විසිවෙනි පරිච්ඡේදය

1.4K 152 50
                                    

මළගෙදරට අවසන් කටයුතු දවස් දෙක්කට පස්සෙ තිබ්බා. අපේ අම්මයි තාත්තයි ඊයෙ ආවා. දවල් ඇවිත් ඉක්මනින් ගියා. හැබැයි බඩු හෙන ගොඩාක් ගෙනත් දීල ගියේ. අවසන් කටයුතු අද. ඉතිං අර චාරිත්‍ර අරවමේව ඔක්කොම කරලා මිනිය කනත්තට අරන් ගියා. මේ මළගෙදර තිබ්බ විශේෂත්වෙ තමයි පෙට්ටිය වහද්දි කවුරුවත් බිම පෙරලි පෙරලි, පස් කකා ඇඬුවෙ නැති එක. දෙනූ නම් ගාණක්වත් නැතුවම හිටියා. අම්මයි අක්කයි ටිකක් ඇඬුවා. ඒත් හරි අමුතුයි. මට මොකද්දෝ අමුත්තක් දැනුනා..

මේ දවස් දෙක ඇත්තටම මට එපාවෙලා හිටියෙ. මං මේ වගේ සෙනඟ ඉන්න තැනකට ආවෙ කාලෙකට පස්සෙ. මට ගොඩක් නුහුරුයි. මං සාමාන්‍යයෙන් ගේ අස්සට ම රිංගන් ඉන්න එකානෙ.. ඒකට අපේ ගෙදර අනිත් එකා නම් මළගෙවලුයි, මඟුල් ගෙවලුයි, දාන ගෙවලුයි හැම එකක්ම හොයහොය යනව නිකං අර මන්ත්‍රීලා වගේ. ඒ නිසා ඌට මේව හුරුයි. දැනටම මෙහෙ මිනිස්සු එක්ක ෆිට් වෙලා. ඒකට මං. මං දවසම ඔහේ කොහේටහරි වෙලා බලාගෙන හිටියා. දෙනූටයි, අයියටයි කොච්චරවත් මං අස්සෙ ඉන්න බෑනෙ. මං ටිකක් හරි ෆිට් උනේ අර සමල්ලට විතරයි. උන් ටිකක් ගොඩේ සීන් එකේ හිටියට හිත හොඳ කොල්ලො ටික. උනුත් නැති උනානම් මට කම්මැලිකමට පිස්සු හැදෙන්නත් තිබ්බා. මට පේන්නම බැරි උනේ අර හිවලව. අනේ මන්ද මොන හු###ද කියලා ඌ නිකං මං දිහා කිණ්ඩියටමයි බලන්නෙ. මාත් ඉතින් කට පු# වහං හිටියා වෙන කරන්න දේකුත් නෑනෙ.

අන්තිමට සෙනඟ ඔක්කොම එහාට මෙහාට උනාම ඉතුරුවුනේ දෙනූලගෙ ළඟම නෑයොයි, ළඟම අසල්වැසියොයි විතරයි. මට මේවා අමුතුයි. අන්තිම පාරට අපේ පවුලෙ මළගෙයක් උනේ අපේ ග්‍රෑන්පා නැති උනාම. එතකොට මං පොඩියි. එහෙමට මොකුත් මතක නෑ. මෙහෙ ගමේ මිනිස්සු ඔක්කොම එකතුවෙලා වැඩ කරන හැටි, මළගෙදරක උනාත් හිනාවෙලා කතාබහ කරලා ඉන්න හැටි හරි අමුතුයි. මං පැත්තකට වෙලා මේ ඔක්කොම බලන් හිටියා මේ දවස් දෙකේම. අපේ අයියත් හෙන ආතල් එකේ හිටියා. මං නම් දැක්ක මිනිස්සු හිතන්න ඇති අලි ඔලුවෙන් ඉන්න කොල්ලෙක් කියලා. අනෙහ් මට පාන්‍ යැ.

දවස් දෙකක් තිබ්බ ඝෝෂාව නැති උනාම හරි අමුතුයි. ගුණේ අයියයි අපේ අයියයි එහෙම අර කොඩි අරව මෙව්වා ගලවනවා. දෙනූගෙ අම්මා, අක්කා, නැන්දා, තව අහල පහල ගෑනු කට්ටිය ගෙවල් අස්කරනවා, අරව මේව හෝදනව.. දෙනූ අරෙහෙටයි මෙහෙටයි දුවනවා ඒ කකුල් දෙකට නිදහසක් නෑ ඒ තරම් වැඩ. දෙනූ මහන්සි උන තරම් මං තරම් කවුරුවත් දන්නැතුව ඇති. පැත්තකට වෙලා එයා දිහාම ඇහැ ගහන් හිටියෙ මං නෙ. අනික වැඩ අස්සෙ මට එයා ළඟට ගිහින් සාත්තු සප්පායම් කරන්නත් බෑනෙ. ඔන්න රෑට වගේ නම් බත් කන්න කියලා එහෙම බලකරන්න පුලුවන්. දවල් දවස එයා ගැන බලන්න එයාට වෙලාවක් නෑ. මේ දවස් දෙකේම මං රෑට එයාට කැව්වා. දවලුත් මං බිස්කට් එකක්හරි කද්දි එයා ළඟින් ගියොත් මං කෑල්ලක් කැව්වා. ඒ ඇරෙන්න වතුර ටිකක් වත් නැතුව මගේ කොල්ලා මහන්සි උනේ. මට එයා වෙනුවෙන් මොකුත්ම කරන්න බැරිවෙද්දි මට මං ගැනම කලකිරීමක් ඇතිවුනා. අපේ එකා කරන තරම්වත් උදව්වක් මගෙන් තිබ්බෙ නෑ. මං සමල් ලා එක්ක හිටියත් උන් වැඩ කරද්දි මට කියන්නෙ "පොඩි මහත්තය අහට්ට වෙලා ඉන්ටකෝ" කියලා. මං තේරුම්ත්තා ඇත්තටම මට කරන්න පුලුවන් දෙයක් නෑ නේද කියලා. හොඳ වෙලාවට මං ආයෙ එක්සෑම් කරන්න පටන්ගත්තෙ. අන්තිමට ඒකවත් ඉතුරුවෙයිනෙ.

හඹායමි ඔබව (SINHALA BL)Tempat cerita menjadi hidup. Temukan sekarang