පනස් පස්වෙනි පරිච්ඡේදය

1.1K 140 76
                                    

සමහර දවස් තියනව සිරාවටම මුළු දවසෙම කන බොන නිදාගන්න එක විතරක් කරන. හරියට අද වගේ. අද මං කළේම කෑවා බිව්වා, නිදාගත්තා. පට්ටම කම්මැලි දවසක්. එක්සෑම් ඉවරවෙනකන් බලාගෙන හිටියට මොකද ඉවරවුනාට පස්සෙ නිකන් දැනෙන්නෙ ජීවිතේ එකපාරටම හිස් උනා වගේ.. නෑ මං කියන්නෙ ඉතින් අපිට especially කරන්න දෙයක් නෑනෙ.. ඒක හරි අමුතුයි. මාස හයකට කලින් මං හිටපු හැටි මටම අමතක වෙලා වගේ.

මං ජිම් ගියෙත් නෑ. හෙට උදේම ගියා නම් හරි ඊයෙ ගියපු වෙලාව මගඇරලා. මං ඉතින් දවසම කළේ දෙනූ එනකන් මග බලන් හිටපු එක. අද එයා ඩොක්ට මීට් වෙන්නත් යනව කිව්වා. එයා තාම ට්‍රීට්මන්ට්ස් ගන්නවා. හිතන තරම් ලේසිනෑ මානසික රෝග සනීප කරගන්න එක.

කොහොමහරි හතර වෙද්දි දෙනූ ආවා. අද කලින්. මං ඉතින් අර බලු පැටියෙක් වගේ දූවගෙන මගට ගිහින් එයාව පිළිගත්තා එයා මට පිස්සු වගේ ලුක් එකක් දෙද්දි.

"මොකද පොඩී?"

"මොකුත් නෑ අනේ.. අයි මිස් යූ.."

මං කියද්දි එයාට හිනායන්න ආවත් සද්ද නැතුව ඇතුළට ගියා. මං කුස්සියට ආවා එයාට බොන්න මොනවහරි හදන්න.. මට ඉතිං උයන්න බැරි බව ඇත්ත. ඒත් රසට ෆෘට් ජූස් හදන්න පුළුවන්....... කියලා මං හිතන් ඉන්නවා. බලන්න ඉතිං ඒ හැකියාව.

මං ආපහු කාමරේට යද්දි එයා ස්වෙට්පෑන්ට් එකක් විතරක් දාගෙන අල්මාරියට එබීගෙන ඉන්නවා. මං බීම වීදුරුව හෙමීන් මේසෙන් තියල පිටිපස්සෙන් ගිහින් එයාව බදාගත්තා.

"පොඩීහ්!"

ඒක බලාපොරොත්තු නොවිච්ච එයා ගැස්සිලා ගිහින් පස්සෙ හැරිලා මං දිහා බලලා මට රැව්වා. මං සැලෙනවද ෆ්‍රෙන්ස්. මේව දැන් මට පුරුදුයි.

එයාගෙ ඇඟ සීතලයි. මං ගාව රස්නෙයි. මට එයාගෙ හුස්ම හිරවෙනකන් තදකරලා බදාගන්න හිතෙනවා. මං එයාගෙ බෙල්ලට හාදු ගොඩාක් දෙද්දි එයා මාව තල්ලු කරලා ටීෂර්ට් එකක් දාගත්තා. ම්හුක්.

"ඊයෙ කරපු ටික මදිද?"

එයා අහද්දියි මට දෙයක් මතක් උනේ..

"මේ, ඔයා ඇත්තටම අර දුලීට කියලා මේකප් කරගත්තද?"

"හ්ම්.."

හඹායමි ඔබව (SINHALA BL)Waar verhalen tot leven komen. Ontdek het nu