හතළිස් හතරවෙනි පරිච්ඡේදය

1.1K 147 126
                                    

"අනේ අජීහ්!"

එයා එකපාරටම ඇවිත් මගෙ අත්වලට පැන්නහම මං අඩියක් විතර පස්සට ගිහිල්ලා ආයෙ බැලන්ස් කරගත්තා.. මට එකපාරටම හිතාගන්නවත් බැරිවුනා මොකද උනේ කියලා. ටසිරි එයාගෙ අම්මයි අක්කයිත් නිකං අදහගන්න බැරුව වගේ බලන් ඉන්නවා.. ඒත් එයා මොකුත් නොකියම මගෙ පපුවෙ මූණ හංගන් හිටියා.. යසයි දෙනූ..

"අ අයියෙ,"

මට ඕනි උනේ එයා ව හෙමින් අහකට කරන්න.. එයාව බදාගන්න නෙවේ පෙරලගෙන හපලා දාන්න මටත් ඕනි.. ඒත් එයාගෙ අම්මල ඉස්සරහ මෙහෙම ඉන්න එක හරි නෑනෙ.. දැනටම අම්මගෙ මූණ ටිපර් එක්කට අහුවුනු අඹ ලෙල්ලක් වගේ වෙලා තිබ්බෙ.

ඒත් මං එයාගෙ මූණ අතින් උස්සද්දි තමා මට මොකක්හරි වැරැද්දක් තියනව කියලා තේරුනේ.. එයාගෙ ඇස් ඉදිමිලා.. ඇස් කෙවෙනි පවා රතුවෙලා.. තොල් වේලිලා, මූණ සුදුමැලි වෙලා.. මීට මාස ගාණකට කලින් හිටපු දෙනූ ව මට මතක් වුනා.. එයා එද්දි හොඳට හිටියනෙ..

මට කලින් දවසක දෙයක් මතක් උනු නිසා ඉබේට ම වගේ එයාගෙ නළලටයි, බෙල්ලටයි අත ගියා..

මගෙ සැකේ හරි!

"ඔයාට උණ හොඳටම.. කවද්ද උණ හැදුනේ? බෙහෙත් ගත්තද?" මං කලබලෙන් එයාගෙ මූණ අල්ලන් ඇහුවත් එයා මොකුත්ම නොකියා මගෙ පපුවට හේත්තු වෙලා ම හිටියා.. ඇයි මේ.. උණ විතරක් නෙවේ.. තව මොකක්හරි දෙයක් වෙලා වගේ..

මං ඒපාර අම්මයි අක්කයි දිහා බලද්දි එයාලා ඇස් ලොකු කරන් මං දිහා බලන් ඉන්නවා.

"කවද්ද අයියට උණ ගැනුනෙ?"

"අනේ මන්දා.. ඊයෙත් හොඳට හිටියනෙ.."

"ඒ කියන්නෙ මෙයාට උණ කියලා ඔයාලා දැනන් හිටියෙ නැද්ද?"

"දේවිකා, ලෑස්ති වෙයං මල්ලිට බෙහෙත් ටිකක් ගන්න යන්න. මං සුදුමහත්තය ව ලෑස්ති කරවන්නම්."
මං අහපු දේට උත්තර නොදුන්නු අම්මා එහෙම්ම අක්කටත් කියාගෙන මං ගාවට ආවා.

මගෙ හිතට දැනුනෙ මහ අමුත්තක්. මට එයාව ඉක්මනට ආපහු අරන් යන්න ඕනි එච්චරයි.. මෙහෙ එයාට ඉන්න හරියන්නෙ නෑ. පේනවනෙ දවස් තුනට හොඳට හිටපු කොල්ලා ලෙඩෙක් උන හැටි. අනික එයාට අසනීප බව ගෙදර අයවත් දන්නෙ නෑ. හරි පුදුම පවුලක් මේක.

හඹායමි ඔබව (SINHALA BL)Opowieści tętniące życiem. Odkryj je teraz