විසිතුන්වෙනි පරිච්ඡේදය

1.4K 189 55
                                    

ඊලග දවසෙ උදේම අපි පිටත්වෙන්න ලෑස්ති උනා. දෙනූට දැන් සනීපයි. එපා කියද්දිත් උදේ ඉඳන් නැගිටගෙන අපිට ලෑස්ති වෙන්න උදව් කලා. බතුත් බැඳලා දීලා, ඔය ගමේ තියන එක එක ජාතිත් එකතු කරලා දුන්නා. කාර් එක තියන හින්දා හොඳයි නැත්තන් කරේ තියන් තමා උස්සන් යන්න වෙන්නෙ.

මට මෙහෙ දාලා යන්න දුකයි. හිටියෙ දවස් තුනක් උනාට අවුරුදු තුනක් වගේ දැනෙන්නෙ. ඉස්සරහ තියන වෙල, අපි නාපු වැව, සියඹලා ගස් වැටිය මේ ඔක්කොම මතක්වෙද්දි යන්න බෑ කියලම හිතෙනවා. අනික තව දවස් තුනකින් අයියා ආපහු එනවා. මං තනියෙන්. දෙනුත් එන්නෙ ලබන සතිය දිහාට. තව දවසක් දෙකක් ඉන්න තිබ්බා. කෝ මේ අයියාකාරය එක්ක බෑනෙ.

කොහොමහරි කාර් එකට නගින්න ලෑස්තිවෙලා අයියා දෙනූගෙ අම්මට වැන්දා. මාත් ඉතින් ඒ නිසා වැන්දා. අපේ අම්මටවත් මාස ගාණකින් වැඳලා නැද්ද කොහෙද. අයියා ඉතින් ඔක්කෝටම කතාකරලා නගින්න ආවා. මං නම් නිකන් හිනාවෙලා හිටියා. කාර් එකට නගින්න හදද්දිම දෙනූ මං ළඟට ආවා.
"පරිස්සමට යන්න. ගිහිල්ලා මට මැසේජ් එකක් දාන්න. හෙට ඉඳන් ආයෙ පාඩම් වැඩ පටන් ගන්න ඕනි. තේරුනාද? නිකං වැනිවැනි ඉඳලා හරියන්නෙ නෑ."
"හරි හරි අනේ. ඔයත් පරිස්සමින් ඉන්න. වෙලාවට කාලා බෙහෙත් බොන්න. අර මිනිහගෙන් ඈත්වෙලා ඉන්න." මං අන්තිම ටික කිව්වෙ රහසින් වගේ. එයා ගැස්සිලා වගේ මං දිහා බැලුවා. බලලා ඔලුව වැනුවා.

මට දැන් එයාට හග් එකක්වත් දෙන්න ඕනි. ඒත් ඔක්කෝමල කන්න වගේ බලන් ඉන්නවා අපි දෙන්නා දිහා. නිදහසේ සමුදෙන්නවත් නෑ. ඕන කුදයක් ගහගනින් කියලා මං එයාගෙ අතකින් අල්ලගත්තා. දෙනුත් ටිකක් කලබල වෙලා වටපිට බැලුවා. හැබැයි අත ගසල දැම්මෙ නෑ. විනාඩියක ට විතර පස්සෙ මාත් කාර් එක්ට් නැග්ගා. අයියා එතකොට ම කාර් එක ස්ටාට් කරලා ඉස්සරහට ඇද්දුවා. මං කාර් එක ටික ටික ඈතට යද්දිත් එයා දිහාම බලන් හිටියා. හැමෝම ඇතුලට යද්දිත් එයා එලියෙ ඉඳන් ඈතට යනකන් ම අපි දිහා බලන් හිටියා.

මගෙ හිතට අවුල්. සතියක් උනත් දැනෙන්නෙ කල්පයක් වගේ. කොහොමද එයා නොදැක ඉන්නෙ.. මං නෝට්පෑඩ් එක ඕපන් කරගත්තා.

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now