හැත්තෑ හයවෙනි පරිච්ඡේදය

906 107 73
                                    

මට දරාගන්න අමාරුයි මේ හැම දෙයක්ම. මුලු ඔලුවම යකාගෙ කම්මල වගේ වෙලා තියෙන්නේ. මෙහෙන් අම්මලගෙ ප්‍රශ්නෙ.. ඒකට අද අලුත් එකක් එකතු වුනා.. ඒ වෙනුරගෙ ප්‍රශ්නෙ. මේ හැමදේකටම පස්සෙ ආපස්සට බලද්දි මං මං ඉටුකරන්න ඕනි කිසිම භූමිකාවක් හරියට කරලා නෑ කියන දේ ඕනවටත් වඩා දැනෙනවා.

මං අම්මායි තාත්තයි වෙනුවෙන් මොකුත් කරලා නෑ. එයාලා අදටත් බිස්නස් එක්ක ඔට්ටුවෙනවා. එතකොට අයියා. ඌ මං හින්දා හැමදෙයක්ම ඉවසන්, කොටින්ම කිව්වොත් උගෙ කොල්ලටත් වඩා මං ගැන හිතහිත වදවෙනවා. සමීරට අච්චර ප්‍රශ්න වෙලා තියෙද්දි මං ඒව දන්නෙවත් ඈ. මෙහෙන් දෙනූ. මට එයා වෙනුවෙන් කිසිම දෙයක් කරගන්න පුලුවන් තත්ත්වයක් නෑ.. දැන් වෙනුර. මගෙ හොඳම යාලුවා. ඌ ජීවතුන් අතරද නැද්ද කියලාවත් මං දන්නෙ නෑ.

වෙනුරට එච්චරම ඉගෙනගන්න උවමනාවක් තිබ්බෙ නෑ. හිටියෙත් අම්මලා ගාව නෙවෙයිනෙ. නැන්දද ආච්චිද මන්දා කට්ටියක් ගාව. ඌ කැමති නෑ කවුරුත් ඌට අනුකම්පා කරනවට. ඒනිසා අපිත් එක්කවත් පවුලෙ ප්‍රශ්න කිව්වෙ නෑ. ඌ පොඩි පොඩි ජොබ් කළා ඒ කාලෙත්. දවසක් මං සල්ලි වගයක් දෙන්න අහලා උගෙන් හොඳ පාරකුත් කෑවා. එදයින් පස්සෙ මං ඒවා හාරාඇවිස්සුවෙ නෑ. වෙනුර ක්‍රිකට් ගැහුවා පොඩිකාලෙ ඉඳන්ම. ඌ ආස කරපු එකම දේ ක්‍රිකට්. ඒත් ඒ උගෙ හීනෙ කියලා මං දැනන් හිටියෙ නෑ. සනී කියපු කිසිම දෙයක් මං කලින් දැනන් හිටියෙ නෑ. එක්සෑම් එකෙන් පස්සෙ මං ගෙදර අස්සෙ රිංගන් ඉද්දි අපේ කනෙක්ෂන් අඩුවුනා. අන්තිමට කතාකරද්දි ඌ කිව්වා රට යනවා කියලා. හැබැයි ඉන් පස්සෙ කිසිම ආරංචියක් තිබ්බෙ නෑ. මාත් හිතුවා ඌ යන්නැති, කෝල් එකක්වත් නැත්තෙ බිසී හින්දා වෙන්නැති කියලා. උගෙ ඉන්ස්ටා එකේවත් කිසිම අප්ඩේට් එකක් නෑ. මං ලොකු හුස්මක් පාත දැම්මා. මට වැරදිකාරයෙක් වගේ දැනෙනවා.

ඒත් මේ ඕවා හිතන්න වෙලාව නෙවේ. මං ආවෙ දෙනූව බලන්න. එයාටත් හැමදාම ප්‍රශ්න. දුලීගෙ මිනිහා මේ හදිස්සියෙම ප්‍රාතර්භූත උනේ ඇයිද මන්දා. දෙනූ තනියෙන් තියන්න මට බයයි. ඒත් මොනව කරන්නද. දෙනූට විතරක් නෙවේ හෙට ඉඳන් මටත් ඉන්න තැනක් හොයාගන්න වෙයිද දන්නෙ නෑ. මට හිතෙනවා අම්මා මාව ගෙදරින් එලවයි කියලා. මං ආයෙත් හුස්මක් පාතට දැම්මා.

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now