හතළිස් හත්වෙනි පරිච්ඡේදය

1.1K 135 86
                                    

Denu's POV

තාත්තා මං සමාව දෙනකන් බලන් හිටියා? ඒත් කොහොමද.. ඇයි.. එයා කොහොමද එහෙම වෙනස් වුනේ.. අම්මව මරන්න පස්සෙන් පන්නපු තාත්තා, මාවයි අක්කවයි ගෙයින් එළියට ඇදල දාපු තාත්තා අන්තිමට මං සමාව දෙනකන් බලන් හිටිය? මං කොහොමද එහෙම දෙයක් හිතන්නෙවත්..

අනික ඒක එහෙම නම් ඇයි ඒගොල්ලො කවුරුවත් මට මොකුත් නොකිව්වෙ.. මට කිව්වා නම් තාත්තා මෙහෙමයි කියල.. මේ හැමදේම වෙනස්වෙන්න තිබ්බ. එහෙම උනා නම් අද මං මේ විදිහට අසරණ වෙන්නෙ නෑ! මට හැමෝම එක්ක කේන්තියි.. මේ හැමෝටම ඕනි මාව අසරණ කරන්න.. මට අම්මා එක්කයි වැඩිපුරම කේන්ති. එයාට ඕක කියන්න මේ වෙලාව එනකන්ම ඉන්න ඕනි වුනා.. මට දැනෙන්නෙ හැමෝම ප්ලෑන් කරලා මගෙන් පලිගත්තා වගේ..

මං මූණ කොට්ටෙ ඔබාගෙන කඳුලු නවත්තන්න හැදුවත් ඒක කරන්න බෑ.. මට කේන්තියි දුකයි. ඒ හැමදේටමත් වඩා මට මගෙ පසුතැවීම දරාගන්න බෑ. ඇයි මං එකසැරයක් තාත්තා එක්ක කතා නොකළේ.. හැමදාම එන්න හදද්දි තාත්තෙ යනවා කියලා විතරක් එද්දි, ඇයි මට ළඟට ගිහින් වචනයක් කතාකරන්න බැරිවුනේ.. එහෙම උනා නම්..

ඇයි මටම මෙහෙම වෙන්නෙ.. අනිත් ළමයින්ට වගේ ලස්සන ළමාකාලයක් මට තිබ්බෙ නෑ. අන්තිමට ඒ අඳුරු අතීතෙන් මිදිලා මෙතන්ට එන්න මං කොච්චර දුක් වින්දද.. ඒ හැමදේකටම පස්සෙත් වැරදි මං ද.. ගුණමකු මං ද.. ඒත් ඇයි!

"සල්ලි විතරක් එව්වම හැමදේම හරිද? දන්නවද තාත්තා කොච්චර බලන් හිටියද කියලා අන්තිම මොහොතෙ හරි උබ සමාවදෙයි කියලා.. මං කොච්චර කියන්න හැදුවත් මට කිව්වෙම අනුලා, පුතාම හිතලා මට සමාව දෙනකන් මං බලන් ඉන්නව කියලා.. ඒ මනුස්සය අතින් වැරදි උනා තමා.. ඒත් ඒ උබේ තාත්තා.. නමට වාසගම හරි දුන්නු තාත්තා.. ඒත් උබ මොකද්ද කළේ සල්ලි විතරක් එවලා ගෙදරට නෑවිත්ම හිටියා.. ඒ මනුස්සය ලෙඩ ඇඳේ ඉද්දි උබ අඩුම තරමෙ ළඟින් හිටියද?.. ඒ මනුස්සය කරපු වැරදිවලට විඳෙව්වා.. ඒත් උබ? උබට අපි කොහොමත් වදයක්. උබේ පැලැන්තියට අපි ගැලපෙන්නෙ නෑනෙ.. උබට මේ පිටේකා ලොකුයි අපට වඩා."

අම්මා කියන විදිහට මට එයාලව වදයක්ද.. නෑ කවදාවත් මට එහෙම හිතිලා නෑ.. මං කොහොමද එහෙම හිතන්නෙවත්. මට තියෙන්නෙ එක පවුලයි.. ඒත් අම්මා කියන විදිහට මං කවදාවත් පවුලට යුතුකම් ඉෂ්ට කරලා නෑ. මං තාත්තා වෙනුවෙන් මොකුත් කරලා නෑ. මං අක්කා වෙනුවෙන් මොකුත් කරලා නෑ.. දැන් අන්තිමට මට අම්මා කියන දේත් නොහා පිටකෙනෙක්ව තෝරගත්තා. එහෙමද උනේ? එතකොට මට වුනු හැමදේටම පස්සෙත් විත්තිකාරයො එයාල, වැරදිකාරය මං ද?

හඹායමි ඔබව (SINHALA BL)जहाँ कहानियाँ रहती हैं। अभी खोजें