හැත්තෑ තුන්වෙනි පරිච්ඡේදය

1.4K 115 96
                                    


"අම්මට හදිස්සියෙම මොකද්ද උනේ?"

"හදිස්සියෙමත් නෙවේ මල්ලි. හතිය තියෙන්නෙ ඉතින් අද ඊයෙක ඉඳන්ද.. කොහෙද හිතුවක්කාර කම නිසා කියන දෙයක් අහන්නෙ නෑනෙ. දොලෙන් නාන්න යනවා.. පාන්දර තිස්සෙ නැගිටගෙන උයනවා.."

"මට කෝල් එකක්වත් දෙන්න බැරිවුනා.."

"ඒකට කමක් නෑ මල්ලි. ඔයාටත් වැඩ කොච්චරක්ද.. "

"අම්මා තරහින්ද හිටියෙ?"

"මල්ලිව මතක් කරා. අම්මගෙ හැටි දන්නවනෙ ඉතින්.. ටිකක් කේන්තියෙන් හිටියෙ."

"මට සමාවෙන්න අක්කේ.. ඔයාට හැමදෙයක්ම තනියෙන් කරන්න බාරදීලා මං පැත්තකට වෙලා-"

"පිස්සුද සුදුමහත්තය එහෙම එකක් නෑ. කොහොමත් ටිකකට කලින් නෝමල් වෝඩ් දැම්මා කියලා මට අර නර්ස් කිව්වා. අර එක පන්තියෙ හිටියා කියලා මං කිව්වෙ... කෝ පොඩිමහත්තය තාම නිදිද?"

"හ්ම්ම්.. වොෂ් දාලා එහෙම්ම ඇඳට වැටුනා. පව් මහන්සි ඇති එකදිගට ඩ්‍රයිව් කරලා."

"ම්ම්ම්.."

මං හීනෙන් වගේ එළියෙන් ඇහෙන කතාබහට ඇහුම්කන් දුන්නා. මට පට්ට මහන්සියි. ඔලුවත් කැක්කුමයි. ඒත් ටිකක් නින්ද ගිය නිසා ඇඟට සැහැල්ලුවක් දැනෙනවා. වෙලාව කීයද කියලා හිතාගන්නත් බෑ.. උදේද රෑද හවසද අනේ මන්දා.

මං ඔහේ උඩ බලන් ඉද්දි දෙනූ කාමරේට ආවා. එයත් වොෂ් දාලා ඇඳුමක් එහෙම මාරුකරන් හිටියෙ. එයාව දැක්ක ගමන් එයාව තුරුලු කරගන්න මට urge එකක් ආවා. ඒ නිසා මං එයාගෙ පැත්තට අතක් දික් කරා.

"ම්ම්ම්?" එයා ප්‍රශ්නාර්ථෙකින් මං දිහා බැලුවා. කියුට්.

මං මගෙ ළඟට එන්න කියලා ඇස්වලින් කිව්වහම එයා මගෙ අත අල්ලන් ඇඳෙන් ඉඳගත්තා. මං ඒ සීතල දිග ඇඟිලිවලින් අල්ලගෙන මිරිකුවා. ඇයි දන්නෙ නෑ ඒත් මට එයාගෙ හැමදේකටම මාර ලෝබකමක් දැනෙනවා. මම, මගෙ, මට විතරයි, මගෙ විතරයි කියලා බොහොම දරුණුවට දැනෙනවා.

"මොකද ම්ම්ම්.. දැන් මහන්සි ගියාද?" එයාගෙ අත මිරික මිරික හිටපු මං දිහා බලලා එයා හිනාවෙලා ඇහුවා.

"ම්ම්ම්.. ඔයාට මහන්සි නැද්ද?"

"කාර් එකේ කේක් ගෙඩිය වගේ ඉඳන් ඇවිත්ද?" එයා ඇහුවා. මං හිනාවුනා.

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now