පස්වන පරිච්ඡේදය

1.5K 195 14
                                    

මේ වෙලාවෙ ගෙදර එකෙක් මළත් කමක් නෑ වගේ සීන් එක්ක ඉන්න අපේ අයියා මගෙ බඩු පැක් කරලා දෙන්නත් ඉදිරිපත් වුනා. ඌ මාර චිල් එකෙන් ඉන්නෙ රට යන්න. අනේ පලයං ඉතිං මට මොකද. හුම්.
"පොඩි එකෝ උබට සති දෙකක් උනත් ඉන්න පුලුවන් නෙහ්?"
"සති දෙකක් පකක් කරනවද?"
"අප්පේ මේ පොඩිඑකා කියන කතා."
මේ වෙලාවට තමා මට සහෝදරකම් අමතක වෙන්නෙ.
"සති දෙකක් මක් කරනවද?"
අපේ අයියට ඕනි ෆුල් වැකේෂන් එකක් එහෙ ගතකරලා එන්න.
"කොච්චර නම් දේවල් කරන්න තියේද බං."
අපේ එකා ක්ලබ් දෙයියා. ඒ විතරක් නෙවේ තනි බේබද්දා. නයිස් නේත.
මං එකේ ඉදං දහයට ගැනලා අර පොඩිකාලෙ ටීචර්ලා කියනවා වගේ කේන්තිය පාලනය කරගෙන, අයියට ගස්සලා පුම්බල, ඔරවලා එලියට ආවා.
අම්මලා කොච්චර කාලෙකට යයිද කියල දන්නෙ නැති වුනත් සති 2ක්නම් ඉන්නෙ නැතිවෙයි කියල මං දන්නව. මටත් නොදැනිම මං දෙනූ එක්ක ඉන්න හීන බලනවද මන්දා.

සමීරයත් කැම්පස් එකේ නිවාඩුවක්ද මොකද්ද කියල අපේ ගෙදර ආවා. පුදුමයි මාව මතක් වුනා නල්ලමලේ යාලුවට.
ඌ අපේ ගෙදර ආවහම අපි ඉන්න ඕනි හරියට උගේ ගෙදර ගිහිං වගේ. හ්ම්ප්. කොටින්ම කිව්වොත් අපේ අයියත් ඌත් එක්ක ෆිට් මට වඩා. පකයා . උඹට කොහොමත් මට වඩා ඕන එකෙක් ලොකුයිනෙ.

"අඩේ සමීර මල්ලි දැක්ක කල්. "
"අම්මෝහ් අයියෙ. ඇත්ත තමයි. මාසෙකින්වත් එන්න බැරිවුනානෙ."
"කැම්පස් එකේ වැඩ නිසා බිසී ඇතිනෙ. දැං කී වෙනි ඉයර් එකද?"
"තර්ඩ් ඉයර් අයියෙ."
"බලහංකො ඉතින් අපේ එකා දැං තමා ඒලෙවල් ලියන්නෙ."

මොනෞත්තක්ද. හැම එක්කටම මාව ඈදගන්නෙ. යකෝ ඉගෙනනොගත්තත් වැරදියි. ඉගෙනගත්තත් වැරදියි. දෙනූ හිටිය නම් මේ වගේ වෙලාවට මගේ පැත්ත ට කතාකරනවා. ගියාට පස්සෙ මං එන්නෙ නෑ ආයේ මේ එක එකාගෙ කට කැඩිච්ච කතා අහගන්න.

"උඹ මොකද රවන්නෙ?"
"මට ඕනි නිසා." මං අපේ එකාට රවාගෙන රවාගෙන රවාගෙන ගියා.
සමීරයටත් හිනා. උඹ හිනාවෙයං ඉතින්.
"අජී දැන්වත් මොනවහරි කරන්න හිත හදාගත්ත මදැයි."
ඔන්න සමීරයට මොළේ පෑදුනා.
"ඒ හිතත් කොච්චර කල් පවතියි ද කියලයි මට බය."
අපේ අයියා ට මාත් එක්ක සීරියස් වචන දෙකක් කතාකරන්න බෑ. ඒත් අනිත් ඕන කෙනෙක් එක්ක ෆුල් සීරියස්.
මට මේ මඩ පාරවල් දරාගන්න බැරිම තැන මං මොකූත් නොකර අරූට පයින් එකක් විතරක් ඇනලා එතනින් ආවා.
"ටහුක්.!"

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now