හැත්තෑ හතරවෙනි පරිච්ඡේදය

937 100 112
                                    

ගෙදර එනවා කියන හැඟීම නිකන් මාව මරනවා වගේ. මං සියපාරක් නම් හූල්ලන්නැති. ගෙදර තත්ත්වෙ මොන වගේද කියන්න මං දන්නෙ නෑ. අම්මා මාව කන්න බලන් ඇති. මොනව කරන්න ද හිතාගන්න බෑ. පිස්සු හැදෙන්න වගේ. ඒත් දෙනූව මතක් කරලා මං හිත සැහැල්ලු කරගන්න උත්සාහ කරනවා. ඔක්කොටම කලින් අයියට කතාකරන්න ඕනි. ඊටපස්සෙ බලමු මොකද කරන්නෙ කියලා.

පැය කිහිපෙකට පස්සෙ මං ගේ ළඟට ආවා. ඇවිත් දෙනූට මගින්ම මැසේජ් එකක් දාලා තමා වාහනේ ගේට් එක ඇතුලට දැම්මෙ. එයාගෙන් සද්දයක්වත් නෑ. නිදි ඇති. එසේ මේසේ නැටුමක් නෙවෙයිනෙ ඊයෙ රෑ නැටුවෙ. ඒක මං කොහෙත්ම බලාපොරොත්තු උන දේකුත් නෙවෙයි. වෙන මගුල් ගැන හිතන එක නවත්තපං අජීනු. මේ අස්සෙ ඕකා නැග්ගොත් ආයෙ විසාල කරදරයක් වෙනවා.

මං කාර් එක පාර්ක් එකට දාලා ඇතුලට ගියෙ බයෙන් සැකෙන්. හැබැයි සද්දයක් බද්දයක් නොතිබ්බ නිසා ෂේප් එකේ ඇතුලට ආවා. අඩිය තිබ්බා විතරයි මෙන්න මේරි ඉන්නවා කොණක හොල්මනක් වගේ කොස්සකුත් උස්සන්. තව ඩිංගෙන් හුස්මත් ලෙප්‍ට්. මං මේරිටත් රවලා, පඩිපෙළ නැගලා කාමරේට සැපත් වුනා. මං ආපු ගමන් කරේ අයියට කෝල් කරපු එක. යුද්ද කරන්න කලින් යුදබිමේ තත්ත්වෙ දැනගන්න එපැයි.

"ඕයි අයියෙ, මං ආවා. කෝ මොකෙක්වත් නෑනෙ."

"අද මීටින්ග් එකක්. අම්මයි තාත්තයි දෙන්නම මෙහෙ. මීටිම ඉවරවුනාම මං ඇවිත් යන්න එනවා. ආවම කතාකරමු."

"ආ ඕකේ එහෙනම්."

අයියට කතාකරලා ඉවරවෙද්දි දෙනූ රිප්ලයි කරලා තිබ්බා. නොදැනුවත්වම මගේ මූණ ට හිනාවක් ආවා. ඊටපස්සෙ මං අයියා එනකන් පොඩි නැප් එකක් දාන්න හිතාගෙන ඇඳට පැන්නා. දන්නවනෙ ඉතින් මගේ නැප් ආයෙ එසේ මෙසේ නැප් නෙවෙයිනෙ. කෙලින්ම පැය ගානක් නින්ද ගියා ඊයෙත් හරියට නින්දක් නෑනෙ. ආයෙ ඇහැරුනේ අයියා කාමරේට ම ඇවිත් පයින්ගහලා ඇහැරියන් කිව්වහම.

"කෝ අම්මලා?" මං නිදිගැට කඩන ගමන් අහද්දි අයියා ඇඳෙන් ඉඳගත්තා.

"තව ටිකකින් එයි. ආන්ටිට කොහොමද?"

"දැන් ෂේප්."

"ම්ම්.."

"මං ගියාට පස්සෙ අම්මා කෑගැහුවද?"

"කෑගැහුවා නෙවේ බං යකා නැටුවා. මටත් බැන්නා. මේ සැරේ නම් උබට ලේසි වෙන්නෙ නෑ පුතෝ."

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now