තිස් හත්වෙනි පරිච්ඡේදය

1.1K 148 70
                                    

"ඒ කාලෙ උබ තිබ්බ බලු කමට ෆෝන් එක ඕෆ් කරන් හිටිය නේද? නැත්තන් ගෙදර ඉද්දිත් නෑ කිව්ව නේද?"
මට උට්ටයි. මූ ඒවත් දන්නවනෙ රෙද්ද.

"වැරදීම් වෙන්නෙ මිනිස්සුන්ටනෙ මස්සිනේ~" මං ලාස්සනට හිනා~වෙලා කිව්වා.

"කටවහන් හිටපන් මගෙන් මැරුම් නොකා. මං මගෙ නෝට්ස්, යාලුවන්ගෙ නෝට්ස්, පරණ පොත් ඔක්කෝම එකතුකළා යකොව් බෝතල් පත්තර කාරයෙක් වගේ.. මොකටද මොකටද.. පුපේ අමාරුවට උබට දෙන්න. තාත්තා ලව්ව ගබඩා කාමරේ පවා පෙරලුවා.. තෝ දන්නවද.. මූසලය."

ලව් ස්ටෝරිය කෙසේවෙතත් මට හොඳට කන පුරවලා අහගන්න නම් වෙයි වගේ. හරිම අගෙයි හිච්චි මස්සිනාට සලකන විදිහ.

"අතීතය අමතක කරමු මස්සිනා පණ.. කෝ කතාව කියන්නකෝ.."

"ඉතිං මං ඒ දවස්වල උබලයෙ අයියට කොච්චරවත් වද දුන්නා කෝල් කරකර අනේ අයියෙ අජී ඉන්නවද පොත් ටිකක් තියනව අරකයි මේකයි කියලා."

"පෝඩ්ඩක් හිටපං. එතකොට උගෙ නම්බරේ කොහෙන්ද උබට?"

"ආහ් අර ඩිනර් එක දවසෙ මාව ඩ්‍රොප් කරානෙ. එදා අපි නම්බර්ස් ශෙයා කරගත්තා."

"ආහ්.. හරි හරි. ඊටපස්සෙ?"

"ඉතිං ඒ විදිහට නිතරම කෝල් කරලා, මැසේජ් කරලා අපි ටිකක් ෆිට් උනා. අනික මං මෙහෙ ආවහමත් අයියා එක්ක කතාකරනවනෙ.."

"ම්ම්ම්.. එතකොට උබේ හිතේ මෙව්වා එකක් ඇති වුනේ කොයි කාලෙද? "

"අනේ මන්දා.. මං ඉතිං හිතුවෙ අවී අයියා කොහොමත් විහිලුයි එහෙම කියලනෙ. එයා නිතරම මාත් එක්ක flirt කරනව.. උබත් දැක්කනෙ.. මං මුලදි ඉතිං එච්චර ගණන් ගත්තෙ නෑ.. කොල්ලොනෙ.."

"යායා.. " මං ඉතිං මැදින් රියැක්ෂන් එකක් දෙනවා.. නැත්තන් කොල්ලා පව්නෙ.

"ඒත් අවී අයියා ගාව ඉද්දි හැම ප්‍රශ්නයක් ම අමතක වෙලා යනවා.. මං කියන්න ඕනි නෑනෙ උබේ එක කුස උපන් සහෝදරය ගැන. අයියා කොච්චර ෆනී වුනත් හරිම හිත උණුවෙන කෙනෙක්. එයා එක්ක කතාකරද්දි තමා මට තේරුනේ මං ඇත්තටම වෙන කිසිම කෙනෙක් ගාව මේ තරම් සැහැල්ලුවෙන් ඉන්නෙ නෑ නේද කියලා.." සමීර කිව්වෙ ඈත බලාගෙන. ඒ මූණෙ හිනාවක් ඇඳිලා තිබ්බා අයියා වෙනුවෙන්..

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now