විසිහතරවෙනි පරිච්ඡේදය

1.3K 176 75
                                    

"පොඩීහ්,"

එයාට හෙමීට මිමිණුනා. මං තත්පරේකින් විතර මගේ තොල් දෙක අයින්කරගත්තා. එතකොටයි මටත් නෝට් වුනේ මං මේ මොකද්ද කරේ කියලා. හරිම යසයි අජීනු. මං පොඩිකාලෙ ඕන තරම් එයා ට හාදු දීලා ඇති. ඒත් මතක ඇති කාලෙක මං මේ හාදුවක් දුන්නමයි. මං හදවත ගැහෙනව ගැහිල්ලක්.. ඒක කටෙන් එලියට එයිද කියලා මට බයයි..

ඊටත් වඩා බය දෙනූ මොකුත්ම නොකියා ඈත බලාගත්ත නිසා. එයාට ඇත්තටම අහන්න දෙයක් නැද්ද මගෙන්.. ඒත් ඒ කන් රෝස පාට වෙලා. එදා වැවේදි වගේ.. මට මේ දේවල් මෙහෙම වෙන්න ඕනි වුනේ නෑ. ඒත් දැං වෙලා ඉවරනෙ මං මොකද කරන්නෙ.. මං නියපොත්තක් හපහප දහඅතේ කල්පනා කලා..

අන්තිමට අපි ආපහු පහලට එනකන්වත් එයා මොකුත් කිව්වෙ නෑ. කිස් එකෙන් මෑන් මියුට් උනාද බොලේ.. කන ගමනුත් මං එයාගෙ දිහා බැලුවා.. නෑනෙ කිසිම reaction එකක්. එක අතකට ඒකත් හොඳයි. සහෝදර ප්‍රේමය කියලා හිතාගනීයිනෙ. මං කවදහරි ඇත්ත කිව්ව දවසට තමා දෙනූට තරු විසිවෙන්නෙ මගෙ සහෝදර ප්‍රේමය ගැන අහලා..
_________________________________________

ඊලග සතියත් පට්ටම බිසී සතියක්. එක්සෑම් එකට තියෙන්නෙ මාස තුනයි. හැබැයි ඔයාල මේ අජීනු ගැන දන්නවනෙ.. එයාට ගෝල් එකක් තියනවා. ඒනිසා විභාගෙ ට කලින් දවසෙ මැරුනත් මිනීපෙට්ටියෙ ඉඳන් හරි විභාග ශාලාවට යන මානසිකත්වෙක ඉන්නෙ. මගෙ වටේ ඉන්න ඔක්කොමත් නිකං එයාලා විභාගෙ ලියනව වගේ ස්ට්‍රෙස් වෙලා ඉන්නෙ. අම්මෝ මට මාර සැලකිලි. මට ඉතින් කරන්න තිබ්බෙම ක්ලාස් ගිහින් පාඩම් කරන්න.

Hard work is paid off කියලා මට ඔක්කොම රිවිශන් ටෙස්‍ට් වලට 75ට වඩා තිබ්බා. මේකයි ඉතින් ඒක මහා ලොකු දෙයක් නොවුනත් මං වගේ ඒලෙවල් S2ක් දාගත්ත එකෙකුට ඒක ලොකු දෙයක්.

දෙනූ නිතරම මැසේජ් කරලා මාව motivate කරනවා. සමීර එන එක ටිකක් අඩු වුනත් හැමදාම කෝල් කරලා මාව මරන් කන්න හදනවා. ආන්සර් කරේ නැත්තන් වැළලෙන්න හදනවා මගෙ ගෑනි වගේ. ඌ දැන් මං ගැන අහලා අයියට කෝල් කරන්නැද්ද කොහෙද.. පැණි වරකා ගහට හෙණ ගහලා.. 😂

දෙනූ දැන් ටිකක් වෙනස් වෙලා. එයා බොරුවට වදවෙන එක නවත්තලා ජීවිතේ හොඳ පැත්ත දකින්න ට්‍රයි කරනවා.. කා නිසාද ඉතිං.. මං නිසා තමයි. එයා අලුත් පොත් කියවන්න, සිංදු අහන්න පටන් අරන්. යූටියුබ් එක බලන් අලුත් කෑම හදන්නත් ට්‍රයි කරනවලු. මං මේ දවස්වල කොන්පියුස් උංගා බුංගා වෙලා ඉන්නෙ මෙයාගෙ නව පිබිදීම දැකලා.. ඒත් එයාගෙ ඒ වෙනස ගැන කාටත් වඩා සතුටු වෙන්නෙ මම. ප්‍රශ්න නැත්තෙ කාටද ඉතින්.. එහෙම කියලා ඒ මත්තෙම නැහිලා හරියනවයැ.

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now