හැට තුන්වෙනි පරිච්ඡේදය

1.1K 137 112
                                    

ඊයෙ රෑ සමීර ගියාට පස්සෙ මායි දෙනුයි තුරුලු වෙලා නිදාගත්තා. හැබැයි රෑ පුරා ම මං කල්පනා කළේ වෙන දෙයක් ගැන. ඒ එයාගෙ උපන්දින තෑග්ග. මට අයිඩියා එකක් ආවනෙ. ඒත් ඒක කොහොමද කරන්නෙ කියලා මං ගොඩක් කල්පනා කළා. ලස්සනට කරන්නත් ඕනි. මං දන්නවා දෙනූ ඔය පාර්ට් අරවට මේවට කොහොමවත් කැමති නෑ. ඒ නිසා මේ කරන දේ ලස්සනට කරන්න ඕනි.

ඒනිසා මං රෑම හිතින් අවශ්‍ය දේවල් ටික ප්ලෑන් කළා. උදේ දෙනූ ගියාට පස්සෙ නෙට් එක පුරාම සැරිසරලා දේවල් හොයලා, වැඩේ මගේ මොළේ ප්‍රමාණෙන් ප්ලෑන් කළා. දැන් මට ඉවසිල්ලක් නෑ එයාගෙ උපන්දිනේ එනකන්.

ඔය විදිහට දවස් දෙකක් නෝමලි ගෙවිලා ගියා. දෙනූ එයාගෙ වැඩ එක්ක සුපුරුදු ලෙසම බිසි උනත්, එයා වෙනදාට වඩා ගොඩක් cringy උනා. ඒක හරි ෂෝක්. මං එයාගෙ ඒ විදිහට ආසයි. ඒත් මට ඒ සතුට වැඩිය විඳින්න උනේ නෑ මොකද එයා ආපහු ඇනෙක්ස් එකට යන්න ඕනි කියලා කියපු නිසා. මුල් දවසෙ ටිකේ මං තරහ වෙලත් හිටියා. ඒත් පස්සෙ මට කරන්න දෙයක් තිබ්බෙ නෑ. එයාට බල කරන්න බෑනෙ. ඒ නිසා දිනයක් දාගෙන එයාව ආපහු ගෙනිහින් ඇරලන්න අපි තීරණය කළා. කලින් දවසෙ අපි ගිහිල්ලා ටිකක් අස්පස් කරලා, ඊලඟ දවසෙ එයාව යවන්න තීරණය කළා.

දෙනූ අපේ ගෙදර එද්දි ගෙනාපු බැගේජ් දෙකත් කාර් එකට දාගෙන, අයියයි මායි දෙනුත් එක්ක යන්න පිටත්වුනා. යනකන්ම මං එළිය බලාගෙන ගියේ. මොකද මට දුකයි. එයත් ගියහම මං ගොඩක් තනිවෙනවා. එයා වැඩත් එක්ක බිසී වෙද්දි මට හැම වෙලේම කෝල් කරන්න, මැසේජ් කරන්න වෙන්නෙත් නෑ. අනික හැමවෙලේම එහෙ ගිහින් එයාට වදයක් වෙන්නත් බෑ. මොකද උයන පිහන තැන ඉඳලා ඔක්කෝම දේවල් එයා තනියෙන් කරගන්න එපැයි ගෙදර වගේ නෙවෙයිනෙ. ඉතින් මං කොච්චරවත් යන එකෙන් එයාටමයි වදේ. ඔය දේවල් කල්පනා කරද්දි මගෙ හිතට දුකයි..

මං දන්නව ඒක නිකං මේ හෙනට දුක් වෙන්න හේතුවක් නෙවෙයි කියලා. ඒත් ආපහු එයාව තුරුලු කරන් නිදාගන්න වෙන්නෙ නෑ, එයා එනකන් මග බලන් ඉන්න වෙන්නෙ නෑ, එයාට කෝපි හදලා දෙන්න වෙන්නෙ නෑ.. ඔහොම හිතෙද්දි මට පට්ට දුකයි. ආපහු එයා ඈතට යනව වගෙයි දැනෙන්නෙ.

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now