විසිදෙවෙනි පරිච්ඡේදය

1.4K 184 28
                                    

ඊලග දවසෙත් දෙනූට උණ බැස්සෙ නෑ. ඒත් ආයෙ බෙහෙත් ගන්න යන්නත් කැමති උනේ නෑ. එයාට ගොඩක් ම අමාරු මේ දවස් ටිකේ එකදිගට ම මහන්සි උන හින්දා. අම්මායි අක්කයි කවනවා, බෙහෙත් දෙනවා, නිදිකරනවා. මාත් ඉතිං එතෙන්ට වෙලා හිටියා. ආයෙ මේකා උණ විකාරෙන් මොනව කියයි ද දන්නෙ නෑනෙ. එයාට හරීයටම සිහියක් තිබ්බෙ නෑ. මං හිතන්නෙ එයාට නින්ද යන්නැති කතාව මං ඩොක්ටට කිව්ව නිසා මෑන් ඔන්දස්පොට් නින්ද යන්න බඩු දීලා වගේ. දෙනූ කරේ දවසම නිදාගත්ත එක. ඒකත් හොඳයි එක අතකට.

අයියයි මායි ඔහේ හිටියා ඉතින්. ගෙදර හරිම නිස්කලංකයි. අයියා නම් සමල්ලගෙ ගෙවල් පැත්තෙත් ගියා. මං ඕවට නෑනෙ. මං ළමිස්සි වගේ ගේ අස්සට රිංගන් හිටියා.අයියා ඊයෙ රෑ දෙනූ උණ විකාරෙන් මාව අහද්දි මොකුත් ම නොකියා හිටිය එක මට පුදුමයි. අඩුම තරමෙ ප්‍රශ්නාර්ථ බැල්මක් වත් එයා දැම්මෙ නෑ. මේකයි ඉතිං.. මායි දෙනුයි ගොඩක් සමීපයි ඉස්සර ඉඳන්ම.. ඒක නිසා වෙන්නැති සමහර විට. ඒත් මට පොඩි බයක් නොතිබ්බ ම නෙවේ. මගෙ හිතේ තියන රහස නිසා මට එහෙම නිකරුනේ බය හිතෙනව ද මං දන්නෙ නෑ. අර හොර වැඩක් කරද්දි හැමෝගෙම හිතේ තිගැස්මක් තියනවනෙ. ඒ වගේ සීන් එකක් මටත් වෙලා තියෙන්නෙ. ඔක්කොටම වඩා අයියා ට බොරු කරනව කියලා වරදකාරී මෙව්වා එක්කුත් තියනවා. මොකද මගෙ ජීවිතේ මට සමීපම කෙනා අයියා. මං එයාගෙන් දෙයක් හංගන පළවෙනි වතාව මේ. මං එයාට මේ ගැන මුලින්ම කියනවා.. දෙනූ අයියගෙ හොඳම යාලුවා නොවුන නම්.

මං දන්නව අයියා මට තරමටම දෙනූට ආදරෙයි. එයාලා සහෝදරයො වගේ. වගේ නෙවෙයි එහෙම තමයි. අයියායි මායි සහෝදරයො උනාට අපි අතරෙ තියෙන්නෙ නිකං තාත්තෙක්ගෙයි පුතෙක්ගෙයි වගේ බැඳීමක්. මොකද මං අවුරුදු පහක් බාලයි. අනික අවුරුදු හයේ විතර ඉඳන් එයා මාව බලාගත්තනෙ අම්මලාත් බිසි වෙද්දි. එතකොට දෙනූ තමා එයාගෙ නියම සහෝදරය. ඒ දෙන්න ගොඩක් විවෘතයි. හැම තීරණයකදිම ඒ දෙන්න එකිනෙකාගෙ අදහස් එහෙම අහලා තීරණ ගන්නෙ. අයියා දෙනූ වෙනුවෙන් ගොඩක් දේවල් කරලා තියනවා. දෙනුත් අයියා ට ස්ටඩීස් වලට එහෙම සෑහෙන්න උදව් කරල තියනවා.. එයාලා අතර මාර බැඳීමක් තියෙන්නෙ. මට බයයි මං නිසා අපි අතරෙ ප්‍රශ්න ඇතිවෙයි කියලා. මං මේ ගැන අයියට කියලා ඌ හදිස්සියෙ හරි විරුද්ධ උනොත් අපි තුන්දෙනාගේ මේ බැඳීම දෙදරලා යයි කියලා මට බයයි. අනික දෙනූ කොහොමත් අයියගෙ හිත රිදෙන දෙයක් කරන්නෙත් නෑ. මං මේ දේවල් නොහිතා ඉන්නෙ ඔය නිසා තමයි. හිතන්න ගත්තොත් පිස්සු හැදිලයි නවතින්නෙ.

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now