විසිහත්වෙනි පරිච්ඡේදය

1.4K 169 48
                                    

මේ වෙලාවෙ කවුරු කඩාපාත්වුනාද කියලා කල්පනා කරද්දිම එළියෙන් කෑගහන අයියගෙ කටහඬ ඇහුනෙ. කවදාවත් නැති තරම් කේන්තියක් ඒ කටහඬේ තිබ්බෙ. බොරු කියන්න ඕනි නෑනෙ.. මගෙ හිතත් පොඩ්ඩක් ගැස්සුනා. ඔක්කොටම වඩා දැන් මෙතන දෙනුත් ඉන්නවනෙ.. මං එයා දිහා බලද්දි එයාට දාඩියත් දාලා.. එයත් ඉන්නෙ ටිකක් තිගැස්සිලා. අනික අපි දෙන්නට නිකන් අර අම්මලට අහුවුන ඉස්කෝලෙ කාලෙ කපල් ඒක වගේ ෆීලින්ග් එකක් ආවෙ.

"පොඩී!! මං ආයෙ කියන්නෙ නෑ.! මට ලයිට් එළිය පේනවා!"
අයියා කෑගහනවා.. මේ පගයට අද මක් වෙලාද. අන්තිමට ම ඔහොම කෑගැහුවෙ මං හොරෙන් බීල අහුවෙච්ච දවසෙ..

"දොර අරින්න පොඩී." ඒ අස්සෙ දෙනුත් රහසින් කියනව.
"ඔයා මොකෝ මෙහෙ ඇහුවොත්? ඔයා අයියට කිව්වද එනව කියලා?"
"නෑ කිව්ව නම් ඔයාට කියනවනෙ. එතකොට ඔයා මගාරිනවනෙ."
"මල උට්ටයි."

දෙනූ මට රැව්වා. මේක රව රව ඉන්න වෙලාවක් නෙවේ. අයියා ඉනිමගක් ගෙනත් වහලෙන් බහින්න කලින් මං ඉක්මනට ගිහින් දොර ඇරියා.

"ටහුක්-"

අයියා නිකං දොර උඩ නැගගෙන හිටියා වගේ කාමරේ ඇතුලට විසිවුනා. සැක්. ලැජ්ජාවෙ බෑ. ඌ අමාරුවෙන් උලුවස්ස අල්ලන් හිටගෙන මං දිහා මරුමුස් විදිහට බැලුවා. යකෝ දොර වහන් හිටියත් වැරදියි, ඇරියත් වැරදියි. රනිල්ගෙ ආණ්ඩුව වගේ උනානෙ මේක.

ඊටපස්සෙ තමා ඌ මට පිටිපස්සෙන් හිටිය දෙනූව දැක්කෙ. එතකොට උගෙ කේන්තිය පොඩ්ඩක් නිවුනා.
"උබ මොකද බන් මෙහෙ?"
"මං මේ පොඩීට පාඩම් ටිකක් කියාදිදී හිටියෙ."
"කැහ් කැහ්.." මට කැස්සකුත් ආවා. යකූ මූ මට පාඩම් කියාදුන්නා කියලද කිව්වෙ. එක, මූ කලේ කොමස්. දෙක මේ පාන්දර එකට ඇඳුමක්වත් මාරු නොකර පණදාගෙන පාඩම් කියාදෙන්න මොකෝ හෙටද ඒලෙවල් තියෙන්නෙ..

මගේ කැස්සට දෙනූ අයියට හොරෙන් මට රවලා ආයෙ අයියා දිහා බැලුවා. හැබැයි අයියා නම් ඒක විශ්වාස කළාද කොහෙද. දෙනූ කොහොමත් ජීනියස් නිසා ඌ කාටහරි බයෝ ඉගැන්නුවා කිව්වත් අයියා පුදුම වෙන එකක් නෑ. බලන්න ඉතිම්..

"එහෙමද උබ මට එනවවත් කිව්වෙ නෑනෙ."
"ආ මමං කෝල් කරා. උබේ ෆෝන් එක ඕෆ් තිබ්බෙ.."
"ඕෆ්? මං ඕෆ් කලේ නෑනෙ බං."
"බැට්‍රි ඩෙඩ් උනාද දන්නෙ නෑනෙ.."

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now