හැට හත්වෙනි පරිච්ඡේදය

1.1K 128 63
                                    

මං අයියට කෝල් බැක් කරහම අයියා ඇහුවෙ කොහෙද ඉන්නෙ කියලා. මං කිව්වහම ඉන්නෙ දෙනූගෙ දිහා කියලා අයියා කිව්වෙ ඕකේ එහෙනම් රෑ වෙන්න කලින් ගෙදර වරෙන් කියලා විතරයි. මං කොච්චර ඊටවඩා දෙයක් අයියගෙ කටින් ගන්න හැදුවත් වැඩක් උනේ නෑ. මට ළාවට අවුලක් දැනුනත්, අයියා ඉන්නවනෙ කියන හැඟීම නිසා මං ටිකක් සන්සුන් උනා.

"අවී මොකද කිව්වෙ ම්ම්..?"

දෙනූ ඇහුවෙ සැටි එකෙන් ඉඳගන්න ගමන්. මං එයාව අතින් ඇදලා ළඟට ගත්තා.

"මොකුත් කිව්වෙ නෑ. රෑ වෙන්න කලින් ගෙදර එන්න කිව්වා."

"එච්චර කෝල් අරන් තිබ්බෙ ඕක කියන්න වෙන්න බෑ."

"හ්ම්ම්.."

මායි එයයි දෙන්නම නිශ්ශබ්ද උනා. මගෙ අර යටපත් උනු බය ආයෙ උඩට මතුවෙනවා වගේ මට දැනුනා. අයියා මට කෝල් කරේ මොකක්හරි නරක හේතුවකට ඒත් මගෙයි දෙනූගෙයි ඔලුව අවුල්කරන්න ඕන නැති නිසා ඌ ඒක කිව්වෙ නෑ කියලා මට තේරෙනවා. මගෙ බය තත්පරෙන් තත්පරේ වැඩිවෙනවා. ඊලග මොහොත ගැන දැනෙන අවිනිශ්චිතතාව එක්ක ඔලුවම අවුල්වෙලා වගේ දැනෙන්නෙ.

"ඇයි අජී මේහ්?"

දෙනූ මගෙ ඇස් දිහා කෙලින්ම බලාගෙන හිටියෙ. කියන්න දේවල් කෝටියක් තිබ්බත්, ඒ වෙලාවෙ කියන්න ඕනි වචන තෝර බේරගන්න බැරුව මං අසරණ වෙලා හිටියෙ. එයා ටිකක් සැනසීමෙන් ජීවත් වෙන්න පටන්ගත්තා විතරයි. කොහොමද ඒ සැනසීම නැතිකරන්නෙ.. ඒත් එයාට දේවල් හංගලත් බෑ. ඇයි අපිට ම මෙහෙම වෙන්නෙ.. හැමදෙයක්ම හොඳින් කියලා හුස්මක් ගන්න උනේ නෑ..

"අනේ අජී, ඇයි මේ?"

එයාගෙ අත් මගෙ මූණ පුරා දුවනවා. එයා ඉන්නෙත් කලබල වෙලා.

"මගෙ හිතට හරි නෑ වගේ. ඒකයි." මං එහෙම කියලා එයාව පපුවට තුරුලු කරගත්තා.

එයා හයියෙන් හුස්ම ගන්නවා මට දැනෙනවා. මං එයාගෙ හිස් මුදුනින් නිකට තියාගත්තා. මගෙ ඇස්වල ට කහපාට ලයිට් එක බොඳවෙලා පෙනුනෙ. මට මං ගැන ම කේන්තියක් ඇතිවුනා. කලින් සැරේ හරියට එක්සෑම් කරගත්තා නම් මේ වෙද්දි ජොබ් එකකුත් කරනවා. එහෙම උනා නම් මෙච්චර අසරණ වෙන්නෙ නෑ. එහෙම උනා නම් මං එයාව ආරක්ෂා කරන්න පුලුවන් මට්ටමකවත් ඉඳියි. ඒත් මේ වෙද්දි මට එයා වෙනුවෙන් කරන්න පුලුවන් කොච්චර පොඩි ප්‍රමාණයක් ද.. මට මහා කලකිරීමක් දැනුනා. තමන් ආදරේ කරන කෙනා රැකගන්න බැරිවෙන එක, තමන්ගෙ ආදරේ වෙනුවෙන් මොකුත්ම කරගන්න බැරිවෙන එක තරම් pathetic feeling එකක් තවත් නෑ.

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now