පනස් තුන්වෙනි පරිච්ඡේදය

1.1K 143 114
                                    

අවිවේකී සිතුවිලි යුද්ධෙකින් පස්සෙ අහස දිහා බලද්දි මට ලොකූ තනිකමක්, හිස්තැනක්, පසුතැවීමක් දැනෙන්න ගත්තා.. මඟඇරුනු කාන්දම් ඇස් දෙකක් තරු එළිය මැද්දෙන් නිවී නිවී පත්තුවෙනවා මැවිලා පේද්දි තනිකම, හිස්තැන මොකද්ද කියන්න මට නොතේරුනේ නෑ. මේ බැල්කනියෙ තවදුරටත් මට තනියෙන් ඉන්න බෑ..

වෙලාව දහයත් පහුවෙලා.. මං හෙමින් පඩිපෙළ බැහැලා ගෙස්ට් රූම් එක ගාවට ගියා. එයා සාමාන්‍යයෙන් දොර ලොක් නොකරන බව දන්න නිසාම මං සැකයක් නැතුව දොර ඇරියා..

දොර ඇරියහම මං ඇස් ඉස්සරහට ආවෙ මගෙ ජීවිතේ මං ආසම දර්ශනයක්. නයිට් ලෑම්ප් එකේ ළා කහ එළියෙන් සුදුපාට බෙඩ් ෂීට් එකේ ගුලිවෙලා ඉන්න එයාව පෙනුනෙ දේවදූතයෙක් වගේ.. පුදුම ලස්සනක්.. ආත්මෙම ඇවිලුව ඕන ගින්නක් නිවෙනව ඒ ඉස්සරහ.

එයාගෙ කාන්දම් ඇස් තදට පියවෙලා. දිග ඇහිපිය ඇහැ යටින් පහළට බරවෙලා.. එයාට එච්චර දිග ඇහිපිහාටු තියනවද බලන්න මං ඇඳෙන් ඉඳගෙන මූණ ට ළංවෙලා බැලුවා. මගෙ හුස්ම වැදිලා ද මන්දා එයා ළාවට වගේ ඇහැරුනා. මං ඉක්මනට එහාට වෙලා එයාගෙ පිටට තට්ටු කරන ගමන් ඇඳේ මෙහාපැත්තෙන් ඇලවුනා. මං හිටියෙ එයාගෙ පිටට පපුව හේත්තු කරන්. එයා පොඩ්ඩක් ඇඹරිලා මගේ පැත්තට හැරුනා.. මේක පුදුම නින්දක්නෙ.. ඒ ඩිංගට ඇහැරුනාද..

"කොහෙදහිටියෙමංබලන්හිටියා.."

එයා මොකද්ද මුණු මුණු ගාලා මගෙ බෙල්ල අස්සෙ මූණ ගහගත්තා. මං කන්පියුස් උංගා බුංගා වෙලා ටිකක් වෙලා ඉඳලා එයාව තව ටිකක් තුරුලු කරගත්තා.. මේකාට හුස්ම ගන්න පුළුවන්ද දන්නෙ නෑ නහයත් එක්ක මගෙ බෙල්ලෙ ඇනිලා චොප්ප වෙලා තිබ්බෙ.. එයාගෙ සියුම් හුස්මවල් වැදෙද්දි මට කිචි වගේ. ඒත් දඟලන්නත් බෑනෙ. ඒනිසා අමාරුවෙන් හිටියා.

ඉතිං දහසක් දේවල් නෙවේ සිය දහසක් දේවල් උනත්, දවසෙ අන්තිමට ආදරේ කරන්න මනුස්සයව අත් අතරෙ හිරකරන් නිදාගන්න ලැබෙනවා කියන එකම මට ඇති.. I don't know what I'm gonna do with you. You kill me and heal me at same time.
________________________________________

ඊලඟ දවසෙ මං ඇහැරෙද්දි දෙනූ වැඩට යන්න ලෑස්ති වෙලත් ඉවරයි. එයාට වැරදිලා පුටුවෙ හැප්පුනේ නැත්තන් මට ඒත් ඇහැරෙන්නෙ නෑ. අර කාමරේ ඉන්න පෙරේතයා පහළ තට්ටුවටත් බැහැලද මන්දා. මල උට්ටයි.

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now