හැට හතරවෙනි පරිච්ඡේදය

1.5K 134 91
                                    

මං දෙනූව ඇනෙක්ස් එකට දාලා ආවට පස්සෙ මට දැනුනෙ මගෙ ඇඟේ කෑල්ලක් නැතිවුනා වගේ. ගෙදර ආවට පස්සෙ මං බැරිම තැන එයාට කෝල් කළා. ඒ පැය දෙක තුන ඒ තරම් අමාරු උනා මට. නිදාගන්න ගියත් කවදාවත් නැතුව මගෙ ඇඳ නිකං විසාල වෙලා වගේ මට දැනුනා. මට පට්ටම පාලුවක් දැනුනෙ. මට කොහොමහරි නින්ද යද්දි එකටත් කිට්ටුයි.

උදේ ඇහැරුනත් කිසිම හොඳ ෆීලින්ග් එකක් ආවෙ නෑ. ඒක දැනගෙනමද මන්දා දෙනූ උදේම මට ටෙක්ස්ට් කරලා තිබ්බා.

"Good morning and have a beautiful day! ❤"

මං ඉස්සර කියනවා නේද එයා රොමෑන්ටික් වෙන්න දන්නෙ නෑ කියලා.. ඒකට දැන්. එයා නිකන් හැසිරෙන්නෙ ඉස්සර හිටියෙ එයා නෙවෙයි වෙන කෙනෙක් වගේ. මොනව උනත් එයා පට්ටම කියුට්. අර ඉස්සර ලෝකෙ ගිනිඅරන් වගේ ෆීලින්ග් එක්කින් හිටිය දෙනූ වෙනුවට ඕනම ප්‍රශ්නයක් මැද්දෙන් හිනාවෙන දෙනූ කෙනෙක් දැන් ඉන්නවා..

"Good morning babe. Have a nice day.! 😚❤️"

මගෙ මූඩ් එක ටිකක් improve උනා. ඊටපස්සෙ මං වොෂ් එකක් දාගෙන එහෙම දවස පටන්ගත්තා.

දැන් මං දවස් ගෙවන routine එක වෙනස් වෙලා. උදේ ඇහැරෙනවා, ජිම් යනවා, ගෙදර එනවා, ලන්ච් ගන්නවා, පොත් කියවනවා, මූවීස් බලනවා, ඩිනර් ගන්නවා, රෑට දෙනූත් එක්ක face time කතාකරනවා, නිදාගන්නවා.. සරලයි. හැබැයි පට්ටම බෝරින්ග්. තියන එකම හොඳේ වෙනදා වගේ voice call නැතුව video call ගන්න එක විතරයි. ඒත් හැම රෑකම එයාව තුරුලු කරන් නිදාගත්ත මට මේ ෆෝන් එකේ ඇබිත්තන් තිරෙන් බලලා වැඩක් නෑ. කෙනෙක් නොදැක ඉන්න එක ලේසියි. දැකලත් අල්ලන්න, කිස් එකක් දෙන්න, තුරුලු කරගන්න බැරි නම් ඒක තමා මේ අජීට නම් අමාරුම.

එයාත් පට්ටම බිසී. වෙලාවකට video call එකෙන්ම එයා වැඩ කරනවා, මං ඉතිං නිදාගෙන එයා වැඩ කරන දිහා බලන් ඉන්නවා. වෙලාවකට මට එහෙම්මම නින්ද යනවා. මං කල්පනා කළා ඔය long distance couples එහෙම කොහොමද ජීවත් වෙන්නෙ කියලා. අවුරුදු ගානක් ඇහින් නොදැක, ස්ක්‍රීන් එකෙන් විතරක් බලාගෙන ඒ මිනිස්සු කොහොම දරාගන්නවද කියලා.. ආදරේ කරන එක ලේසි නෑ සිරාවටම.

ආහ් කියන්න බැරි වුනානෙ. මගෙ කොණ්ඩෙ.. මේක බලු නකුට වගේ දික්වෙලා මලෞත්තක් වෙලා තිබ්බෙ. මේක කොටටම කැපුවොත් දෝණි මාව ඩිවෝස් කරයි කියලා බයට දිග පොඩ්ඩක් අඩු කරලා කට් එකක් ගැහුවා. ඒත් එහෙම ගොඩක් කැපුවෙ නෑ.. ටෞකන්ඩ ඒ මිනිහා රුපියල් තුන්දාහක් අරන් ලබ්බක් කරාද මන්දා අඟල් දෙකක්වත් කොණ්ඩෙ අඩුවෙලා නැද්ද කොහෙද. දෙනූගෙ මේ කොණ්ඩා ෆෙටිස් එක නැති උනා නම් මං අර හමුදා කට් එකක් ගහලා චිල් එකේ ඉන්නවා. හැබැයි පට්ට කැතට ඉඳියි. උපන් කැත අරින්න බෑනෙ සගෝ කොහොමත්.

හඹායමි ඔබව (SINHALA BL)जहाँ कहानियाँ रहती हैं। अभी खोजें