අටවන පරිච්ඡේදය

1.4K 195 13
                                    


මං දුවන් ගිහින් උගෙ අත අරං පැත්තකට විසිකලා.
"පොඩී ඔයා!"
"කවුද තමුන්? තමුන්ට මොකද්ද වෙන්න ඕනි?" මං අර මිනිහගෙන් ඇහුවා.
"උබ කවුද?" මේ පගා මගෙන් අහපි.
"ඒ මගේ මල්ලි." හරිනෙ අමාරුව. ඔය වෙලාවට තමා දෙනූ ඔයත් එක්කත් මට මල පනින්නෙ. කියපු කැත මඣ්ලි කියලා. 🤦‍♂️

"උබේ අයියට කියපන් මගේ කෙල්ලගෙන් ඈත්වෙලා ඉන්න කියලා."
"කවුද උබෙ කෙල්ල?"
"දුලී." හෙහ් පස්ස තඩිච්චිද.

"අනේ මේ ඒ හෝන්තුව එක්ක මෙයාට කිසිම ගනුදෙනුවක් නෑ. අනික ඒ වගේ මලසමයමක් දෙනූට ඕනිත් නෑ. තමුන් ඒකිට කියනවා ගිහිල්ල කොල්ලොන්ට පු# දෙන්නැතුව හිටපන් කියලා."
"පොඩී!!!" දෙනූ ඒ පාර නම් හයියෙන් කෑගැහුවා. ඇයි දැං හිතට අමාරුද ඒකිට බනිද්දි.
"හොඳයි බලාගමුකො." අර මිනිහා නම් යන්න ගියා ඒත් දෙනූ මං දිහා බලන් ඉන්නවා මූණත් රතු කරන්.

"ඇයි?"
"මොකද්ද පොඩී ඒ කිව්ව කතාව? දුලී මගේ කොලැජර් කෙනෙක්. ඔයා අර වගේ කතාවක් කිව්වෙ ඇයි එයාගෙ බෝයිෆ්‍රෙන් ඉස්සරහ?"දෙනූ කේන්තියෙන් ඇහුවා.
"මං බොරුද කිව්වෙ? අනික ඌ ඔයාට කතාකරපු හැටි දැක්කනෙ."
"ඒත් පොඩී දුලීට එහෙම කියන්න ඔයාට වටින්නෙ නෑ. අනික ඔයා මොකටද මෙහෙ ආවෙ?"

ඒකට නම් මට යකා නැග්ගා. එයා මට අර ගෑනි නිසා බනිද්දි මට දුකයි කේන්තියි. මං දුකටයි කේන්තියටයි කෑගහන මනුස්සයෙක් නෙවේ. දරන්න අමාරු තැන අයින්වෙන මිනිහෙක්.

මං දෙනූ දිහා බැලුවා. කේන්තියට රතු වුන මූන දිහා බැලුවා. මං හිනාවුනා.. සතුටට නෙවේ, දුකට.
"සොරි අය්යෙ, ඔයාට මට.. නෑ ඔයාගෙ ආත්ම ගරුත්වෙටත් වඩා ඒ ගෑනි වැදගත් කියලා දැනන් හිටියෙ නෑනෙ. ආ.. ආයෙ මං එන්නෙත් නෑ. සොරි අය්යෙ, රියලි සොරි."
මං කියද්දි දෙනූගෙ මූන වෙනස් වුනා. අර කේන්තිය වෙනුවට කලබල ගතියක් මතුවුනා.
"පො..පොඩී.."

එයා මොකක්හරි කියන්න හැදුවත් මං ටැක්සි එක්කට අත දාලා එයාවත් ඇඳගෙන නැගගත්තා. අපි යනකන්ම මොකුත් කතාකළේ නෑ. දෙනූට මොනවහරි කියන්න ඕන වුනත් මං එළිය බලාගෙනම ආව. මගෙ හිතට හරි අවුල්. නිකං ඒක කියන්න තේරෙන්නෙත් නෑ.

දෙනූ යනකන් ම මගෙ මූණ දිහා බලනවා මං දැක්කා. ඒත් මං සද්ද නැතුව ම ආව. මගක් දුර එද්දි නම් මගෙ කේන්තිය බැස්සා. ඒත් දෙනූ විඩෙන් විඩේ මුවෙක් වගේ අර අමුතු වේදනාත්මක බැල්මෙන් බලද්දි, මොන හේතුවකටද මන්දා මං සද්ද නැතුවම හිටියා.

හඹායමි ඔබව (SINHALA BL)Tempat cerita menjadi hidup. Temukan sekarang