දහඅටවෙනි පරිච්ඡේදය

1.3K 171 18
                                    

කාලෙ හිමින් යන්න ප්‍රාර්ථනා කරද්දි ඉක්මනට යනව. ඉක්මනට යන්න ප්‍රාර්ථනා කරද්දි හිමින් යනව. ඔය කොහොම වෙතත් විභාගයක් තියනව නම් කාලෙ යන්නෙ කටු කඩාගෙන. දින,සති,මාස යද්දි විභාගෙ එන්න එන්න ළංවුනා. මං ගොඩක් මහන්සි වුනා ඇත්තටම. ගෙදර හැමෝම මට උදව්කලා. අම්ම පවා වෙනදට වඩා වෙලාව අරන් මං ගැන හොයල බැලුවා.

දේවල් කොච්චර ටෆ් උනත් මං හිටියෙ සතුටින්. මේ ලැබෙන ආදරෙයි, අවධානෙයි මට වැඩිත් එක්ක.

ඒ අතරෙ දෙනුයි මායි ගොඩක් ක්ලෝස් උනා. අපි නිතරම මැසේජ් කලා. කෝල්ස් නම් ගත්තෙ නෑ. දෙනූ අයියට කතාකලොත් අහන්නෙම මං ගැන. ගෙදර ප්‍රධාන මාතෘකාව මං වෙලා තියෙන්නෙ. මං හැමවෙලාවකම දෙනූට මං එයා වෙනුවෙන් ඉන්නව කියන එක ඇඟෙව්ව. එයා අර බොරු perfect character එකෙන් පිටට ඇවිත් මාත් එක්ක සැහැල්ලුවෙන් කතාකලා. එයාට නිදාගන්න බැරි නම්, ඔලුව කැක්කුම නම් එයා මට කිව්වා.. මං මහ මිනිහෙක් වගෙ එයාට උපදෙස් දුන්නා. මං හිතන්නෙ අපි මීට මාස ගානකට කලින් හිටියට වඩා ගොඩක් වෙනස් වෙලා.. මං ඒ වෙනසට කැමතියි... මං මේ ගෙවෙන හැම තප්පරේකටම ආදරෙයි.

මං හිටියෙ පැය තුනක් තිස්සෙ එකදිගට පාඩම් කරකර. පොලිටිකල් වල පාඩමක්ම පාඩම් කරල ඉවර කරන එක ලේසි නෑ. ඒත් මං කොහොමහරි කළා. දැන් නම් පස්සත් හිරිවැටිලා වගේ. අද අම්මා ගෙදර. හිතන්නවත් පුලුවන්ද.. එයා දැන් ටිකක් වැඩිපුර ගෙදර ඉන්නව.. ටිකකට කලිනුත් මට කෝපි එකක් හදල ගෙනත් දුන්නා.. මට හරි සතුටුයි. මං මග් එකත් අරන් එළියට ආවා. එකදිගට ම පොත් දිහා බලන් ඉන්න එකත් ලේසි නෑ.. අන්තිම හරිය වෙද්දි මට නිකන් කැරකිල්ලට වගෙත් ආව.. කවද කාපු ටකරංද..

මං කුස්සියට ආව අම්ම හොයාගෙන. එද්දි අම්මයි අයියයි බර කයියක්. වට්ස් ද ප්‍රොබ්ලෙම්..

"දැන් දෙනූ ඔහොම්ම යනව කිව්වද?"
"නෑ අම්මෙ, එයා නිවාඩු දාලා, ඔක්කොම ලෑස්ති කරන් හෙටම යනව කිව්වා. "
"අපිටත් යන්න වෙයි නේද පුතේ?"
"අම්මල පස්සෙ එන්න. මායි, පොඩියි යන්නම්."
"මල්ලිගෙ ක්ලාසස් මිස් වෙයිද?"
"ඕක මොකද්ද .. කොහොමත් මූ දෙනුවන්ට ආදරෙයිනෙ. ඒ නිසා අපි එපා කිව්වත් එයි."
.
.
.

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now