තිස් දෙවෙනි පරිච්ඡේදය

1.2K 148 48
                                    

ඇත්තටම ඩීල් සම්බන්ධයෙන් කතාකළොත් ඩීල් වලට මං තරම් අදක්ෂ තව කෙනෙක් නැතුව ඇති. රෑ එලිවෙනකන් කල්පනා කරලත් සමීරය ට කියාගන්න එක තාත්වික බොරුවක් හිතාගන්න බැරිවුනා යකොව්. අයියා හෙටම වැඩේට බහිනවා කිව්වා මට බෑනෙ පඟර නැට්ටෙක් වගේ පස්ස ගහන්න.. අන්තිමට මං එක තීරණේකට ආවා.

මං සමීරට ඇත්ත ම කියනවා!!

මං නිකං හැසිරුනේ ඊශ්‍රායලයයි පලස්තීනෙයි සාම සාකච්ඡාවකට යන එකෙක් වගේ.. වචනයක් ගැස්සුනොත් වැඩේ ඉවරයි. ඒනිසා බොහොම සානුකම්පිත විදිහට සමීරට මේක විස්තර කරන හැටි මං කණ්ණාඩිය ඉස්සරහ ප්‍රැක්ටිස් කරා.. ඇස් පිල්ලන් නොගහ ඉඳලා කඳුලු ගන්නත් ප්‍රැක්ටිස් කරා. දෙනූට ඩිප්‍රෙෂන් කියලා ඌට කියනවා. ඌ ආයෙ ඕකෙ අග මුල හොයන්න එන්නෙ නෑනෙ..

කොහොමහරි සමීරය එනකන් මං කාමරේ අස්සට වෙලා අර දුක් vibe එක හදාගත්තා. දුක හිතෙන සිංදුවකුත් දාගෙන මූඩ් එකට එන්ටර් වුනා.
THE BEST ACTOR AWARD GOES TO AJEENU!!
ඕන ප#ක්.

හෙහේ මගෙ අතිජාත දෙකුස උපන් සහෝදරය කාමරේට එනකොටම මං චරිතයට ආරූඪ වුනා. කමෝන් අජී. යූ කැන් ඩූ දිස්. Action!

මං ජනේලෙන් පේන ලේන් එක දිහා බලන් හිටියා. මගේ ඇස්වල තිබ්බෙ හිස් බවක්. කාමරේට ජනේලෙන් එළිය වැටුනත් මහ මූසල අඳුරක් පැතිරිලා තිබ්බ. මං ලොකු හුස්මක් පාතට දාලා මැලවිච්ච ඇස්වලින් සමීර දිහා බලලා ඇහි පිල්ලන් දෙකක් ගැහුවා. අහෝ! ආදරය වේදනාවක් සකී.

"ඒ මොකෝ අජී මේ ගෑනි මැරිච්ච මිනිහා වගේ?"
"මං ප්‍රශ්නෙක බන්."
"ඇයි මොකෝ කේස් එක?"
මං බර හුස්මක් පාත දාලා ආයෙ ජනේලෙන් එලියට හිස් බැල්මක් දැම්මා.
"එයාට ඩිප්‍රෙෂන්." මං කිව්වෙ ඇස් දෙකේ මුලින් ඇඟිලි තුඩු තියාගෙන.. මගේ ප්‍රියාව ඉන්නේ ඛේදජනක තත්වයක.. මට බොගෙ උදව් අවශ්‍යයි..

"ඒ එහෙමද.. ඉතිං ඩොක්ට කෙනෙක් හම්බුනාද?"
"හ්ම්ම්."
"ඩොක්ට මොකෝ කිව්වෙ?"
මං ආයෙ රතු වූ දෑසින් සමීර දිහා බැලුවා. ගුත්තිල කාව්‍යයෙ කවියකුත් මතක් උනා ඒ අස්සෙ අර "සුරත් තඹුරු පෙති සෙනෙතින්" ද මොකද්ද.

"එයාට ආදරය, රැකවරණය දෙන්න කිව්ව."
"....."
"ඉතිං මට එයාව මෙහෙ එක්කන් එන්න වෙනවා."
"ආහ් ඒක හොඳයි."
"ඒත් අම්මල මේක දැනගන්නවට දෙනූ කැමති නෑ."
"එතකොට?"
"මං අයියට කිව්වා අම්මවයි තාත්තවයි ෂේප් කරගන්න උදව්කරන්න කියලා."
"ඌ හා කිව්වද?"
"ඔව් ඒත් කොන්දේසියක් උඩ." දැන් තමා කතාවෙ හොඳම හරිය..
"මොකද්ද?"
"උබ ලව්වා ඌව අන්බ්ලොක් කරවන්න ඕනි."
"මොන හු#####!"

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now