස්සරහින් හිටගත්තා.. කිසිම සද්දයක් නෑ.. ගේ ඇතුලෙනුත් එළියක්වත් පේන්නෙ නෑ. මට හිතාගන්න බෑ මේ මහ රෑ එයා කොහෙ ගිහින්ද කියලා.. අනික අම්මා එයාව හම්බෙන්න ආවෙ දැන් පොඩ්ඩකට කලින් නම් එයාට කොහෙවත් යන්න කාලෙකුත් නෑ.. අම්මා කලින් ආව නම් එයා අච්චර නෝමල් විදිහට මට කෝල් කරලා කතාකරන්නෙ නෑනෙ. අම්මා අද ගෙදර ආවෙත් පරක්කු වෙලා එයා අනිවාරෙන්ම දෙනූ මීට්වෙලයි ආවෙ. මට ෂුවර්.

මං හිතින් තර්ක කරකර හිටියත් මගෙ හදවත නොසෑහෙන්න කලබල වෙලා තිබ්බෙ.. මං එයා ගැන හොඳටම දන්නව. මේ වගේ ප්‍රශ්නෙකදි එයා කොහොමත් සන්සුන්ව හැසිරෙන්නෙ නෑ එයා කොච්චර පරිණත චරිතයක් උනත්. අනික මෙතනදි අම්මා මොන මොන බහුබූත එයාගෙ ඔලුවට දැම්මද දන්නෙත් නෑ.

මං බැරිම තැන එයාට කෝල් කළා.. ප්ලීස් ආන්සර් කරන්න දෙවියනේ.

Rrrrrrrrrrrrrrrr Rrrrrrrrrrrrrrrr Rrrrrrrrrrrrrrrr

මං ගැස්සුනා.. ගේ ඇතුලින් ඇහෙන වයිබ්‍රේට් සද්දෙ! රෑට වටපිටාව නිශ්ශබ්ද නිසා සද්ද පැහැදිලිව ඇහෙනවා. මට වයිබ්‍රේට් සද්දයක් පැහැදිලිව ඇහුනා.. දෙනූගෙ කාමරේ තියෙන්නෙ ඇනෙක්ස් එකේ දොර පැත්තට විරුද්ධ පැත්තෙ. මගෙ කාමරේ ඒ කිව්වෙ ගෙස්ට් රූම් එක තිබ්බෙ දොර පැත්තට ළඟින්.. ඒ කියන්නෙ ඒ සද්දෙ ඇහුනෙ ඒ රූම් එකෙන්ද.. ඒ කියන්නෙ දෙනූ ඇතුලෙද.. එයා මේ කළුවරේ මොකද කරන්නෙ. නින්ද ගිහින්ද.. නෑ එහෙම වෙන්න බෑ..

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now